අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් 26 දෙනකු මුදා හැරීමට තමන් සූදානම් බව ඊශ‍්‍රායල රජය ඊයේ (12) නිවේදනය කළේය.
ඊශ‍්‍රායල රජය එම තීරණය ගත්තේ ඊශ‍්‍රායල පලස්තීන සාම කතා ආරම්භ වීමට නියමිතව ඇති නිසාය.
නිදහස් කිරීමට බලාපොරොත්තු වන එම දේශපාලන සිරකරුවන් 26 දෙනාගේ නම් ලැයිස්තුව ද මේ වනවිට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
ඊශ‍්‍රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය.
සාකච්ඡා සඳහා මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡාකින් පසුවය.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පලස්තීන සිරකරුවන් 26 දෙනෙකු නිදහස් කිරීමට ඊශ‍්‍රායලය සැරැසේ