ආරක්ෂක අංශ සහ සටන්කාමීන් අතර සිකුරාදා (10) ඇති වූ ගැටුම් වලින් මියගොස් ඇත්තේ ශ්‍රීනගර් නගරයට එල්ල වූ ප්‍රහාර රැසක මොළකරු යැයි ඉන්දීය පොලිසිය කියයි.
දකුණු කාශ්මීරයේ ෂොපියාන් හීදී ඇතිවූ එම ගැටුම්වලින් මියගොස් ඇත්තේ ජම්මු සහ කාශ්මීරයේ අයි.එස් සංවිධානයේ ප්‍රධානියා යැයි සැළකෙන සකීර් මූසා සමඟ සමීප සබඳතා පැවැත්වූ සටන්කාමියකු වන ඉෂ්ෆාක් අහමද් සෝෆී නමැත්තා බව ද පොලිසිය සඳහන් කරයි.
පසුගිය කාලයේ දී ශ්‍රීනගර් නගරයට එල්ල වූ ප්‍රහාර රැසක් සැලසුම් කර ඇත්තේ මොහු බව ද ඔහු උමාර් යන නමෙන් ද හඳුන්වන බව ද ඉන්දීය පොලිසිය පවසයි.
ජම්මු සහ කාශ්මීර්හී බරමුල්ලා දිස්ත්‍රික්කයේ සෝපෝර්හි බී ආදර්ශ ගම්මානයේ පදිංචිකරුවකු බව කියන සෝෆී 2015 වසරේ සිට හර්කාත් උල් මුජහිදීන් නමැති සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි ද ඉන්දීය පොලිසිය කියයි.
අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන එම සංවිධානය පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන්නකි. එසේ වුවත් එම සංවිධානයේ වැඩි වශයෙන් සක්‍රීයව ඇත්තේ කාශ්මීරයේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
සෝෆී 2016 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර 2018 දී ඇප මත මුදා හැර ඇතැයි ද පොලිසිය කියයි. සෝෆී ඇතුළු සටන්කාමීන් පිරිසක් හර්කාත් උල් මුජහිදීන් සංවිධානයෙන් ඉවත් වී ජම්මු සහ කාශ්මීරයේ අයි.එස්. සංවිධානය එක්වී ඇති අතර එහි නායක සකීර් මූසා සමඟ සමීප සබඳතා පවත්වා ඇත.
ද හින්දු ඇසුරිනි
(ඡායාරූප ඒ.එෆ්.පී)
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීනගර් ප්‍රහාරයට සම්බන්ධ මොළකරු ගැටුම්වලින් මරුට