ඇමෙරිකාවට පහර දී, ආර්ථිකමය වශයෙන් එරට අඩපණ කිරීමට තමන් පියවර ගන්නා බව අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය පෙරේදා (12) අනතුරු ඇඟවීමක් කළේය.
අල් කයිඩා නායක අල් සවාරී එම අනතුරු ඇඟවීම කළේ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයේ 12 වැනි සැමැරුම් පැවැත්වෙද්දීය.
අල් සවාරි, ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ අන්තර්ජාලය හරහා වීඩියෝ දසුන් පෙළක් ප‍්‍රසිද්ධ කරමිනි.
මිනිත්තු 72 ක එම වීඩියෝ දසුන් පෙළ ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කළ ඇමෙරිකා ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (13) එය එරට මාධ්‍යවලට ලබා දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇමරිකාවට ගහලා ආර්ථිකය අඩපණ කරන්න එපා. අපේ රටේ බඩු මිල වැඩිවෙයි. (ස)
ඉල්ලාගෙන කන්න හදනවා වගෙයි (නි)