උතුරු සිරියාවේ තුර්කි දේශ සිමා අසල රෝහල් දෙකකට සහ පාසල් ගොඩනැගිල්ලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් 22 කු මිය ගොස් අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව සී එන් එන් රූපවාහිනිය වාර්තා කළේය.
සිරියාවේ අලප්පා පළාතේ අසාස් ප්‍රදේශයේ දී රෝහලකට සහ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 15 දෙනෙක් මිය ගොස් 40 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
ඉඩ්ලිබ් පළාතේ මරාත් අල්-නුමාන් හි රෝහලකට විනාඩි කිහිපයකදී එල්ල වූ ප්‍රහාර හතරකින් හත් දෙනෙක් මිය ගොස් අට දෙනෙක් සොයා ගත නොහැකි වූහ. මිය ගිය පිරිස අතර රෝගීහු පස් දෙනෙක් සිටිති.රෝහලේ කාර්යමණ්ඩලයේ අට දෙනෙකු අතුරුදන් අතර රෝගීන්ද අතුරුදන් නමුත් ඔවුන්ගේ සංඛ්‍යා සදහන් නැත.
ප්‍රහාරය සමගම එම ජනාකිර්ණ ප්‍රදේශයේ නිවෙස් සහ ගොඩනැගිලි වලටද ප්‍රහාර එල්ල වූ බව සදහන්ය.
මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාරගෙන නැත.
තුර්කි අගමැති අහමඩ් දවුතෝග්ලු රුසියාව දෙසට ඇගිල්ල දිගු කරන බව සදහන්ය. රුසියාව කැප්සියන් මුහුදේ සිට බැලිස්ටික් මිසයිල එල්ල කරන බවට ඔහු චෝදනා කර තිබේ.
කෙසේ වෙතත් වෛද්‍යවරු සිරියා රජය දෙසටද ඇඟිල්ල දිගු කරති. මෙම ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ 40000ට පමණ වෛද්‍ය ප්‍රතිකාර සදහා අවස්ථා අහිමි වී ඇත.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිරියාවේ රෝහල් කිහිපයකට ගුවන් ප්‍රහාර
නිමල් ලලිත Tuesday, 16 February 2016 02:13 AM
ලංකාවේ මානව හිමිකම් සොයන මහා ලොක්කන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)