IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල් කයිඩාවට එරෙහි සටනේදී හමුදා නොයවා සහාය දෙනවා

ඇමෙරිකාවේ මිතුරකු වන  ඕනෑම රටකට අල් කයිඩාවෙන් තර්ජනයක් එල්ල වේ නම්, එය මැඬලීමට දහස් ගණනින් ඇමෙරිකා හමුදා භටයන් නොයවා සහාය දීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
අල් කයිඩාව ඇමෙරිකාවේ ‘සතුරා’ වූයේ 2001 වසරේ දී ඇමෙරිකාවට කළ ප‍්‍රහාරයෙන් පසුවය. ඉන්පසු අල් කයිඩා නායක බින් ලාඩන්ට සහාය දුන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය ද ඇමෙරිකාවේ සතුරෙක් විය. 
ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඇෆ්ගන් සංග‍්‍ර‍්‍රාමය 2014 දී අවසන් කර ඇමෙරිකා සෙබළුන් ආපසු ගෙන්්වා ගැනීමට ද ඔබාමා සූදානම් වේ.
අල් කයිඩා සාමාජිකයන් ඇමෙරිකා රජයට හිතවත් කිසියම් රටකට තර්ජනයක් වන්නේ නම් එම රටට තාක්ෂණික සහ බුද්ධි තොරතුරු ලබා දී සහාය වීමට තමන් සූදානම් බවත් මින් ඉදිරියට හමුදා නොයවන බවටත් ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

අල් කයිඩාවට එරෙහි සටනේදී හමුදා නොයවා සහාය දෙනවා

සිල්වා Friday, 15 February 2013 05:39 PM

මූලධර්ම වාදීන් සහ ත්‍රස්තයන් විනාශ කරන්න.  මොවුන් ලෝකයටම හිසරදයකි.(නදී)

:       0       0

දර්ශන Saturday, 16 February 2013 10:15 AM

ඒ කොහොමද ආයුබෝවන් (දී)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 07:00 PM

සී සී සී සිල්වා එහෙම කියන්න ඒපා. ඔබාමා දැන් බයයි කටිටිය ඒවන්න. ඒ යුද්දෙට එන බොහෝ ඇමරිකානුවෝ ආපසු යන්නේ ඉස්ලාමි දහම වැළද ගෙනයි. එය නොවැලැක්විය හැකි කරුණකි. ඒකයි ප්‍රශ්ණේ.(නදී)

:       0       0

ෂෙරීෆ් Friday, 15 February 2013 01:39 PM

ඔබාමා මහත්තයෝ ඔයා‍ට ඕනම දෙයක් කරන්න අවස්ථාව තියෙනවා, නැවත ඔබ ජනාධිපති තරඟයට ඉදිරිපත් නොවෙන නිසා. (ස)

:       0       0

ලාල් Friday, 15 February 2013 09:30 PM

හොද වැඩක් සර්. (නි)

:       0       0

සරත් Friday, 15 February 2013 02:38 PM

ඒ කොහොමද ඒ (දී)

:       0       0

කෙනත් Saturday, 16 February 2013 12:15 AM

මුතුකුඩ මලය හීනයක් දැක්කාවත්ද? මෙහෙ නම් කවුරුත් එහෙම නැහැ. නමුත් ආපසු එන සෙබළුන් ඔය මුස්ලිම් රටවල් ගැන මහා කළකිරීමන් සහ එපාවීමෙන් එන්නේ, තේරුමක් නැති අනුන්ගේ යුද්ධ වලට ඇමෙරිකාවේ ජීවිත සහ මිලියන ගණන් ඩොලර් යටකිරීම ගැන රට තුළම විරෝධයක් ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 16 February 2013 12:20 AM

ඇමරිකන් හමුදාවක් පය ගහපු පොළවක වල් පැළෑටියක්වත් පැළ නොවේ. (නි)

:       0       0

ලාල් Saturday, 16 February 2013 06:30 PM

මූලධර්මවාදීන් නැති කරන එකට නම් අපි ඔබතුමාට ස්තූති කරනවා. (නි)

:       0       0

නිමලා Friday, 15 February 2013 05:07 PM

මෙහෙ හලාල් වලින් පටන්ගත්තා ඉදිරිය කොහොම වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

චූලා Friday, 15 February 2013 05:05 PM

මොනවායින්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31134 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13264 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site