ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
දශකයක පමණ කාලයක් තුළ ඇතිවූ දරුණුම සුළි කුණාවක් ලෙස හැඳින්වෙන අම්ෆන් කුණාටුවෙන් රටවල් දෙකටම දැඩි අලාභ හානි සිදුව ඇත.
කුණාටුව පැමිණීමට පෙර මිලියන තුනක පමණ ජනතාවක් සුරක්ෂිත ස්ථාන වලට ඉවත් කළ බවත් ඒ හේතුවෙන් ජීවිත හානි අඩුවූ බවත් බලධාරීහු පවසති.
මිලියන 13ක පමණ ජනතාවට කුණාටුවෙන් බලපෑම් සිදුවී තිබේ.
නිවාස මිලියන 1.5කට පමණ හානි සිදුව ඇතැයි මූලිකව ගනනය කර ඇත.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පමණක් ගම්මාන 700ක් පමණ ජලයෙන් යටවිය. 80 000කට නිවාස අහිමි විය.
ප්‍රාන්තය පුරා කඳවුරු වල දස දහස් ගණනක් පිරිස් රඳවා තිබේ.
මෙම කඳවුරු වල සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බවත් බලධාරීහු පවසති.
ප්‍රාන්තයේ අගනුවර වන කල්කටා හි කඩා වැටුණු ගස්, ගොඩනැගිලි ඇතුළු සුන්බුන් ඉවත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
බංගලාදේශයේ ද වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති හෙයින් බොහෝදෙනාට ජීවනෝපාය අහිමි වී ඇතැයි ද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අම්ෆන් සුළි කුණාටුවෙන් 102ක් මරුට