පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50 දෙනෙක් පෙරේදා (2) ඉල්ලා අස්වූහ. ඉල්ලා අස්වූ එම මන්තී‍්‍ර කණ්ඩායමේ නායකයා ඉචිරෝ ඔසාවාය. ඔහු පවසා ඇත්තේ තමන් අලූතින් දේශපාලන පක්ෂයක් පිහිටුවන බවය. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ මන්තී‍්‍රවරුන්ගෙන් 38 දෙනකු පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වන අතර ඉතිරි 12 දෙනා ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වෙති. මෙම පිරිස අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ තවත් මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු ද රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මන්තී‍්‍රවරු පිරිස තම ඉල්ලා අස්වීමේ ලිපි ජපන් අගමැති යොෂිහිකෝ නෝඩාට බාර දුන්හ. මන්තී‍්‍රවරුන් ඉවත් වීමෙන් පසුව ද ආණ්ඩු පක්ෂය සතුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති හෙයින් රජය බිඳ වැටීමේ අවදානමක් නැතැයි වාර්තා වේ.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජපන් මන්තී‍්‍රවරු 50 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වෙති
අනුර Wednesday, 04 July 2012 03:36 PM
අන්න ජපනගේ ගතිය.....ඕවා කොහෙද ලංකාවේ....
මහරජ Wednesday, 04 July 2012 02:21 PM
මගේ අයනම් එලෙව්වත් යන්නේ නෑ......
දයා, සෞදියේ සිට Wednesday, 04 July 2012 03:33 PM
රටට ආදරේ කරන මහත්මාගති ඇති දේශපාලඥයෝ.දැක්කත් හිතට සුවයක්..ඒකටත් එක්ක අපේ අය.....