IMG-LOGO

අල් කයිඩා සටන්කාමීහු යේමන සෙබළුන් 73 දෙනකු මුදා හරිති

අල්ලා ගෙන සිටි යේමන හමුදා සෙබළුන් 73 දෙනකු නිදහස් කිරීමට යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ඊයේ (30)  පියවර ගත්තේය. යේමන රජය ඔවුන්ට එරෙහිව සටන් වදින්නේ ඇමෙරිකා හමුදාවේ සහ සී.අයි.ඒ. බුද්ධි අංශවල සහාය ඇතිවය. මුදා හරින ලද එම හමුදා සෙබළුන් සටන්කාමීන් විසින් අල්ලා ගනු ලැබ ඇත්තේ දකුණුදිග යේමනයේ අබ්යාන් පළාතේ පැවැති සටන්වලදී යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. යේමන රජය පවසා සිටියේ හමුදා සෙබළුන් 185 දෙනකු අල් කයිඩා සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ සිටි බවය. සෙසු පිරිස සටන්කාමීන් අතින් ඝාතනයට ලක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල තත්ත්වයකට ඇද වැටී ඇති නමුත් යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් දිනෙන් දින ශක්තිමත් වන බව ඇමෙරිකා එෆ්.බී.අයි. ආයතනයේ ප‍්‍රධානී රොබට් මුලර් පවසයි.



අදහස් (0)

අල් කයිඩා සටන්කාමීහු යේමන සෙබළුන් 73 දෙනකු මුදා හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site