ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය.
අගමැති බර්ලූස්කෝනීගේ ඉල්ලා අස්වීමත් සමඟ දහස් ගණනින් ඉතාලි වැසියෝ රෝම අගනුවරට එක්රොක් වී පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ස්තී‍්‍රලෝලී බර්ලූස්කෝනී නරුමයකු බව පවසමින් විරෝධතාකරුවෝ ‘ඉතාලිය දිනේවා’, සහ ‘ඉතාලි ජනතාවට ජයග‍්‍රහණය හිමිවුණා’ යැයි කියමින් කෑ ගසන්න වූහ. පී‍්‍රතියට පත් වූ ඇතැමුන් සවුදිය පුරනු ද දැකිය හැකි විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ රෝම අගනුවර සැණකෙළි සිරියක් ගත් බවය. ඉතාලිය, පා පන්දු ලෝක කුසලානය දිනූවිට පී‍්‍රතිවන අයුරින් ඉතාලි වැසියෝ බර්ලූස්කෝනීගේ නික්ම යෑම ගැන පී‍්‍රතිය පළ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
වසර 17 ක් තිස්සේ ඉතාලියට නායකත්වය දුන් බර්ලූස්කෝනීට අපවාද චෝදනා රැසක් එල්ල වී තිබේ. හැත්තෑපස් හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාවක් වන්නේ ළාබාල ගණිකාවන් ඇසුරු කිරීමත් එම ගණිකාවන් වෙනුවෙන් රජයේ ප‍්‍රතිපාදන වැය කිරීමත්ය.
බර්ලූස්කෝනීට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඉතාලි විපක්ෂ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් නමුත් එම සෑම චෝදනාවකින්ම ගැලවීමට බර්ලූස්කෝනී සමත් වූයේය. සියලූ අභියෝග හමුවේ නොසැලී සිටිය ද අවසානයේදී ඉතාලිය මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ පරාජයවී බර්ලූස්කෝනීට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බව ඉතාලි පුවත් පත් වාර්තා කර තිබුණි.
ඉතාලිය මෙන්ම යුරෝපා රටක් වන ගී‍්‍රසියේ ද මේ අයුරින්ම දේශපාලන පෙරැළියක් පසුගිය සතියේ සිදුවිය. එහිදී ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මේ වනවිට ගී‍්‍රසියේ නව රජයක් පිහිටුවා තිබේ.
පසුගිය සතිය පුරාම බර්ලූස්කෝනි එක දිගටම අර්බුද රැසකට මුහුණ දුන්නේය. ඔහුට ඉතාලි පාර්ලිමේන්තුවේ බහුතර බලය ද අහිමි විය.
යුරෝපා සංගමයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ලබා ගැනීමට ඉතාලි පාර්ලිමේන්තුව කැමැත්ත පළ කිරීමත් සමඟ බර්ලූස්කෝනී, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ සමඟ සාකච්ඡා කොට ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය.
බර්ලූස්කෝනී පෙරේදා (12) සවස ඉතාලි ජනාධිපති නැපෝලිටානෝ හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුට නිල වශයෙන් බාර දුන් අවස්ථාවේ ද රෝම අගනුවර පිහිටි ජනපති මන්දිරය ඉදිරිපිට බර්ලූස්කෝනී විරෝධීහු දහස් ගණනින් රැස්ව සිටියහ. විරෝධතා පුවරු අතැතිව සිටි එම පිරිස බර්ලූස්කෝනී ජනපති මන්දිරයෙන් එළියට එද්දී පරුෂ වචනයෙන් බැණ වදින්න වූහ. ධුරයෙන් ඉවත් වී මාධ්‍ය හමුවක් පවත්වමින් බර්ලූස්කෝනී කියා සිටියේ ජනපති මන්දිරයෙන් පිටවී යද්දී තමාට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවූ බවය.
ඉතාලියේ නව අන්තර්වාර අගමැති ලෙස ප‍්‍රවීණ දේශපාලනඥයකු, ආර්ථික විශේෂඥයකු මෙන්ම යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා ද වන මාරියෝ මොන්ටී පත් කිරීමට ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ තීරණය කර ඇත.
ඊයේ (13) පිහිටවූ ඉතාලි නව රජයේ මෙන්ම නව අගමැතිවරයාගේ ද ප‍්‍රධානතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. එහෙත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බවත් එය මහත් අභියෝගයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
400
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2178
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ