IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා ආර්ථිකවේදීන් දෙදෙනකුට

ස්ටොක්හෝම්හිදීය (රොයිටර්)

මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබල් ත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු අතර බෙදී ගියේය.

පාරිසරික කරුණු සහ තාක්ෂණයේ ප්‍රතිලාභ බෙදා ගැනීම යන කරුණු දෙක කෙරෙහි අවධානය යොමු කළ බටහිර ආර්ථික සංවර්ධන මොඩලයක් ඉදිරිපත් කිරීම යන කරුණ මුල් කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ විලියම් නෝඩස් සහ පෝල් රෝමර් එසේ නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඔවුහු නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය ලැබීමට සුදුස්සෝ වූහ.

දීර්ඝකාලීන සහ තිරසර සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීමේදී ඇතිවන මූලික ප්‍රශ්නවල පිළිතුරු ඉදිරිපත් කිරීම ද ඔවුන්ට නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය හිමිවීමට හේතු වූ බව මෙවර නොබෙල් ආර්ථික විද්‍යා තයාගයේ හිමිකරුවන් කවුදැයි අනාවරණය කරමින් ස්වීඩන රාජකීය විද්‍යා ඇකඩමිය ඊයේ (8) නිවේදනය කළේය.

පෝල් රෝමර් ඇමෙරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ස්ටර්න් ව්‍යාපාර පාසලේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු දැනුම සහ මානව ප්‍රාග්ධනය තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අයෙකි.

විලියම් නෝඩස් යේල් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු වන අතර හෙතෙම ආර්ථිකය සහ දේශගුණය අතර අන්තර් සබඳතාවක් තිබෙන බවට ප්‍රමාණාත්මක මොඩලයක් නිර්මාණය කළ පළමු තැනැත්තාද වේ.

055



අදහස් (0)

ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා ආර්ථිකවේදීන් දෙදෙනකුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site