ගොවිතැන සිය ජීවනෝපාය කරගත් ඒ. අබිලීනු පලාගල, ඉහළ උල්පත ගමට පැමිණ ඇත්තේ මීට වසර හතළිස් පහකට පෙරදීය. ජීවන ගමනේ හැත්තෑහත්වැනි විය පසුකරමින් සිටින අබිලීනුට ජීවිතයේ මුහුණ පෑමට සිදුවූයේ ඉතා දුක්බර ඉරණමකටයි. තම වාසස්ථානය ඉදිකරන ඉදිකරන තැන වල් අලි පැමිණ එය කඩා බිඳ දැමීම එයට හේතුවයි. මේ වෙන විට අබිලීනු ඉදිකළ නිවාස සංඛ්‍යාව හතකි. මෙම නිවාස සියල්ල වල් අලි විනාශකර දමා තිබේ.
ජීවිත කාලය තුළ මිනිසකුෙග් ප්‍රධාන බලාපොෙරාත්තුව වෙන්නේ හොඳ නිවසක් හදාගෙන දරුමල්ලන් සමඟ සුවසේ ජීවත් වීමටය. එහෙත් සෑදූ සෑම නිවසක්ම වල් අලින් කඩා බිඳ දැමූ පසු ඔහු කෙතරම් නම් අපහසුතාවට පත්වන්නට ඇතිද?
මේ ඒ ගැන අබිලීනු පැවසූ කතාවයි : ‘මගේ උපන්ගම ගම්පහ, අමුණු කුඹුර. මෙහාට ආවේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ. ඒ කාලේ මම එළවලු බිස්නස් කළා. යහතින් අතමිට මිල මුදල් ගැවසුනා. එකසිය තිස්පහ වර්ගයේ ලොකු ට්‍රැක්ටරයකුත් අරගෙනයි මම මෙහාට ආවේ. ඒ ඇවිත් මේ කිට්ටුව තියෙන ගල්පාය කියන ගමේ පදිංචි වුණා. ආව කන්නෙම වී බුසල් හතළිහක කුඹුරු යායක් මම කන්න බද්දට අරගත්තා. නිසි පරිදි වර්ෂාව නොලැබුණු නිසා කන්නේ මුළු කුඹුරු යායම විනාශ වුණා. එයින් මට විශාල පාඩුවක් සිදුවුණා.
ඔය අතරේ රාත්‍රියේ දවසක් අලි ඇවිත් මගේ මුළු නිවසම බිමට සමතලා කළා. පසුව මම ඉහළ උල්පත ගමට පදිංචියට ආවා. ඒ ඇවිත් හදපු ගෙදරත් වල් අලි කඩාබිඳ දැමුවා. ඊට පසුව මම ඒ වත්තේම (ඉඩෙම්) වෙන තැනක අලුත් නිවසක් ඉදිකළා. ඒ නිවසත් වල් අලි බිමටම සමතලා කළා. පසුව මම ඉඩමේ කෙළවරක තව නිවසක් හැදුවා. ඒ නිවසත් හදලා අවුරුද්දක් යන්නට කලින් අලි රංචුවක් ඇවිත් කඩා බිඳ දැම්මා. ආයෙම ඉඩම බැද්දේ තව නිවසක් හැඳුවා. ඒක හදලා ආසාවට මාසයක් ඉන්න බැරි වුණා. අලි නව දෙනෙක් ඇවිත් ඒ නිවසත් කැඩුවා. පසුව එම ස්ථානයේම නැවත නිවසක් ඉදිකළා. ඒකත් අලි කැඩුවා. දැන් මේ ඉන්නේ හත්වෙනි ගෙදර. ඒ ගේ බිත්තියක් තනි අලියා ඇවිත් පෙරළුවා. මම ඒ බිත්තියට මැටි ගහලා නැවත සකස් කළා. අනිත් පැත්තේ බිත්තියට අලියා පහර දීලා ඒකත් ඇද වෙලයි තියෙන්නේ.
ඇද වුණු බිත්තියට මුක්කුගසා තිබෙන අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට ලැබුණි. වයෝවෘද්ධ වූවත් හැඩි දැඩි දේහයකින් යුතු අබිලීනු මහතාට පුළුන් වගේ මුහුණ පුරා වැවුණු රැවුලෙන් ගෙන දුන්නේ මහත් අභිමානයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතේගම ග්‍රාම නිලධාරී වසමේ ඉහළ උල්පත අබිලීනු මහතා පදිංචිව සිටී. ආඬියාගල නාමල් උයන මාර්ගයේ උල්පතේගම හන්දියෙන් හැරී මොරොන්තේගම දෙසට කිලෝමීටරයක් පමණ දුර ගිය විට ඉහළ උල්පත ගම්මානය හමුවේ.
අබිලීනු මහතාගේ බිරිද ඒ. නන්දාවතීගේ වයසු අවුරුදු හැට අටකි. දෙදෙනාම ගම්පහ අමුණු කුඹුරේ උපන්නෝ ෙවති. දෙදෙනාට දාව එක් දියණියක් හා පුතනුවන් දෙදෙනකු සිටිති.
මගේ එක පුතෙකුගේ අතක ඇඟිලි තුනක්ම නෑ. ඒ නිසා එයාට හරියට වැඩක් පලක් කරගන්න බෑ. පුතාගේ ඇඟිලි කැඩුනෙත් අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙලා. දුව විවාහ වෙලා. එයා පදිංචි ගම්පහ. ගෙදර ඉන්න බාල පුතා තමයි අපි දෙන්නව බලාගන්නේ. ඒ පුතා හැමදාම කුලී වැඩට යනවා. පුතාගේ අතේ කරගැට දුටුවාම මගේ පපුව පත්තු වෙලා යනවා. අබිලීනු දෙනෙතට නැගුනු කුඳුළු කැට දකුණතින් පිසදමමින් පැවසුවේය.
දහවල් කාලයේ නා කැෙල් සිටින වන අලි රෑ බෝ වෙන විට ගම්මාන තුළට පිවිසෙති. එසේ පැමිණෙන වන අලි පිපාසය සංසිඳුවා ගනු ලබන්නේ ඉදිගොල්ලෑව වැවේ ජලයෙනි. නා කැලයත් ඉදිගොල්ලෑව වැවත් අතර ගමන් මාර්ගය වැටී ඇත්තේ ඉහළ උල්පත ගම්මානය හරහාය.
වල් අලි හානි කියලා මට එකම එක වතාවක් රුපියල් දොළොස් දහසක වන්දි මුදලක් ලැබුනා. ඒක ලැබුණේ එක්දහස් නවසිය අසූ තුන වර්ෂයේ. ගෙවල් කඩපු අනෙකුත් කිසිම වතාවක මට වන්දි මුදලක් ලැබී නෑ. මම මේ ගමට පදිංචියට එනකොට ප්‍රදේශයේ අයට මහවැලි ඉඩම් ලබාදෙන කාලේ. ඒත් පිට ගම් කාරයෝ කියලා අපිට ඉඩම් දුන්නේ නෑ. මෙතන තියන උල්පතේ වැව හදන්න මම මැදිහත් වෙලා රුපියල් ලක්ෂ තිස්හතක් පාස් කරගත්තා. ඒත් මට ඉඩමක් දුන්නේ නෑ. දැන් මට වැඩක් පලක් කරගන්න බෑ. රෝග එමටයි. අවුරුදු හයක් ක්ලිනික් ගියා. දැන් ඒක යන්නෙත් නෑ. පුළුවන් විදිහට ඔහේ ජීවත් වෙනවා’ යැයි අබිලීනු පැවසුවේය.
සටහන හා ඡායාරූප :
කලාවැව - අතුල බණ්ඩාර නෙළුම්පත්ගම
ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.
‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.
සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.
ශ්රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
යන යන තැන වල් අලින්ගෙන් පහර කන අබිලීනු