IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


ඇත්තෝ කති බොති - නැත්තෝ ලෙව කති

දුගියා හා ධනවතා අතර අහසට - පොළව පරතරය ඔවුනොවුන්ගේ කෑම මේස වලින් පෙන්වාදීමට ඇමරිකා ජාතික ඡායාරූප ශිල්පියෙක් කටයුතු කර ඇත.

‘පවර් හන්ගි‍්‍ර‘ (බලයට කෑදරයි) ලෙස නම් කර ඇති මේ ඡායාරූපයන් වල අතීත රෝම,ඊජිප්තු ශිෂ්ටාචාර සිට අද දිනයේ නූතන මානවයා දක්වාම පැවතගෙනවිත් තිබෙන දුප්පත් - පොහොසත් භේදය මනාව සටහන් කිරීමට ඔහු සමත්ව ඇත.

ඊජිප්තු ශිෂ්ටාචාරයේ ධනවතුන් රසමවුලෙන් පිරි ආහාර වේලක් භුක්ති විදිද්දී දුගීන්ට පාන් කැබැල්ලක් හා එළවළු ඩිංගකින් සෑහීමකට පත්ව සිදුවූ හැටිද,රෝම ශිෂ්ඨාචාරයේ ඉහළ සමාජ තලවල සිටියෝ මසුන්,පළතුරු,එළවළු ආදී සකළ විධ ආහාර වලට හිමිකම් කියද්දී දුප්පතාට මිලට් ධාන්‍යයෙන් කුසපුරවා ගැනීමට සිදුවූ හැටිද ඔහු ඡායාරූපයට නගා තිබේ.

ඔහුගේ ක‍්‍රමවේදය වී තිබෙන්නේ මේසයක් දෙකට බෙදා එක් පසෙක දුගීන්ට හිමි ආහාරත් අනෙක් පස පොහොසතුන්ට හිමි ආහාරත් තබා ඡායාරූපයන් ගැනීමය.මෙනිසාවෙන්ම ඒවා ක්ෂණිකවම සිතට වදී.

නූතන ශිෂ්ඨාචාර වල දුප්පත් හා පොහොසත් ආහාර වේල් වල වෙනස්කම් තම කැමරාවේ සටහන් කිරීමටද සමත්ව ඇති ඔහු ‘පාන් නැත්නම් කේක් කාපන්‘ යැයි ප‍්‍රංශයේ මාරි ඇන්ටොනේට් රැජින තමන් ඇතුළු රජ පිරිවර සුපිරි පන්නයේ ආහාර භුක්ති විදිද්දී සාමාන්‍ය ජනතාවට අණ කළ අන්දමද නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමට සමත්ව තිබෙන්නේ මේසයේ එක් පසෙක එළවළු,විස්කෝතු,වයින් ආදී ආහාරපාන තබා අනෙක් පස දුර්වර්ණව ගිය කේක් කැබැල්ලකුත් ජල බඳුනකුත් තබාය.

අනතුරුව ලොව වත්මන් තත්ත්වය පෙන්වාදී තිබෙන ඔහු ඇමරිකාවේ,සිරියාවේ හා උතුරු කොරියාවේ ආහාර මේස කෙරෙහි අවධානය යොමුකර තිබේ.ඇමරිකාවේ ආහාර මේසයේ ලොකු වෙනසක් නොතිබුණත් සිරියාවේ හා උතුරු කොරියාවේ ආහාර මේස දකින විට ලොව මෙවන් තත්ත්වයක්ද තිබෙන බව නැවත නැවතත් සිහිගැන්වේ.

සිරියාවේ ආහාර මේසයේ දුගියාගේ පැත්තේ ඇත්තේ ලූණු බිදක් පමණි.අනෙක් පැත්තේ රසමවුළුය.ජනපති බෂීර් අල් අසාඞ් වුවමනාවෙන්ම සිරියාවේ ආහාර බෙදාහැරීම් තහනම් කර ඇති බව කියැවේ.ඔහුගේ උත්සාහය වී තිබෙන්නේ කැරලිකරුවන් අඩපණ කිරීම වුවත් එයින් පහර වැදී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය.

උතුරු කොරියාවේ පොහොසත් පැත්ත වසා විවිධ වර්ගයේ ආහාර වර්ගයන්ය.දුප්පත් පැත්තේ ඇත්තේ සුප් බදුනක් හා විස්කෝතුය.උතුරු කොරියාවේ ළමෝ මන්දපෝෂණයෙන් පෙළෙන බවටත් තොරතුරු වාර්තාවීද ඇත.නමුත් රටේ පොහොසතාට ඒ බව ගණනක් නොමැති සැටිය.

මෙවන් ඡායාරූප ගොන්නක් ඉදිරි දිනවලදී නිව්යෝරක් නගරයේ ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.ඇඳුමින් පැළඳුමින්,යාන වාහන නිවාස ඉඩකඩම් වලින් සැමදාම දකින දුප්පත් පොහොසත් භේදයට වඩා මෙම ඡායාරූපයන් සිතට වඩාත් කාවදින බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කරතිබූ බොහෝදෙනා සදහන් කර තිබුණි.

23E1E06E00000578-0-image-a-74_1418068432738 23E1E07E00000578-0-image-m-80_1418068485049



අදහස් (0)

ඇත්තෝ කති බොති - නැත්තෝ ලෙව කති

ශිරන්ති Wednesday, 10 December 2014 11:05 AM

මේ විදියට ලංකාවේ කෑම මේසයකුත් දෙකට බෙදලා තියන්න ඕනේ දේවල් මොනවද කියලා අපිත් හිතලා බලමුද ? (ස)

:       0       0

සමන්ති Friday, 12 December 2014 02:24 PM

රජ මැදුරක හිටියානම් (අ)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 11:51 PM

අපේ රටේ ලොක්කෝ කන්නේ කුරහන් රොටි ,අපිට කැවෙන්නේ ච්යිනීස් නූල්ඩස් (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 05:10 AM

වැඩි කල් නොයා අපිටත් මෙම තත්වය අත් විඳින්න වෙයිද මන්ද? (නදී)

:       0       0

තිලක් Sunday, 14 December 2014 11:55 PM

අපේ නම් මීට වෙනස්. දුප්පත් අපි කොස් දෙල්, අල බතල, කොහිල, තිබ්බොටු, කෙසෙල් මුව, ගොටුකොල, තෙබු, ඉරිඟු තලප, අඹ,රඹුටන්, පේර, වෙරළු. පුංචි මාලු.... පොහොසත්තු මැක්ඩොනල්, චයිනීස්, බර්ගර්, එළු මස්, ඉස්සෝ, පොකිරිස්සෝ, කුකුළු මස්, බුරියානි... ඉතින් කවුද හොඳට කන්නේ කියලා බලන්නකෝ. (නි)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 10 December 2014 03:02 PM

අපි කන හැටි ලිපාදනී. පැරණි පිරුළ මතක් කරණවා හැර කුමක් කරන්නද? (නදී)

:       0       0

කැළුම් Friday, 12 December 2014 03:49 AM

මට නම් පෙනෙන්නේ ලංකාවේ කෑම මේසෙ මීට වඩා බෙදිලයි තියෙන්නේ කියලයි. (නි)

:       0       0

සමීර Monday, 15 December 2014 03:15 AM

අදත් මේක හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. බලය ඇත්තෝ කෑදරකමෙන් සියල්ල භුක්ති විඳිනකොට පොඩි අය ලෙවකනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු
2024 මැයි මස 14 3445 0

ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.


දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට
2024 මැයි මස 14 1216 0

ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.


මෝදි නාම යෝජනා භාර දෙයි
2024 මැයි මස 14 812 0

ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.


උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම්
2024 මැයි මස 13 2204 2

තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට,


ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට
2024 මැයි මස 13 135 0

ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජි


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
2024 මැයි මස 13 890 1

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 696 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site