බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
මේ වසරේ තෙවැනි කාර්තුවේදී යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය ඉක්මවා ගොස් තිබේ. මීට දශකයකට පෙර යුරෝපා කලාපයේ මූල්‍ය වෙළෙඳපොළවල සිදු වූ කඩා වැටීමට පසු එම කලාපයේ වාර්තා වූ හොඳම වසර මෙයයි.
යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ජර්මනිය වුව ද කලාපයේ අලසයකු ලෙස හැඳින්වෙන ඉතාලිය ද යම් පෙරළියක් පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
‘යූරෝ දත්ත’ (යූරෝස්ටැට්) යුරෝපා සංගමයේ නිල දත්තවලට අනුව යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලයේදී ඊට පෙර කාර්තුව සහ ඊට පෙර වසරේ එම කාලය සැසඳීමේදී සියයට 2.5කින් වර්ධනය වී තිබේ.
පසුගිය වසර හා සැසඳීමේදී එය ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ධනයට වඩා සියයට 2.3ක වර්ධනයක් වන අතර කෙසේ නමුත් කාර්තුවක වර්ධනය හා සැසඳීමේදී යුරෝපා කලාපයේ 0.7ට වඩා තරමක් ඉදිරියෙන් සිටීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත්ව ඇත.
“මේ වසර යුරෝපා කලාපය 2017 වසරෙන් පසු ගත කරන හොඳම වසරයි. දළ දේශීය නිෂ්පාදිතය අතින් යුරෝපා කලාපය මේ වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පසු කර යාවි” යැයි ආර්ථික විද්‍යාඥ බර්ට් කලින් පවසයි.
2007 වසරේදී යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.3කි. එය 2010 වසරේදී සියයට 2.1ක අගයක් 2015 වසරේදී කලාපයේ ආර්ථිකය වර්ධනය වූයේ ද සියයට 2.1ක අගයකිනි.
055
2025 දෙසැම්බර් මස 18
422
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික වර්ධනයෙන් යුරෝපය ඉදිරියෙන්