IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජගත් කුඩු රජාගේ සිහසුන කැඩේ

ලොව අංක එකේ කුඩු රජකු වන මෙක්සිකෝ ජාතික ජොඅක්වින් ගුස්මන් හෙවත් ‘‘එල් චැපෝ‘‘ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඇමරිකා ආරක්ෂක අංශ කියති.

එල් චැපෝ මෙක්සිකෝවේ කි‍්‍රයාත්මක ප‍්‍රධානතම මත්කුඩු ජාවාරම් කල්ලිය වන ‘‘සිනලෝආ‘‘ හි නායකයා වන බව සදහන් වෙයි.සිනලෝආ කල්ලිය මේ දක්වා සිදුකර ඇති අපරාධ ප‍්‍රමාණය නොගිනිය හැකි තරම් යැයි ආරක්ෂක අංශ බළධාරීහු පවසති.

එල් චැපෝ 2001 වසරේදී අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝ ආරක්ෂක අංශ සමත්වූවත් ඔවුන්ගේ ඇසට වැලි ගසා පැන ගැනීමට හේ සමත් විය.එදවස පටන් ඔහු විවිධ ආරූඪ නම් භාවිතා කරමින් නොයෙක් රටවල ජීවත්ව ඇතැයි පැවසේ.

මෙවර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙක්සිකෝවේ මෙහෙයුම්හි නිරත වන ඇමරිකා ආරක්ෂක අංශ බලධරයින්ට ලැබුණු ඔත්තුවකිනි.ඒ අනුව මෙක්සිකෝවේ හෝටලයක නැවතී සිටි එල් චැපෝව අත්අඩංගුවට ගෙන ඇත.

එල් චැපෝ සතුවන සම්පත් වල වටිනාකම ඩොලර් සිය කෝටිය ඉක්මවන බව සදහන්ය.ඔහු සතු මුදල් බලය නිසාම ෆොර්බ්ස් සගරාව වරක් එල් චැපෝ ප‍්‍රංශ හා වෙනිසියුලා ජනපතිවරුන්ටත් වඩා බලවත් පුද්ගලයෙක් ලෙස හදුන්වාදුන්නේය.

ජොඅක්වින් ගුස්මන් මෙක්සිකෝවේ ‘‘ඔසාමා බිල් ලාඩින්‘‘ ලෙසද හැදින්වුනි.ඒ ඔහුගේ ක‍්‍රෑර කමත් ඒ හා බැදුණු ඔහු සතුවන බලයත් නිසාමය.

සිනලෝආ කල්ලියේ ආධාරකරුවන් මුළු ලොව පුරාම විසිර සිටින්නේයැයි බලධාරීහු කියති.මෙනිසාවෙන්ම ඔවුනට ලොව පුරා විහිදුනු ජාවාරම් මාර්ගයන් ඇති බවත් එවා මාර්ගයෙන් ලොව පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් ඔවුහු පවසති.

පසුගිය වසරේ මෙක්සිකෝ ආරක්ෂක අංශ මෙතෙක් වාර්තා වූ විශාලතම කංසා තොගය සොයාගත් අතර එය ටොන් 134 ක බරින් යුතු විය.එය සිනලෝආ කල්ලිය සතුවූවකි.

සිනලෝආ කල්ලිය තරම් සංවිධානාත්මක,දියුණු තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන මත්කුඩු ජාවාරම්කරුවන් ලොව නොමැත යැයි බළධාරීහු පවසති.මෙනිසා එහි නායක එල් චැපෝ අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් ලෙස ඔවුහු දකිති.

නමුත් සිනලෝආ කල්ලිය ප‍්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ එල් චැපෝගෙන් හිස්වූ නායක පුටුවට මේ වන විටත් තවත් කෙනකු පත් කර තිබෙන බවයි.තම නායකයින්ට ආරක්ෂක අංශ වලින් එල්ල වන තර්ජනයන් නිසා තමන් සෑම විටම සිටිනුයේ සූදානම් ශරීරයෙන් බවත් නායකයෙකුට විපතක් සිදුවුවහොත් ඔහුගේ තැන ගැනීමට තවත් කෙනෙක් මුල සිටම සූදානම් කර තිබෙන බවත් එම ප‍්‍රකාශයේ සදහන්ය.



අදහස් (0)

ජගත් කුඩු රජාගේ සිහසුන කැඩේ

කුමාර් Sunday, 23 February 2014 04:16 PM

අනේ මේවගේ ලංකාවෙත් මහ කුඩු එවුන් ටික අල්ලගත්තනම්!!! (අ)

:       0       0

අසෝකා Sunday, 23 February 2014 04:22 PM

රජකම් කළත් කළකම් පළ දෙනවාය! කියන්නේ මේවට තමයි.(දිල්)

:       0       0

නිල Tuesday, 25 February 2014 10:18 AM

එකට ලංකාවේ ...(දී)

:       0       0

රවීන් Sunday, 23 February 2014 06:12 PM

මෙක්සිකෝවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ, මේ වගේ වැඩ ලංකාවේ වෙන්නෙම නෑ (දිල්)

:       0       0

මානගේ Sunday, 23 February 2014 08:02 PM

ලංකාවෙන් මේවා තුරන් කරන්නේ කවදාද ?(දිල්)

:       0       0

නාරද Sunday, 23 February 2014 09:14 PM

රජකම් කළත් කළකම් පළ දෙනවාය.(නදී)

:       0       0

ගාමිණී -සිරි Sunday, 23 February 2014 09:15 PM

මේකත් ජතාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා ජිනීවා සමුළුවට යොමු කරන එක ඇමෙරිකාවේ යුතුකමක් !!(නදී)

:       0       0

අචිනි Monday, 24 February 2014 06:57 PM

ලංකාවේ කුඩු මුදලාලි කෙනෙක්ව මෙහෙම ඇල්ලුවොත් සොරිම තමා.. අහවල් කෙනා එවලේම ගෙදරට ගිහින් මුළු පොලිසියම ගෙදර.(නදී).

:       0       0

කුමාරි Monday, 24 February 2014 06:58 PM

කල කර්මය පල දෙනවා......................... රජ මාවත බැස යනවා.(නදී)

:       0       0

ක්‍රිෂාන්ති Sunday, 23 February 2014 11:30 PM

හොඳ වෙලාවට ලංකාවෙ කුඩු බිස්නස් ඇත්තෙම නෑ.(නදී)

:       0       0

ඔසී Monday, 24 February 2014 07:27 PM

කවදද ලංකාවේ කුඩු රජාව අල්ලන්නේ .(නදී)

:       0       0

රමේෂ් Monday, 24 February 2014 06:08 AM

ලංකාවෙත් මෙහෙම උනානම් හොඳයි. ලංකාවේ වෙන්නේ පොඩි උන් හිරේ දානවා ලොකු උන් කුඩු බෙදනවා.(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 24 February 2014 06:37 AM

අනේ ඔය වගේ ලංකාවෙත් උනානම් ..ලොක්කෝ තුන්කාලක් අද ඇතුලේ.(නදී)

:       0       0

චාරුක Monday, 24 February 2014 07:16 AM

ලංකාවේ මෙහෙම දෙයක් කළා නම් ලොකුම පුටුවක් දීලා.(නදී)

:       0       0

බුද්ධික Monday, 24 February 2014 07:20 AM

මෙයා ලංකාවේ හිටියනම් මෙයාගේ සේසත අපේ දේශපාලුවෝ ටික බෙදා ගෙන මෙයාට ඉහලම තනතුරක් දෙනවා. ඊට පස්සේ මෙයාව අල්ලපු පොලිස් නිලදාරින්ට සැලියුට් ගහන්න වෙනවා.(නදී)

:       0       0

කොලිත Monday, 24 February 2014 11:53 PM

රවින් හැම වෙලාවේම අශුබ වාදීව හිතන්න එපා....ජීවිතේම කාලකන්නි වෙනවා. (අ)

:       0       0

සංජු Monday, 24 February 2014 08:50 AM

ලංකාවේ හිටියනම් දේශපාලනය කරන්න තිබුන .(අ)

:       0       0

ගම්්‍යා Tuesday, 25 February 2014 07:59 AM

මොඩය! ලංකාවට පැන්නනම් පත්කළ මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවටත් ගිහින් කැබිනට් ඇමතිකමකුත් ගන්න තිබ්බ.(අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 12:15 PM

කල කල දේ පල පල දේ. (අ)

:       0       0

සූරිය Monday, 24 February 2014 12:22 PM

මට මතක් වෙන්නේ අපේ ලංකාවේ මේ වගේ අයකොච්චර ඉන්නවද නේද ? අර ගෙනාපු කුඩු කිලෝ 250 මොකද උනේ ? (අ)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 12:28 PM

මොහු අත්අඩංගුවට පත් වීම, පහු ගිය දවස් වල බොහෝ විදේශීය රුපවාහිනි නාලිකා වල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණා (අ)

:       0       0

රන්ජනි පෙරෙරා Monday, 24 February 2014 01:33 PM

ලොව අංක එකේ කුඩු රජා එතකොට අර ගොල්ලන් ???. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 162 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 28 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 19 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site