IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවටත් පනී

ගිනි අවියක් අතින් ගත් පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තේපැන් හලක සිටි 20 දෙනෙක් පමණ ප්‍රාණ ඇපයට ගෙන සිටින්නේයැයි එරට මාධ්‍ය වාර්තා කරයෙ

අයිඑස් අන්තවාදීන් නියෝජනය කරන බවට සැකකෙරෙන ධජයක් තේපැන් හලේ ඉදිරිපස වීදුරුව මත ප්‍රදර්ශනය කර ඇත.පිටුපසින් සිටින තුවක්කුකරු කරන නියෝගයන්ට අනුව ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙක් එම ධජය වීදුරුව මත තබාගෙන අල්ලාගෙන සිටිනු දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූප ඕස්ට්‍රේලියා මාධ්‍ය වලට මුදා හැර ඇත.

තුවක්කුකරුගේ ඉල්ලීම් මොනවාදැයි මේ දක්වාම ප්‍රකාශයට පත්ව නොමැත.

ප්‍රදේශයට පොලිසිය අනුයුක්ත කර තිබෙන අතර ඔවුන් ගොඩනැගිල්ලේ වෙනත් මහල්වල රැදී සිටි පුද්ගලයින් මේ වන විට ඉවත් කර ඇත.ප්‍රදේශයේ පාසැල් වලද හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රජයේ කාර්යාලවල ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර අගමැති ටෝනි ඇබට් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කලබල නොවී තම තමන්ගේ දෛනික රාජකාරි වල යෙදෙන්නැයි ඕස්ට්‍රේලියා ජනතාවගෙන් ඉල්ලා ඇත.

ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සදහා මෙහෙයුමක් මේ වන විට සැළසුම් කෙරෙමින් පවතින බව සදහන්ය.

1418601847601 1418606590714



අදහස් (0)

ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවටත් පනී

නිලංග Tuesday, 16 December 2014 05:37 AM

වෘත්තීය සංක්‍රමණිකයන්ගේ හත් මුතු පරම්පරාවේ ඉඳල මේ උදවිය සොයල බලනවා. නමුත් සරණාගතයන්ගේ එහෙම සෙවිල්ලක් නැහැ. මේ නිසා බොරු කියාගෙන ගොඩ බැහැපු කට්ටිය අතරේ මෙහෙම අයත් ඉන්න ඇති. සමහර කට්ටිය හිටපු රටවල් වල නීති විරෝධී වැඩ කරලා නීතියෙන් බේරෙන්න තමන් දේශපාලන පලි ගැනීමට ලක් වුනා කියාගෙන බෝට්ටුවෙන් ආපු කට්ටිය,කියල විශ්වාස කටයුතු ආරංචි තියනවා. (බ)

:       0       0

ද සිල්වා. Wednesday, 17 December 2014 02:53 AM

අතිශයින්ම කණගාටු වෙනවා (නි)

:       0       0

විපුල Wednesday, 17 December 2014 03:45 AM

පැහැරගැනීම්, කප්පම් ගැනීම්, මැර තර්ජන මෙම සිද්දියට සමකරන්න පුලුවන්ද? ත්‍රස්තවාදී සංවිධාන වල බැට කන්නේ සාමාන්‍ය ජනතාව. ඉහත දේවල් වලට ලක්වන්නේ එයට අදාල අය විතරයි. ලංකාවේ මීට අවුරුදු 5 කට කලින් තිබ්බ විදිහ මතක් කරගත්ත නම් වෙනස තේරෙයි. (නදී)

:       0       0

උයන්ගොඩ Tuesday, 16 December 2014 10:49 AM

එක එක රටවල සරණාගතයන් රට තුලට ගැනීම තමා ඕවාට වරද. බටහිර රටවල් වල අද ත‍්‍රරස්තවාදය කරන්නේ ඔය අන්තවාදී සරණාගතයන්. (ර)

:       0       0

රොබින්සන් - වත්තල Tuesday, 16 December 2014 11:04 AM

නිලංග, ඔබතුමා හරි. (ර)

:       0       0

හසිත් Monday, 15 December 2014 09:57 PM

මොකද්ද දිලුක් ළඟදි කියන්නේ ? දැනටම අංක තහඩු නැති වාහන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් කොපමණද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 15 December 2014 10:18 AM

ලංකාවේ මිනිස්සුන්ට දැන් ත්‍රස්තවාදය ගැන මතක නැහැ...(හේ)

:       0       0

රුවන් Monday, 15 December 2014 10:37 AM

මේකෙන් ලංකාවේ දේශපාලනයට වාසි ගන්න හදයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඇසළ Monday, 15 December 2014 06:32 AM

බෝට්ටු වලින් එන අයට නවාතැන් දුන්න එකේ ආදිනව දැන් තේරෙනවා ඇති. (බ)

:       0       0

චානක Tuesday, 16 December 2014 12:29 AM

අපි චිත්‍ර පටි වලින් දකින දේවල් වගේ (දී)

:       0       0

මංගල Tuesday, 16 December 2014 01:12 AM

අපේ ජනාධිපතිතුමා නැත්නම් ලංකාවෙත් තාම මේ වගේ තමයි (නි)

:       0       0

දුමිදු Monday, 15 December 2014 06:59 AM

අන්ත වාදී සියලුම දෙනා රටින් පිටමංකර හෝ අල්ලාගෙන ඔවුන්ට දැඩි දඩුවම් දෙන්න.(හේ)

:       0       0

රොෂාන් Thursday, 18 December 2014 02:07 AM

මම නම් දකින්නේ මේක ඕස්ට්‍රේලියාවට හොඳ පාඩමක් කියලා. දැන්වත් එයාලට තේරෙනවා ඇති ත්‍රස්තවාදයේ තියෙන භයානකකම. (නි)

:       0       0

එශාන් Tuesday, 16 December 2014 02:21 AM

එතකොට මංගල, දැන් රටේ පැහැරගැනීම්, කප්පම් ගැනීම්, මැර තර්ජන නැද්ද? (නි)

:       0       0

සුනිල් Tuesday, 16 December 2014 02:23 AM

මෙහෙට ආ සරණාගතයන් යැයි කියාගන්නා සමහරු සංක්‍රමණ බලධාරීන් හොඳට රවටලා. මේ තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 16 December 2014 02:39 AM

ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කරන්න මුළු ලෝකයම එකතුවිය යුතුයි (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 16 December 2014 02:40 AM

මේවා අපිට හොඳ පාඩම්. (නි)

:       0       0

යොමාල් Tuesday, 16 December 2014 02:47 AM

දැන් එයාලටත් තේරෙනවා නැතෑ (නි)

:       0       0

චන්දන Monday, 15 December 2014 07:31 AM

මේවා බෝට්ටුවලින් එන කට්ටිය කියාගෙන එන ටොම් පච විශ්වාස කරලා විහින් දමා ගත්ත හිසරද ! දැන් නගරයේ හැමෝටම කාර්යාල වලින් ගෙවල් වලට යන්න කියල. අවට ගොඩනැගිලි වල මිනිස්සු පණ එපා කියල දුවලා. නගරය පුරාම රැකවල් දාලා. හරියට ඉස්සර කොටුවේ බෝම්බයක් තියනව කියන ආරංචියට මිනිස්සු පණ කඩාගෙන දිව්වා වගේ. තව තව දීමනා දීලා හුරතල් කළා නම් හරි. (බ)

:       0       0

කුමාරි Monday, 15 December 2014 07:38 AM

මෙවා කාට කාටත් අතීතය මතක් කරලා දෙන්න පැන නගින දේවල්. කොටින්ට අනුකම්පා කරලා කිරි පොවන අයටත් මේ වාගේ ආනිශංශ අනාගතේ ලැබේවි. (නදී)

:       0       0

දිලුක් ගුණතිලක Monday, 15 December 2014 01:27 PM

රටේ මිනිස්සු බුද්ධිමත් නොවුණොත් ලංකාවෙත් ළඟදීම ඕවා දකින්න පුළුවන්.මතක තියාගන්න අද මම කිව්වා කියලා (නි)

:       0       0

හරීන්ද්‍ර Tuesday, 16 December 2014 03:27 AM

ලංකාවේ හමුදාව යැව්වා නම් මේ අය බේරාගන්න එක මේ තරම් අමාරු නැහැ. අපේ කොල්ලෝ ත්‍රස්තවාදීන්ට බය නැහැ. (නි)

:       0       0

ශාන්ත Monday, 15 December 2014 01:59 PM

හෙට උදේ වෙනකොට හොඳ ක්‍රියාමාර්ගයක් අරගෙන තිබේවි (නි)

:       0       0

නිලංග Monday, 15 December 2014 08:20 AM

මේවා අහක යන නයින් ඔඩොක්කුවේ දමා ගැනීමේ ප්‍රතිඵල. (බ)

:       0       0

මාධවී Tuesday, 16 December 2014 10:55 PM

ත්‍රස්තයෝ හීන දැක්කත් අල්ලාගන්න පුළුවන් තරම් ප්‍රභල ආරක්ෂාවක් තියෙන රටක්. (නි)

:       0       0

ජනක Monday, 15 December 2014 08:49 AM

මේ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කළ යුතුයි.(හේ)

:       0       0

කණිෂ්ක Friday, 19 December 2014 12:09 AM

ත්‍රස්තවාදය කෙසේවෙතත් මැර තර්ජන, කප්පම්, පැහැරගැනීම් තිබුනාට කමක් නැද්ද විපුල? ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නෙමෙයිද? ඔය කාගේ දර්ශනයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 76 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 270 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 500 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 266 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 213 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


රුසියාව 79 වැනි විජයග්‍රණයේ දිනය සමරයි
2024 මැයි මස 10 45 0

රුසියාව ඊයේ (09දා) 79වැනි විජයග්‍රහණයේ දිනය සැමරීය. රුසියානු වැසියන් 1941-1945 කාලය තුළ රුසියාවේ පැවති විප්ලවය සිහිකරමින් මැයි 9වැනිදා සෝවියට් ජනතාවගේ ජයග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site