IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකන් බන්ධනාගාරයේදී ඇෆ්ගන් රැඳෙවියන්ට වධ හිංසා

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා පාලනය යටතේ කි‍්‍රයාත්මක බන්ධනාගාරයක රැඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනවලට ලක්වන්නේ යැයි ඇෆ්ගන් පරීක්ෂණ කොමිසමක් චෝදනා කරයි. කාබුල් නුවර බග්රාම් හමුදා කඳවුරේ පිහිටා ඇති බන්ධනාගාරයේ රැුඳෙවියන් එසේ වධ බන්ධනවලට ලක්වන බව පැවැසේ. එය ඇෆ්ගනිස්තානයේ ප‍්‍රධාන පෙළේ බන්ධනාගාරයකි. ඇමෙරිකා හමුදාව විසින් ජීවග‍්‍රහයෙන් අල්ලා ගනු ලැබූ තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් රඳවා ඇත්තේ ද මෙම බන්ධනාගාරයේය. කිසිදු චෝදනාවක් නැතිව නඩු විභාගයකින් ද තොරව බොහෝ දෙනකු බන්ධනාගාරයේ රඳවා සිටින බවට ද ඇෆ්ගන් පරීක්ෂණ කොමිසම චෝදනා එල්ල කරයි. එම පිරිස මෙන්ම තලේබාන් සහ අල් කයිඩා රැඳෙවියන් ද නිරන්තරයෙන්ම නොයෙක් නොයෙක් කුරිරු වධ බන්ධනවලට ලක් කෙරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන තමන් සොයා බැලූ අවස්ථාවේදී එය සත්‍යයක් බව තහවුරු වූ බවත් පරීක්ෂණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි. එම චෝදනා එල්ල වීමත් සමඟම ඇෆ්ගන් ජනාධිපති කර්සායි ඇමෙරිකන් හමුදාවට බලකර ඇත්තේ මාසයක කාලයක් ඇතුළතදී බන්ධනාගාරයේ පාලනය ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරන ලෙසටය.  කෙසේ නමුත් එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා රජය හෝ ඇමෙරිකා හමුදාව හෝ මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කොට වසර 10 කට ආසන්න කාලයක් ගතවී ඇත. ඇමෙරිකා සහ නේටෝ ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට නියමිතව ඇත්තේ 2014 වසරේදීය. ඒ, ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දීමෙන් ද අනතුරුවය.  ඇෆ්ගන් පරීක්ෂණ කොමිසම ඇමෙරිකා හමුදාවට චෝදනා කරමින්



අදහස් (0)

ඇමෙරිකන් බන්ධනාගාරයේදී ඇෆ්ගන් රැඳෙවියන්ට වධ හිංසා

නුවන් Thursday, 12 January 2012 10:15 AM

අපේ රටේ යුධ අපරාධ සිදුවුණා කියලා තවම ඇමෙරිකාවට පුදුම හිතේ අමාරුවක්නෙ තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site