අලි ඇතුනට සංගිතය සපයන අලි වාදක කණ්ඩායමක් තායිලන්තයේ ඇත.
මේ අලි වාදක වෘන්දයේ සාමාජිකයෝ දහහතර දෙනෙක් සිටීති.ඇතැමුන් සහජයෙන්ම ගෙන ආ ‘‘සංගීත හැකියාවෙන් වාද්‍ය භාණ්ඩ වයන අතර අනෙක් පිරිස ඔවුන්ගේ මිනිස් භාරකරුවන් විසින් මෙහෙයවේ.
විශාල ප‍්‍රමාණයේ බෙර කට්ටල,සයිලපෝන ආදී වාදක භාණ්ඩ අලි වාදක ශිල්පී පිරිස වාදනය කරති.
අලි වාදක වෘන්දය කොලොම්බියා සරසවියේ ස්නායු සම්බන්ධ විද්‍යාඥයෙකු වන රිචර්ඞ් ලයර් ගේ අදහසකට අනුව ඇතිවූවකි.
අලින්ගේ භාරකරුවන් ඔවුන් සන්සුන් කිරීම සදහා ඇතැම් අවස්ථාවන්හි ගීත ගයනු තමන් නිරීක්ෂණය කළ බව ඔහු කියයි. ගීත ගයා අලින් සන්සුන් කළ හැකිවේ නම් ඔවුන් සංගීතය රසවිදිය හැක්කවුන් බව සිතා ගීත රසවිදීමෙන් ඔබ්බට ගොස් ගීත වැයීමට හැකියාව ඇත්දැයි සොයා මෙම වාදක වෘන්දය පිහිටවූ බව ඔහු පවසයි.
අලි වාදක වෘන්දය දැනටමත් ගීත ඇල්බම් තුනක්ම පටිගත කර වෙළදපොළට නිකුත් කර තිබේ.අලි වාදන තායිලන්තයේ පන්සල් වල වැයෙන වාදනයන් හා සමාන බව ඒවා ඇසුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ල සංචාරයකටවත් මෙහාට ගෙන්න ගත්තොත් වටිනවා. අපේ අලින්ගේ පරණ තැටි වාදනම අහල දැන් ඇතිවෙලා. (නදී)
දයාසිරි ගියාට ඔය තියෙන්නේ ! (අ)
අපේ රටේ ..ඉන්න සතුන්ට හක්ක පටස් දෙන මිනිසුනේ ..?ඇස්ගෙඩි ඇර බලපල්ලා මේ ඉන්නේත් ඒ හා සමාන අපේ කැලේම ඉන්න සත්තු ...?උන්ටත් හැගීම් දැනීම් ඇතිබව පෙනේද ..? (ස)