ලොව ප‍්‍රකට පුද්ගලයින්ගේ දරුවන්ගේ ආරක්ෂාවට අයාවරුන් පුහුණු කරනපාසලක් ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයේ සමර්සෙට් ප‍්‍රාන්තයෙනි.
1982 දී ආරම්භ කර ඇති මේ පුහුණු ‘‘නොර්ඞ්ලන්ඞ්‘‘ නම් මේ පුහුණු පාසලේ මේ වන විට ආයාවරුන් 7000 ක් පමණ පුහුණුව ලබා ඇති බව සදහන්ය.පුහුණුව සාර්ථකව අවසාන කරන්නවුන්ට උපාධියක් ප‍්‍රදානය කැරේ.
ප‍්‍රධාන වශයෙන් ලොව ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ පවුල්වලට පැපරාසි කැමරාකරුවන් වැන්නවුන්ගෙන් එල්ල වන කරදර හිරිහැර මැඩ පැවැත්වීමට මේ ආයාවරුන් පුහුණු කිරීම සිදුවේ.මේ විශේෂ පුහුණුවට අධි වේගයෙන් රිය පැදැවීම,ආත්මාරක්ෂක සටන් කලා වැනි අංගයන් ඇතුළත්ය.
සොරුන්,ගෙවල් බිදින්නන් ආදී අපරාධකරුවන් මැඩපැවැත්වීමද මේ විශේෂ පුහුණුවට ඇතුලත්ය. මේ සියල්ල තිබියදී ආහාර පිසීම,නිවෙස් පිරිසිදු කිරීම ආදී ආයාකෙනෙකුගේ ‘‘සාමාන්‍ය‘‘ රාජකාරි මේ ‘‘විශේෂ‘‘ ආයාවරුන්ට කළ නොහැකි වේයැයි කිසිවෙකුත් සිතිය යුතු නැත.ඒ නොර්ඞ්ලන්ඞ් ආයතනය ඒ කටයුතු වලටත් මේ ආයාවරුන් පුහුණු කිරීම සිදු කරන බැවිනි.
මේ ආයතනයෙන් පුහුණුව ලබා ඇති ආයාවරුන්ට ඉහළ පැළැන්තියේ පවුල් අතර හොද ඉල්ලූමක් තිබෙන බවද සදහන්ය.
COMMENTS
ඒකෙන් මේකෙන් මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවෝ ටිකට බඩේ පාර වදීද ? (ස)
දුප්පත් කමට අසරණ කමට කාන්තාවන් ධනවතුන් ළඟ, බලවතුන් ළඟ ආයකම් කරද්දි එවැනි පුහුණුවක් ලැබීම නම් වැදගත්. ඒ සමගම ආත්ම ආරක්ෂාව පිළිබදවද පුහුණුවක් ලබා දිය හැකි නම් වඩාත් යෝග්‍යයි. (ස)
මේ වගේ පුහුණුවක් අපේ මැද පෙරදිග යන කාන්තාවන්ට දෙනවා නම්, අර රිසානා වගේ අය මැද පෙර දිග රටවලදී මැරෙන්නේ නැහැනේ (නි)