රොබෝවරුන්ටත් මිනිසුන් සේම සිතීමේ දැනීමේ හා කතාබහ කිරීමේ හැකියාව ලබා දීමට ගූගල් සමාගම සැරසේ.
මේ සම්බන්ධයෙන් වන පර්යේෂණයන් සිදුකිරීමට ලොව විශාලතම කෘතිම බුද්ධි පර්යේෂණාගාරය ඉදිකිරීමේ කටයුතුද මේ දිනවල සිදුවේ.
රොබෝවරුන් හා සම්බන්ධ නිමැවුම් නිශ්පාදනය කරනා සමාගම් කිහිපයක්ම ගූගල් සමාගම තම සමාගම් ජාලයට ඇතුළත් කරගෙන තිබේ.තම ඉලක්කය කරා යාමට එම සමාගම් වල සොයාගැනීම්ද ගූගල් සමාගම යොදාගනු ඇතැයි සදහන්ය.
ගූගල් සමාගමේ නව ඉංජිනේරු අධ්‍යක්ෂක රෙයි කුර්ස්වෙල් පවසන ආකාරයට 2029 වන විට රොබෝවරුන් බුද්ධිය අතින් මිනිසුන් පරදවනු ඇත.
‘‘ලෝක චෙස් ශූරයාද පරිගණකයකට පරාජය වන දිනය වැඩි ඈතක නොවේ.‘‘ ඔහු කියයි.
‘‘ගූගල් සමාගමේ අපට වුවමනා කරන්නේ පරිගණක හා රොබෝවරුන් මිනිසුන්ට තවත් කිට්ටු කරවන්න.උදාහරණයක් කියන්නම්.මිනිහෙකුට කවදාවත් බැහැ අන්තර්ජාලයේ තිබෙන සියලූ දේවල්,විශේෂයෙන් ලිපි ආදිය මතකයේ තබා ගන්න.නමුත් පරිගණකයකට හෝ රොබෝවෙකුට ඒක සුලූ දෙයක්.දැන් මේ දේවල් ඒවායින් එළියට ගන්නේ කොහොමද?.අපිට පුලූවන් අවශ්‍ය දේ කියලා තොරතුරු ගන්න.නමුත් කොහොමද පරිගණකය හෝ රොබෝවා සමග බුද්ධිමය සංවාදයක නියැලෙන්න අපට පුලූවන් වුනොත්?.හරියට අපි මිනිසුන් එකිනෙකා හා කතාබහ කරගන්නවා වගේ?.අන්න ඒක තමයි අපේ ඉලක්කය‘‘ කුර්ස්වෙල් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුගල් ඇමරිකන් නිසා අපට එපා....(අ)
කෝ ඒ කාලේ ලංකාවේ රහතන් වහන්සේලා මිට වඩා දේවල් කරා කියල කවුරුත් පුරාජේරු පාරක් තාම කියල නැහැනේ... ඒ මොකෝ....(අ)