IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාටත් අන්තර්ජාලය දෙන්න චන්ද්‍රිකා 180ක්

අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 180 ක් ආධාරයෙන් මුලූ ලොවටම අන්තර්ජාල පහසුකම ලබා දීමේ සැළසුමක් ක්‍රියාවට නැංවීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටී.

අන්තර්ජාලය පහසුකම වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ලොව සියලූ දෙනාට ලැබී ඇතැයි සිතිය හැකි මුත් තවමත් බිලියන 4.8 ක් පමණ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමට පහසුකම් නොමැත.

ගූගල් සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය මගින් ලෝවැසි සියලූ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සැළසේ.

අවශ්‍යතාවය අනුව අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා ප්‍රමාණය වැඩි කිරීමටද නියමිතය.

මෙම චන්ද්‍රිකා සාමාන්‍ය චන්ද්‍රිකාවකට වඩා ප්‍රමාණයෙන් කුඩාය.තවද එම චන්ද්‍රිකාවක් පෘථීවියේ සිට අභ්‍යාවකාශයේ රදවා තිඛෙන දුරට වඩා අඩු දුරක සිට පෘථීවිය වටා ගමන් කරන සේ රැදවෙනු ඇත.

සියලූ දෙනාට අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා ගූගල් සමාගම තවත් ව්‍යාපෘතීන් දෙකක්ද දියත් කිරීමට සැළසුම් කර තිබේ.

ඉන් එකක් හීලියම් බැලුන ආධාරයෙන් ගුවනේ රැදවෙන සම්ප්‍රේෂක ආධාරයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමයි.මෙය ඇතැම් රටවල ළගා වීමට පවා අපහසු ප්‍රදේශයන් ඉලක්ක කර කි්‍රයාත්මක කිරීමට සැළසුම් කර ඇත.

අනෙක ගුවනේ රැදවෙන නියමුවන් රහිත ඩ්‍රෝන යානා අධාර කරගෙන අන්තර්ජාල පහසුකම් සැපැයීමයි.මේ වෙනුවෙන් නියමුවන් රහිත හා සූර්ය බලයෙන් කි්‍රයාත්මක වන ඩ්‍රෝන යානා නිපදවන සමාගමක් වන ‘ටයිටන් එරෝස්පේස්‘ මිලයට ගැනීමටත් ගූගල් සමාගම පසුගිය සමයේ කටයුතු කළේය.

අන්තර්ජාල පහසුකම් සැළසීමට පොළව හාරමින්,රැහැන් එළමින් කරන වියදම් අධික සාම්ප්‍රදායක ක්‍රමවේදයන් වෙනුවට මෙවන් නව අදහස් ඉදිරිපත් වීම හොද ප්‍රවණතාවක් යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ අතර ෆේස්බුක් සමාජ ජාලයද ඩ්‍රෝන යානා ආධාරයෙන් ලෝකයේ දුෂ්කර ප්‍රදේශයන්ට අන්තර්ජාල සේවා සැපැයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.



අදහස් (0)

කාටත් අන්තර්ජාලය දෙන්න චන්ද්‍රිකා 180ක්

විමල් Wednesday, 04 June 2014 05:53 AM

එක් එක් රටවල් අන්තර්ජාල සේවා වලට දා ඇති තහංචි නැති කරන්න මේක හොඳ අවස්ථාවක් (නි)

:       0       0

රවින්ද්‍ර Sunday, 08 June 2014 12:19 PM

ඔය ඇමරිකාවට වැඩිපුරම බනින්නෙ ඇමරිකාවෙ පරිඝනක දත්ත සොරකම් කරන අය මුලු ලෝකෙම හොරු එකසිය ගානට ඇමරිකාවෙ දත්ත සොරකම් කරනව බොරුවට ඒව ඇමරිකාවෙන් කරන විදියට හඟවනව. එහෙන් බැංකුවලින් සල්ලි අදිනව. ඕන කරන සත්කාරයට ඇමරිකාවට පිං දෙන්න. (දී)

:       0       0

ලක්මල් Wednesday, 04 June 2014 08:26 AM

නියම වැඩේ සිංහරාජ අඩවියටත් හොඳට සිග්නල් ඇති වෙයි.(නදී)

:       0       0

සම්පත් කොරියා Wednesday, 04 June 2014 08:32 AM

අපේ අය පිකටින් කරාවිද ? තව දන්නේ නැතුව ඇති (නදී)

:       0       0

අජිත් Wednesday, 04 June 2014 08:34 AM

අපේ රටේ අසාදාරන ව්දියට අන්තර්ජාල සේවා , මිනිසුන්ට මාස් පතා අන්තර්ජාල අය කරන කොම්පැනි වලට , දුරකථන ජාල පවත්වන් යන කොම්පැනිවලට , අහෝ දුකකි , ඉරකි , තිතකි (නදී)

:       0       0

සුසිර Wednesday, 04 June 2014 04:26 PM

දර්ශන, ලෝකෙට ණය වෙලා ලංකාවෙන් උඩ ඇරපු චන්ද්‍රිකාව දැන් තියෙන්නේ චීන බැංකුවේ වහලය උඩ. ණය ඕන කියන හඬට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. කාටද ආඩම්බර? (ස)

:       0       0

කපිල Wednesday, 04 June 2014 04:34 PM

මේ වැඩේ හොඳට වෙයිද නරකට වෙයිද කියන්න පුළුවන් කාටද? ඇමෙරිකන් කාරයා කවදාවක් අපිට නම් සෙතක් කරයි කියල විශ්වාස කරන්න අමාරුයි. අනුන්ගේ රටවල ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් වෙන්නත් පුළුවන්. තමන්ගේ රටවලට අහිතකර දේවල් පාලනය කරන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. මා දන්නා විදියට නම් අපේ අන්තර්ජාල ගාස්තු අනික් බොහෝ රටවලට වඩා අඩුයි. තාක්ෂණයත් හොඳයි. (ස)

:       0       0

රාජ් Wednesday, 04 June 2014 09:24 AM

මේක සතුටුදායක විදියට අවසන් වෙන සැළැස්මක් වුණොත් නම් හොඳයි (නි)

:       0       0

සහන් Thursday, 05 June 2014 07:04 AM

දැන් ඉතින් ලංකාව ඇතුළු මුළු ලෝකෙටම හරියාවි. මිනිස්සුන්ට අන්තර්ජාලේ විතරයි අඩුවෙලා තිබුනේ. කාට හරි බැරිද මුළු ලෝකෙම බඩගින්නේ ඉන්න බිලියන ගණනක දරුවන් ඇතුළු ජනතාවට කන්න දෙන්න ක්‍රමයක් සොයාගන්න. (නදී)

:       0       0

සුජාන් Wednesday, 04 June 2014 09:25 AM

ඕවා අපිට ගන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

සනත් උදයවංශ Wednesday, 04 June 2014 05:03 PM

රොෂාන් හරියටම හරි. ලංකාවේ අන්තර්ජාල සම්බන්ධ ආයතන විශාල මුදලකට අන්තර්ජාල සේවා දෙනවා. ඒකත් දෙන්නේ සමහර දත්ත සීමා කරලා. බලන්න ගූගල් වලට තේරිලා තිබෙනවා ඇත්ත. (නි)

:       0       0

පෙඩ්රික් Wednesday, 04 June 2014 09:26 AM

ගූගල් සමාගමට ස්තූතියි! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 09 June 2014 05:08 AM

දැන් මොන බාධක දැම්මත් අන්තර්ජාලය කාටත් ලෝකයේ එක සේ ලැබේවි. කොච්චර බැන්නත් ඇමරිකන් අය තමයි අවසානයේ උදව්වට ඉන්නේ (නි)

:       0       0

කමල් Wednesday, 04 June 2014 09:41 AM

රටවල් තමන්ගේම ස්වාධීන සංනිවේදන පද්ධති ගොඩ නගා ගැනීමත් වැදගත්. දියුණු රටවල මෙම ක්‍රම වලට අප හුරුවූ විට ඉදිරියේදී ආර්ථික සම්බාධක වෙනුවට දත්ත හුවමාරුව නවතා දමන ක්‍රම භාවිතා කිරීමට ද ඹවුන් මත අප යැපෙන තත්ත්වයට පත් කර ගැනීමට ද දියුණු රටවල් මාන බලාවි‍. (ස)

:       0       0

දර්ශන Wednesday, 04 June 2014 09:53 AM

ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව මතක් උනා හදිස්සියේම. කාට හරි කියන්න පුලුවන්ද දැන් ඒක කොහෙද කියලා?(නදී)

:       0       0

ගයන් Wednesday, 04 June 2014 10:17 AM

ලංකාවෙන් යවපු එකෙන් තමයි අපි මේ හැමදේම කරගන්නේ.(නදී)

:       0       0

සිරි Wednesday, 04 June 2014 10:46 AM

දර්ශන ලංකාවෙ චන්ද්‍රිකාව ඇරියේ මනිවානන් නමැති දෙමළ ජාතිකයෙකුට අයත් සුප්‍රීම් සෙට් කියන පුද්ගලික අයතෙනයෙන් ..ඒ ගොල්ලන්ට අපේ රටේ ජංගම දුරකතන ආයතන සල්ලි ගෙවනවා පිටරට ඇමතුම් වලට. (ස)

:       0       0

කමල් Thursday, 05 June 2014 09:17 AM

අර ලංකාවේ තොරතුරු තාකෂණය දියුණු කරන්න බොරුවට කෑ ගහන කට්ටියට ගානක් දුන්නා නම් මේ චන්ද්‍රිකා ටික උස්සගෙන ඉදියි. (නදී)

:       0       0

අමිල සිංග Wednesday, 04 June 2014 11:59 AM

කමල් සමග මාත් ඒකඟයි. පුද්ගල පුද්ගල වශයෙන් බොහෝ පහසුකම් සැපයුනද, ජාතික මට්ටමින් ගත්තම රටවල් වල සියලු විස්තර එක සමාගමක් වෙතට එකතුවීම ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වීමට පුළුවන්. දැනටමත් ඇමරිකාවෙන් අනිත් රටවල නායකයින්ගේ දුරකථන සංවාද නිරීක්ෂණය කිරීම ප්‍රසිද්ධ රහසකි. (ස)

:       0       0

නිලන්ත Tuesday, 03 June 2014 10:40 PM

අපේ අය කොච්චර බැන්නත් ඇමෙරිකාව නිසා තමයි ලෝකයට හැමදේම ලැබෙන්නේ. (නි)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 10 June 2014 03:59 PM

අන්තර්ජාල පහසුකම් සැමට දීල හැම දෙනාගේම පුද්ගලික තොරතුරු රැස් කර ගැනීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ. තාක්ෂනය දියුණු වෙන තරමට පුද්ගලිකත්වය සීමා වන බව කාටවත් තේරිලා නැහැ වගේ..... (දී)

:       0       0

කුමාර Saturday, 07 June 2014 12:32 PM

අහසින් පොලවට විශාල උල්කාපාතයක් එනවා කිව්වොත්, කියවී, "අනේ නාසා එකට බැරිද මේ විපතින් අපිව මුදවාගන්න. එතකොට ඇමෙරිකාව හොද රටක්. මේ වගේ වියාපෘතියක් ක්‍රියාත්මක කරන කොට එකෙන් ඔත්තු බලනවා කියනවා, මොන රට ද ඔත්තු බලන්නේ නැත්තේ, අනුන්ගේ කුණු කන්දල් අවුස්සන එක ඔය හැම රටම ඒ ඒ රටේ වත්කම අදායම් තත්වය ආරක්ෂක තත්වය අනුව අඩු හෝ වැඩි වසයෙන් කරනවා. සමහර ඒවා අපට අවබෝධ වෙන්නේ, විනාසේ කරලා ගියාට පස්සේ. දැන් අපට ඉතාම හිතවත්ව ඉන්නබව පෙන්වන රටවල් කීපය පවා කරන්නේ ඒ ගොල්ලන්ට අනාගතයේදී වියහැකි උපද්‍රව වලින් බේරෙන්න මේ රටේ ඒ ගොල්ලන්ගේ වියදමින් විවිධ ඉදිකිරීම් කරලා අපටම එකේ නයත් අවුරුදු 30ක් හෝ 50 තුල ගෙවන්න කියල, ඉදිකිරීම්වල පලප්‍රයෝජන ඒ රටටම හරවගන්නවා. (දී)

:       0       0

රොෂාන් Wednesday, 04 June 2014 01:07 PM

ගූගල් සමාගම අපට ආදරේට කරන වැඩක් නම් නෙවෙයි මේක, අන්තර්ජාල භාවිතය වැඩි වෙනව කියන්නෙ ඒගොල්ලන්ට තව තවත් ආදායම් වැඩි වෙනව කියන එකයි. ඇමරිකානු රජයට තමන්ගෙ රහස් පරීක්ශකයන්ට අලුතින් වැඩ දෙන්නත් පුලුවන්. කොහොම උනත් වැඩේ හොඳයි. මොකද අපේ ගොයියල අපට පෙන්නන්නෙ ඉන්ටනෙට් තවමත් මැජික් එකක් විදියටනෙ. 24 පැයේ අන්තර් ජාල සම්භන්දතාවක් ගන්න ලංකාවෙ, ඉඩමක් උකස් තියන්න ඕනෙ. සමහර රටවල් වල නම් රු. 6000ක් විතර වියදම් කරද්දි ගන්න පුලුවන්. (ස)

:       0       0

සමන් Tuesday, 10 June 2014 09:54 AM

ඔය මොනව කලත් වහින වෙලාවට සිග්නල් නැතිවෙනව (දී)

:       0       0

පද්මිණි Wednesday, 04 June 2014 08:30 PM

ඉතාමත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 552 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 55 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 36 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 237 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 145 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 129 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site