IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආර්ථික මොඩලය අසාර්ථ වෙලා - වෙනිසියුලා ජනාධිපති

 

 

කැරකස්හිදීය (රොයිටර්)

 

තම ආර්ථික මොඩලය අසාර්ථක වී ඇතැයි වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ පවසයි. 

 

මේ වනවිට වෙනිසියුලාවේ ආහාර සහ ඖෂධ හිඟයක් ද ඇති වී තිබෙන අතර රාජ්‍ය සේවා සියල්ල අඩපණ වී තිබේ. වෙනිසියුලාවේ අඟහරුවාදා (1) විදුලිබලය බිඳවැටීමෙන් කැරකස් අගනුවර සියයට 80කට ආසන්න පිරිසක් පීඩවට පත්වීමෙන් එරට අර්බුදය පැහැදිලිව පෙන්නුම් කෙරේ. 

 

“අප මෙතෙක් උත්සාහ කළ නිෂ්පාදන ආකෘති සියල්ල අසාර්ථකයි. එහි වගකීම අපේ, මගේ සහ ඔබගේ” වෙනිසියුලාවේ පාලක පක්ෂය වන පී.එස්.යූ.වී පක්ෂ කොංග්‍රස් සම්මේලනයේදී අදහස් දක්වමින් මදුරෝ එම කරුණු කීය. 

 

වෙනිසියුලාවේ උද්ධමනය නිදන්ගත තත්ත්වයකට පත්ව තිබෙන අතර මේ වසරේදී වෙනිසියුලාවේ උද්ධමනය සියයට මිලියනක ප්‍රතිශතයකට ළඟා වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ. 

 

“කන් කෙඳිරි ගෑවා ඇති. බාහිරින් පැමිණෙන ආක්‍රමණ ඇතිව හෝ නැතිව අපි නිෂ්පාදනය කළ යුතුයි. අවහිරතා ඇතිව හෝ නැතිව නිෂ්පාදනය කළ යුතුයි. අපි වෙනිසියුලාව ආර්ථික බලවතෙක් කළ යුතුයි” යැයි මදුරෝ කීවේය. 

 

“තවදුරටත් මැසිවිලි නැහැ. මැසිවිලි බැහැ. සහෝදරවරුනි, මට විසඳුම් ඕනේ” මදුරෝ පැවැසීය. 

 

055

 



අදහස් (0)

ආර්ථික මොඩලය අසාර්ථ වෙලා - වෙනිසියුලා ජනාධිපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site