‘හරි අපූරු සොයා ගැනීමක් ගැන විස්තර කියන්න තියෙනවා’ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, නව සොයා ගැනීම, පෘථිවියේ එකම ස්වභාවික චන්ද්‍රිකාව ද වන වායු ගෝලයක් නැති, නිසල සඳ සම්බන්ධයෙනි. සඳ මතුපිට ජලය තිබෙනවා.’ නාසා විද්‍යාඥයන් ලොවට අනාවරණය කළ අපූරු සොයා ගැනීම එයයි.
නාසා විද්‍යාඥයන් කළ පැහැදිලි කිරීමට අනුව ජලය ඇතැයි පැවැසෙන්නේ සඳුගේ හිරු එළිය වැටෙන පැත්තේය. සඳට අඳුරු පැත්තක් ද තිබේ. හිරු එළිය නොවැටෙන අඳුරු පැත්ත ලෙස හැඳින්වෙන්නේ සැමවිටම පෘථිවියට විරුද්ධව මුහුණ ලා පිහිටින බැවිනි. සඳ මතුපිට ජලය තිබෙනවා යනුවෙන් අදහස් කරන්නේ විල්, වැව්, පොකුණු හමුවීමක් නොවෙයි. විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වී ඇත්තේ සඳුගේ පස් අතරේ ඇති ජල අංශුය.
නාසා විද්‍යාඥයන් මෙම ජල අංශු සොයමින් සඳ ගවේෂණය කර ඇත්තේ පෘථිවියේ සිටය. ගවේෂණය කර ඇත්තේ බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට සම්බන්ධ කළ නවීන තාක්ෂණයෙන් නිපදවූ දුරේක්ෂයක් ආධාරයෙනි. මෙම දුරේක්ෂය සොෆියා ලෙස හැඳින්වෙයි. 2009 වසරේ සිට සොෆියා යොදා ගනිමින්, දත්ත රැස් කිරීම කර ඇතැයි ද පැවැසෙයි. ගුවන් යානය පියාසර කිරීමට සලස්වා ඇත්තේ කිලෝ මීටර් 12 උඩු ගුවනේය. කොතරම් ජල අංශු ප්‍රමාණයක් නාසා විද්‍යාඥයන් සොයා ගත්තාදැයි දැනගත්විට ඔබ පුදුම වනු නිසැකය.
2009 සිට මේ දක්වා කළ ගවේෂණයෙන් නාසා විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවුණු ජලය ප්‍රමාණය තේ හැන්දක් තරම්ය. සඳ මතුපිට ජලය ඇති බව තහවුරු වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර ගවේෂණයක් කිරීමට ද නාසා ආයතනය සැරසෙයි. එම ගවේෂණය සිදුවනු ඇත්තේ 2022 දී වයිපර් යනුවෙන් විශේෂ චන්ද්‍ර ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීමෙනි.
1969 දී නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් සම්බන්ධ වුණු චන්ද්‍ර වික්‍රමය සහ ඉන්පසු සිදු කළ චන්ද්‍ර වික්‍රම ක්‍රියාවට නැංවූයේ ඇපලෝ යනුවෙනි. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් දෙදෙනා සඳ මතට පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුම යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන්වීමෙන් පසු නාසා ආයතනය හෝ පෘථිවියේ වෙනත් අභ්‍යවකාශ ආයතනයක් හෝ මිනිසුන් සඳට යැවුවේ නැත. සඳට යෑමත් එසේ මෙසේ කටයුත්තක් නොවේ. එය මිල අධිකය. ප්‍රබල රොකට්ටු සහ අභ්‍යවකාශ යානා අවශ්‍ය වෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංකල්පයකට අනුව, 2024 දී නාසා ආයතනය යළි සඳට මිනිසුන් යැවීමට සැරසෙයි. ඒ, ආටිමිස් නමැති මෙහෙයුම යටතේය. මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ මිනිසුන් පමණක් නොව, ගැහැනුන්ට ද සඳට යෑමට අවස්ථාවක් හිමිවීමය. නාසා ගගනගාමියකු සමඟ ගගනගාමිනියක සඳට පය තැබීම ඓතිහාසික වික්‍රමයක් වනු ඇත. සඳ මතුපිට ජල අංශු පරිහරණයට එක් රැස් කර ගැනීමට හැකිවුවහොත්, ආටිමිස් මෙහෙයුමින් පසු, සඳ මතුපිට ජනාවාස පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු වනු නිසැකය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සඳ මතුපිට ජල අංශු