මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.
මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.
පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී මෙම දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.
තමන්ට නැඟෙන චෝදනා අධිකරණය හමුවේ කියැවෙද්දී හයක් හතරක් නොතේරෙන කුඩා දරුවා තම පියාගේ ඇකයට වී කිරි බෝතලයක් උරමින් සිටියේය.
විනිසුරු වහාම ක්‍රියාත්මක වන පරිදි කුඩා දරුවාට ඇප දුන්නේය. දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර ගන්නැයි ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක්
රණසිංහ Monday, 07 April 2014 08:18 PM
මේවා අහලා දැකලා අපිටත් පිස්සු හැදෙනවා (නි)
ප්‍රසාද් Monday, 07 April 2014 08:54 PM
මේ රටෙත් ඉන්නවා ඔය වගේ පොලිස් නිලධාරීන් (නි)
නජිත් Monday, 07 April 2014 09:47 PM
ඒ දරුවා මොකුත් දන්නේ නැහැ ලොකු උනාම කියා දෙන්න (දී)
රත්නසිරි Monday, 07 April 2014 05:50 AM
මේක අවනඩුවක්.මේක නීතියක්ද? කෝ ඕවට මානව හිමිකම්? පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නි)
විරාජ් ලියනගේ Monday, 07 April 2014 09:03 AM
පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නදී)
ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:23 AM
මේක අවනඩුවක්. (නදී)
ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:24 AM
අර ලංකාවේ පොල් කේස් එකත් ඔයවගේ එකක් නේ.(නදී)
සජී Monday, 07 April 2014 09:25 AM
හරිනේ ඉතින් මේ පාකිස්ථානේනේ.(නදී)
පිටබැද්දර ජයා Monday, 07 April 2014 10:32 AM
උගත් බුද්ධිමත් එක විනිසුරුවෙක් හරි සිටීම සතුටට කරුණක් නේද? (ස)
ඩෑම් Monday, 07 April 2014 06:19 PM
බලාගෙන ගියාම හැබෑම නේන්නම්. අපේ රට ආශ්චර්යක්... (නි)
චන්ද්‍රසිරි Monday, 07 April 2014 12:55 AM
පාකිස්ථානයේ ඉන්නේ ඔහොම නුවණක්කාර කට්ටිය තමයි (නි)
රොෂාන් වෙරෝනා Monday, 07 April 2014 12:56 AM
මෙහෙමත් රටක පොලිසියක්?කිරි සප්පෙයෙකුට නේද මෙවන් චෝදනාවක් දාන්නේ? දකිනකොටත් දුකේ බැහැ (නි)
හේරත් Monday, 07 April 2014 11:05 AM
ලංකාව වගේ රටක ඉන්න ලැබුණ එක කොච්චර වාසනාවක්ද කියල හිතෙනවා. (ස)
නුවන් Monday, 07 April 2014 01:25 AM
ඒ වගේ රටක මෙහෙම දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)