අභ්‍යාවකාශ තරණයට න්‍යෂ්ඨික බලය යොදා ගැනිම කෙරෙහි නාසා ආයතනය අවධානය යොමුකැර ඇත. එම ආයතනය පවසන්නේ අඟහරුග්‍රහයා වෙත අනාගතයේ යවන රොකට්ටුවකට න්‍යෂ්ඨික බලය යොදා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.
විද්‍යාඥයන් පවසන්නේ සම්ප්‍රදායික රොකට්ටුවකට වඩා න්‍යෂ්ඨික බලය යොදා අභ්‍යාවකාශ ගත කරණ රොකට්ටුවක් බොහෝ සෙයින් වේගවත් වන බවයි. නාසා ඉංජිනේරුවන්ගේ සැලැස්ම වී ඇත්තේ මෙවැනි රොකට්ටුවක් යොදාගෙන 2033 දී අඟහරුවෙත ගගනගාමීන් යැවීමයි.
එවැනි රොකට්ටුවක බර ද සම්ප්‍රදායික රොකට්ටුවකට වඩා අඩුකරගත හැකි බවත් මේ හේතුවෙන් තෙරපුම් ශක්තිය වැඩිවන බවත් විද්‍යාඥයෝ කියති.
නාසා ආයතනයේ විද්‍යාඥයකුවන ආචාර්ය ස්ටැන්ලි බොරොව්ස්කි මේ රොකට්ටුව සැළසුම් කිරීමේ පුරෝගාමියාය. එය ඔහු විසින් කොපර්නිකස් ලෙස නම්කැර ඇත. ආචාර්ය බොරොව්ස්කි පවසන්නේ නව රොකට්ටුවේ භාණ්ඩ හා වාහන ගෙනයාමටත් කාර්ය මණ්ඩලයට යාමටත් වෙන වෙනම ස්ථාන සකසන බවයි. නාසා ආයතනය පවසන්නේ පෘථිවියේ සිට අඟහරුට ඇති සැතපුම් කෝටි හතරක දුර සම්පූර්ණ කිරීමට කොපර්නිකස් යානයට දින 100ක් ප්‍රමාණවත් වන බවයි. එසේ වුව ද කියුරියෝසිටි රොබෝ රෝවරය සහිත යානය අඟහරුවෙත යැවීමට දින 253ක කාලයක් ගතවූ බව ද නාසා ආයතනය කියයි. ඒ අනුව න්‍යෂ්ඨික බලය රොකට් තාක්ෂණයට යොදා ගැනීම පැරණි සම්ප්‍රදායික ක්‍රමයට වඩා දෙගුණයකටත් වැඩි කාර්යක්ෂමතාවක් ලබාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ බලාපෙරොත්තු තබා සිටිති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අඟහරු යන්න න්‍යෂ්ඨික බලය එයි
චතුර Friday, 06 February 2015 04:30 AM
සැතපුම් කෝටි 4 ක් යන්නේ දින 100 කින්. හිතාගන්නත් බෑ තාක්ෂණයේ දියුණුව. ඉදිරියේදී එක දිනකින් යන්න පුළුවන් වෙයි.(හේ)
අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:14 AM
හැබෑටම,අපි යවපු රොකට් එකට මොකද වුණේ? (නි)