IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් වැසියන්ගේ සිරුරු හමුවේ

ඇමෙරිකන් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු, අතුරුදන් වූ ඇෆ්ගන් ගම්වැසියන් නව දෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වීමත් සමඟ, ඇෆ්ගන් වැසියෝ ඇමෙරිකන් හමුදාවට එරෙහිව ඊයේ (5) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් අතර දහසකට වැඩි පිරිසක් ඊට එක් වූහ.
විරෝධතාකරුවන් කාබුල් අගනුවර තෙක් දිවෙන අධිවේගී මාර්ගයක් හරස් කරමින් එම විරෝධතාව පැවැත් වූ හෙයින් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා විය.

එම මළ සිරුරුවලින් හයක් හමු වූයේ මීට සතියකට පෙරය.

ඉතිරි මළ සිරුරු හමු වී ඇත්තේ පෙරේදා (4) උදෑසන නිරාක් නමැති දිස්ති‍්‍රක්කයේ ඇමෙරිකා හමුදා කඳවුරක් අසලදීය.
එම ගම්වැසියන් වධබන්ධනවලට ලක් කර මරා දමා ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බව නිරාක් ආණ්ඩුකාර අතයුල්ලා කොග්යානායි පවසා ඇත.
විරෝධතාකරුවන් ඇෆ්ගන් රජයට එක හඬින් කියා සිටියේ එම ගම්වැසියන් අත්අඩංගුවට ගත් ඇමෙරිකන් සෙබළුන් ගැන වහා සොයා බලා ඔවුන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසටය.

ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි මේ ගැන ඇමෙරිකා හමුදාවට දැනුම් දී ඇති අතර, ඇමෙරිකා හමුදාව පවසා ඇත්තේ ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන බවය.

අහිංසක සිවිල් වැසියන් කිසිම අවස්ථාවක වධබන්ධනවලට ලක් නොකරන බව ද ඇමෙරිකන් හමුදාව යළිත් වරක් අවධාරණය කළේය.

මීට මාස කිහිපයකට පෙර ද මේ අයුරින් ඇමෙරිකානු හමුදා ඇෆ්ගන් සිවිල් වැසියන්ට අඩන්තේට්ටම් කරන බව වර්දාක් නමැති ප‍්‍රාන්තයෙන් වාර්තා විය.
වර්දාක් ප‍්‍රාන්ත වැසියන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඇමෙරිකන් හමුදාවට අණ කළේ වර්දාක් ප‍්‍රාන්තයෙන් වහා පිට වී යන ලෙසටය.

ඒ අනුව වර්දාක් ප‍්‍රාන්තයේ ඇමෙරිකන් හමුදා සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කෙරුණි.

ඇමෙරිකන් හමුදාව ලබන වසරේ දී එනම් 2014 දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිතය. ඒ, රටේ ආරක්ෂාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරමිනි. ඒ සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී.

සංග‍්‍රාම කටයුතු අවසන් වුවත් 2014 වසරෙන් පසු ඇමෙරිකන් හමුදා කඳවුරු කිහිපයක් ඇෆ්ගනිස්තානයේ දිගටම පවත්වා ගෙන යෑමට ඇමෙරිකාව තීරණය කර ඇත.

ඇමෙරිකාව එම තීරණය ගත්තේ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි කළ ඉල්ලීමකට අනුවය.

ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියහොත් ඉරාකයේ සිදු වන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේ යැයි ඇෆ්ගන් රජය බිය පළ කර ඇත. ඇමෙරිකා හමුදා කඳවුරු රටේ පවත්වා ගෙන යෑමට ඇෆ්ගන් රජය ඇමෙරිකාවට අවසර දී ඇත්තේ ඒ අනුවය.



අදහස් (0)

ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් වැසියන්ගේ සිරුරු හමුවේ

සුරේෂ් Thursday, 06 June 2013 11:51 AM

ඕවට තමයි කල කල දේ පල පල දේ කියන්නේ.(නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 06 June 2013 01:32 PM

නයි රෙද්ද පල්ලේ දාගෙන කනෝ කනෝ කියනවලු. (නි)

:       0       0

කෝලිත Thursday, 06 June 2013 02:17 PM

එහෙම අහිංසකයෝ මැරුවට මානව අයිතිවාසිකම් කඩ කරලා නැතුව ඇති. ඒක නිසා ඔය උද්ගෝෂණ වලින් වැඩක් වෙන්නේ නැහැ කියලා එයාලට දන්වමු (නි)

:       0       0

රකිත් Thursday, 06 June 2013 09:00 AM

අපිට යුධ අපරාධ ගැන බණ කියන ඇමෙරිකානුවා නේද මේ? කොහොමද කෙරුවාව? (නි)

:       0       0

මහේෂ් ද සිල්වා Thursday, 06 June 2013 10:14 PM

ඔහොම කරලා මදි. භාමියන් කියන ලෝක උරුම බුද්ධ ප්‍රතිමාව කඩපු එකට ඔහොම වෙලා මදි. (නි)

:       0       0

උදය Thursday, 06 June 2013 04:01 PM

මෙහෙම වැඩ කර කර ලංකාවට දොස් කියනවා නැති වැරදි ඇදගෙන. මොකද ලංකාව දියුණු වුනොත් ආසියාවට සිද්ද වෙන වාසි දැක්කහම ඇමෙරිකාවටත් යුරෝපයටත් බලාඉද්දි ආර්ථික ප්‍රශ්න වැඩි වෙන හැටි ඉවසන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1634 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 271 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 94 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 267 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 135 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site