සිරියාවේ ඇලෙප්පෝ නුවර සටන් වලදී කාන්තාවන් හා ළමයින් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ජනාධීපති බසාර් අල්-අසාද්ට හිතවත් හමුදා විසින් නිවාස තුළ සිටි වැසියන් ඝාතනය කර ඇති බවත් පලායන සිවිල් වැසියන් ඝාතනය කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල්ලේ පැවසීය.
මේ සිදුවීම ‘මනුෂ්‍යත්වය දිය වී ගිය‘ අවස්ථාවක් ලෙස ඔහු හැඳීන්වීය.
බුස්ටන් අල්-කසාර් හී රජයේ හමුදා වල ප්‍රහාර වලින් ළමයින් 13ක් හා කාන්තාවන් 11 ක් ඇතුළු සිවිල් වැසියන් 82ක් මිය ගොස් ඇතැයි ද ඔහු පැවසීය.
ඇලෙප්පෝ නුවර සටන් අවසන් වූ බව එක්සත් ජාතීන්ගේ රුසියා තානාපති විටර්ලි චර්කින් කීවේය.ත්‍රස්තයින් සතුව තිබු නගරයේ අවසන් ප්‍රදේශ කිහිපයත් සිරියා රජය ප්‍රමුඛ හමුදා අත්පත් කරගත් බවද ඔහු පැවසීය.
“ඉතිරි වී සිටින ත්‍රස්තයින්ට නගරයෙන් පිටවීමට අවස්ථාවක් ලබා දුන්නා.සිවිල් වැසියන්ටත් පිටවීමට හැකියි.“යැයි ඔහු ද හේ සඳහන් කළේය.
(රොයිටර් / බීබීසි )
‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්
ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප
නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ
පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.
ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
“සිරියා හමුදා සිවිල් වැසියන් මරලා“
ඉසුරන්දි Wednesday, 14 December 2016 08:02 AM
යුද්ධයක් පවතිද්දී සතුරා කවුද ඒ අතර සිටින අසරණයා කවුද කියලා තෝරලා බේරලා වෙන්කරන්න අපහසුයි.කොටියට විරුද්ධව අපේ හමුදාවන් යුද්දෙ කළෙත් මෙහෙම තත්වයක් තියාගේනනේ. (බ)
හේමන්ත Thursday, 15 December 2016 02:10 PM
මේ දේවල් කාටවත් පේන්නේ නැද්ද දන්නේ නෑ.(හේ)
රවීන් Wednesday, 14 December 2016 05:48 AM
ඇමෙරිකාව ඉරාක යුද්දය ,ලිබියා යුද්දය, දැනට පවතින යෙමනයේ යුද්දයට සහය දක්වනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බුදිද ? (බ)