IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ කතා කිරීම කාලය නාස්ති කිරීමක්‘‘

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීම කාලය අපතේ හැරීමක් වනු ඇතැයි දේශගුණික විපර්යාස ක්‍රියාකාරිණී ග්‍රේටා තන්බර්ග් පවසයි.

එම මාතෘකාව සම්බන්ධව ඇමරිකානු ජනාධිපතිවරයා මෙතෙක් කිසිම අවධානයක් නොදැක්වීම හේතුවෙන් ඇය එසේ පවසා තිබේ.    

ග්‍රේටා මේ බව පවසා සිටියේ බීබීසී ගුවන්විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

තමාට එරෙහිව සිදුකරන පෞද්ගලික පහරදීම් විහිළුවක් ලෙස සලකන බවත් සාමාන්‍ය ජීවිතයක් කරා ආපසු යාමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

"ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රවීණයන්ට සහ විද්‍යාඥයින්ට ඇහුම්කන් නොදෙන නිසා මම ඔහුට කිසිවක් නොකියන්න තීරණය කළා. ඉතින් මම බොහෝවිට කිසිවක් නොකියනු ඇති.

මගේ කාලය නාස්ති නොකරනු ඇති." ඇය පැවසුවාය.

බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සනාරෝ වරක් ඇයව හඳුන්වා තිබු‍ණේ "කොලු පැංචෙකු" ලෙසයි.

ඇමරිකානු ජනපතිවරයා ට්ටිටර් පණිවිඩයකින් පවසා තිබුණේ ග්‍රේටාගේ කෝපය පාලනය කිරීමේ ගැටලුව සම්බන්ධව අවධානය යොමු කළයුතු බවයි.

"මේ ප්‍රහාර විහිලු සහගතයි. මන්ද ඒවා පැහැදිලිවම කිසිවක් අදහස් නොකරන නිසා. තරුණයින් වෙනස් දෙයක් කිරීම ගැන ඔවුන් භීතියට පත්වෙලයි ඉන්නේ. නමුත් එය ඇත්ත වශයෙන්ම අප යමක් කරන බවටත් අප ඔවුන්ට යම් ආකාරයක තර්ජනයක් බවටත් සාක්ෂියක්." ග්‍රේටා පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (2)

‘‘ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ කතා කිරීම කාලය නාස්ති කිරීමක්‘‘

රවින් Tuesday, 31 December 2019 01:20 AM

කෙල්ල පුංචි උනත් මසුරන් කියමනක්. පිස්සු කෙලින වයසක දේශපාලුවෝ තරුණ පරපුරට බයයි. ඔවුන්ගේ සිතිවිලිවලට බයයි. ඒ හින්දා තමා ඔවුන්ගේ මනස විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය , විවිධ ඖෂද ලෙස හැඳින්වෙන පාන වර්ග ලෝකයට ඉදිරිපත්කරන්නේ............වයසින් මුහුකුරා ගියත් ලෝක යථාර්තය වන හැමදෙනාම සාමයෙන් මේ ලොව ජීවත්විය යුතු බව පිළිනොගන්නේ ඇයි ? ඇයි අයගේ පැවැත්ම ගැන පමණක්ම සිතන්නේ ?

:       1       8

විජිත් Tuesday, 31 December 2019 08:43 AM

ග්‍රේටා දුවේ, ඔය ට්‍රම්ප් කාරයාට ඕවා තේරෙන්නේ නැහැ.අනික ට්‍රම්ප් කියන්නේ ලෝකයම නොවෙයි.(.හැබැයි එයා හිතාගෙන ඉන්නේ එහෙමයි.) මේ ලෝකයේ සියලුම තරුණ තරුණියන් පමණක් නොවෙයි වැඩිහිටියන් ලක්ෂ ගණනක් ඔබ සමගයි. ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත. හිටපු පරම්පරාවත් අද ජිවත්වන පරම්පරාවත් විසින් අපරික්ෂකාරි ලෙස විනාශ කරපු අපේ මේ පෘථිවියේ " පරිසරය " ඒ විදහටම, පරිසර හානියට වගකිවයුතු අය බාරදෙන ලෙසම පිළිගන්න ඔබ වැනි අලුත් පරම්පරාව ලැහැස්ති නැහැ.එහෙම විනාශ කරපු ලෝකයක් අලුත් පරම්පරාවට බාර දෙන්න " නාකි " පරම්පරාවට කිසිම අයිතියකුත් නැහැ. සුබ පැතුම් ! ඒ වගේම ඔබටත් මේ ලෝකයේ සියලුම පරිසරවේදින්ටත්, පොදුවේ සකල ලෝකවාසින්ටත් වාසනාවන්ත 2020 සුබ නව වසරක්ම වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site