මිනිසාට සොබා දහම පාඩම් කියා දෙන්නේ පොළොවට තරවටු කරමින් යැයි සිතේ. ඒ වෙනකක් නිසා නොව වරෙක මුහුද ගොඩ ගැලුවේය. එය සුනාමි තත්ත්වයක් යැයි කීහ. මුහුදෙන් නොනැවතී ගොඩ බිමට ද අනතුරු හැඟ වූ අවස්ථා බොහොමයක් ම වාර්තා විය. පසුගිය 29 දා මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ, තෙල්දෙණිය, හාරගම, මයිලපිටිය හා දිගන ප්‍රදේශයේ ජනතාව බියට පත් කරමින් වාර්තා වූයේ ද එවැනි තත්ත්වයකි. එහි දී පිපිරුම් හඬත් සමග පොළොව සෙල වුණු බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි. එය භූ කම්පන තත්ත්වයකි. ඒ කුමන හේතුවක් නිසා, කුමන ප්‍රදේශයක ඇති වූ තත්ත්වයක් ද ? මේ ඒ ගැන සොයා බැලීමකි.
පල්ලේකැලේ, හක්මන, මහකනදරාව සහ බුද්ධංගල යන ප්‍රදේශ හතරේ භූ කම්පන තත්ත්ව ගැන දැන ගැනීමට මාපක හතරක් සවි කර තිබේ. මෙයින් සිදු කරන්නේ මෙරට කොහේ හෝ කිසියම් ප්‍රදේශයක භූමි කම්පනයක් ඇති වූ පසු එය සිදු වූයේ කොහේද, ඊට හේතු වූ කාරණය කුමක්ද යන්න සොයා බැලීමට තොරතුරු ලබා ගන්නා බව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ , භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පවසන්නීය.
ඇය තවදුරටත් මෙසේ ද කීවාය. ‘‘භූමි කම්පාවක් සිදු වූ තැන නිවැරදිව පැවසිය හැක්කේ මාපක වලින් ලැබෙන තොරතුරු අනුවයි. එම තොරතුරු මාපක වැඩි ගණනකින් ලැබී තිබෙනවා නම් වඩාත් නිවැරදිව, එය සිදු වූ තැන, ගැන පැවසිය හැකියි. එහෙත් මෙහිදී වාර්තා වෙන්නේ පල්ලේකැලේ සවි කර ඇති මාපකයෙන් පමණයි. මහකනදරාවෙන් දුර්වල සංඥා කිහිපයක් ලැබී තිබෙනවා. අප කවුරුත් දන්නා සුනාමි භූමි කම්පාව ඉන්දියන් සාගරයේ ඇති වූ නිසා, මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දුනිසියාව යන රටවල මාපක සියල්ලේම සටහන් වී තිබුණා. ඒ අනුව එය සිදු වූ තැන නිවැරදිව පැවසිය හැකි වුණා.’’
‘‘එහෙත් මෙම සිදු වීමේදී පල්ලේකැලේ ඇති මාපකයේ පමණක් පැහැදිළිව සටහන් වෙලා තිබෙන නිසා, භූ කම්පනය සිදු වූ තැන නිවැරදිව කියන්න බැහැ. ඒ නිසයි ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන්නේ. ’’
මහනුවර, හන්තාන, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ භූ විද්‍යාඥ මහාචාර්ය දීපාල් සුබසිංහ මහතා.
‘‘භූ කම්පන ඇති විය හැකි ආකාර තුනක් දක්නට ලැබෙනවා. තල ගැටුම් වැනි ස්වභාවික හේතුවක්, හුණුගල් වැනි ද්‍රව්‍ය නිසා කඩා වැටීමක් (එම ප්‍රදේශයේ හුණුගල් නිධියක් පිහිටා ඇති අතර, මේ වෙන විටත් ඒවා කඩමින් පවතී) සහ බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන සිදු කරන පිපිරුමක් නිසා භූ කම්පන ඇති විය හැකිය.
‘‘ප්‍රධාන වශයෙන් භූ කම්පන ඇති වෙන්නේ තල ගැටුම් නිසයි. පෘථිවි කබල තල කිහිපයකට බෙදී තිබෙනවා. එය තවදුරටත් පැහැදි කරන්නෙ නම්, උණු වූ තාර උඩ, උණු නොවු තාර තිබෙනවා වගේ. උඩ තියෙන ඝන කොටස්, යට තිබෙන ද්‍රව පාෂාණ මත පා වෙමින් පවතින ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ ආකාරයේ තල පැලුම් කිහිපයක් පිහිටා තිබෙනවා. ඒවා කොටස් වලට බෙදෙමින් පාවෙනවා. උදාහරණයක් වශයෙන් දකුණු ඇමෙරිකාව සහ අප්‍රිකාව අතර මුහුදේ එක පැල්මක් ද, ජපානය, පිලිපීනය, ඉන්දුනිසියාව යන රටවල් අසලින් තවත් පැල්මක් ද දක්නට ලැබෙනවා.
‘‘මුහුදේ පමණක් නොව ගොඩබිමේ ද ඒ ආකාරයේ පැල්මවල් තිබෙනවා. හිමාලය කඳු පන්තිය සෑදී තිබෙන්නේ තල දෙකක ගැටුමක් නිසයි. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් තල වර්ග දෙකක් තිබෙන අතර, එය ගොඩබිම් (මහාද්වීපික) තල සහ සාමුද්‍රික (සාගර) තල වශයෙන් එය හඳුන්වනු ලබනවා. සාගර තලවල ඝණත්වය වැඩියි, එහෙත් ඝනකම අඩුයි. සාගරික තල උඩ, සාගරයත්, මහාද්වීපික තල උඩ, ගොඩබිමත් පවතිනවා. මාහාද්වීපික තලයේ කෙළවරට සාගරික තල සම්බන්ධ වෙලා තිබෙනවා. මහාද්වීපික තලවල ඝනකම වැඩියි. නමුත් තරමක් ඝනත්වය අඩුයි.
මෙම තල මායිම්වල ගැටෙන ආකාර තුනක් දක්නට ලැබෙනවා. එකිනෙක දෙසට චලනය වී ගැටීම, එකනෙකින් ඉවතට ගමන් කිරීමේ දී ගැටීම සහ එකිනෙකට සමාන්තරව ඇතිල්ලී ගෙන ගමන් කිරීමේ දී ගැටීම, ඒ ආකාරයෙන් තල ගැටෙන ආකාර තුනයි. සාගර තල වල ඝනත්වය වැඩි නිසා, සාගර තල දෙකක් ගැටුණොත්, එම තල දෙකේම ඝනත්වය වැඩි නිසා, දෙකම යටට යනවා. සාගරික තලයක් සහ මාහාද්වීපික තලයක් ගැටුණොත් සාගරික තලය යටට යනවා, මහාද්වීපික තලය උඩට යනවා. මහාද්වීපිත තල දෙකක් ගැටුණොත් මේ දෙකම උඩට යනවා. හිමාලය කඳු පංතිය සෑදී ඇත්තේ මේ ආකාරයේ තල ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනුයි. එපමණක් නොවෙයි, ඉන් පසුව ඇති වූ ගැටීම් නිසා, හිමාල කඳු පංතියේ උස පවා දැන් ටිකක් වැඩි වෙලා තිබෙනවා.’’
එසේ වුවත් තල ගැටුම්වල බලපෑම වැඩි වශයෙන් ඇති වෙන්නේ තලවල අයිනේ ජිවත් වෙන අයටයි. පිලිපීනය, ජපානය වැනි රටවල් පිහිටා තිබෙන්නේ තල අයිනට වෙන්න නිසා, භූ කම්පන තත්ත්වයන් වල දී, ඔවුන්ට සිදුවන බලපෑම වැඩියි. තල මැද ඉන්න අයට වෙන බලපෑම අඩුයි. එහෙත් එය සම්පූර්ණයෙන් ම නොවෙයි. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් පිහිටා තිබෙන්නේ එවන් තලවල මැද හරියේයි. ඒ නිසා අපි විශාල භූමි කම්පාවලට හසු නොවීමට තරම් වාසනාවන්ත වී සිටින්නේ.
එසේ වුවත්, තල ගැටීමක ප්‍රතිඵලයක් වශයෙන් කුඩා පැලුම් දක්නට පුළුවන්. ලංකාවේ වුවත් එවන් සිද්ධීන් වාර්තා වෙන්නේ ඒ නිසයි. කෙසේ වෙතත් ලංකාවට දකුණෙන් තවත් අලුත් භූ තල මායිමක් නිර්මාණය වෙමින් පවතින බවට විද්‍යාඥයන් අතර මතයක් පවතිනවා. ඒ නිසා පසුගිය කාලයේ දකුණු පළාතට හා අම්පාර ප්‍රදේශයේ සිදු වූ, භූ චලන වලට එය බලපාන්න ඇති බව සමහර විද්‍යාඥයන්ගේ අදහසයි. මෙවන් හේතුන් නිසාත්, කුඩා භූ වලන නැතිනම් භූමි කම්පා අපට දැනෙනවා. අපි ඒවා දැන ගන්නේ ඉන් පිටවෙන කම්පන තරංග නිසයි. මෙම තරංග පී සහ එස් යනුවෙන් හඳුන්වනු ලබනවා. පී තරංගය පළමුව පැමිණෙන අතර එහි වේගය වැඩියි. ඒ අනුව භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයකට පළමුව ලැබෙන්නේ මෙම තරංගයයි. තප්පර කිහිපයකින් පසුව එස් තරංගය ලැබෙනවා. එම තරංග පොළොව තුළින් ගමන් කරන වේගයන් දන්නා නිසා, එම තරංග නිකුත් වූ තැන සිට නිරීක්ෂණ මධ්‍යස්ථානයට දුර ගණනය කළ හැකියි. නමුත් දිශාවක් සහ නිශ්චිත ස්ථානයක් ගැන කීමට මධ්‍යස්ථාන තුනකින්වත් ප්‍රතිඵල ලැබීම අවශ්‍යයි.’’
බෝම්බ පිපිරුමක් නම් එස් සහ පී තරංග වෙන් වෙලා ගමන් කරන්නේ නැහැ. එනමුත් මෙම කම්පනය නිසා වේල්ලක්, නැතිනම් පුරවා ඇති ජලාශයක තෙරපුම නිසා කන්දක් වුවත් පුපුරා යා හැකියි. මෙරට ජලාශ පිර වු මුල් කාලයේ දී ද, එවැනි සිදු වීම් ඇති වූ බවට වාර්තා වෙනවා. කඳුවලට විශාල පීඩනයක් ඇති වෙන විට පැලුම් නිසා, චලන වැනි තත්ත්වයන් ඇති වෙනවා. මේ කාලයේ ජලාශවල ජලය අඩු නිසා සහ ජලාශ සාදා සෑහෙන කාලයක් ගත වී ඇති බැවින් එවැන්නක් පල්ලේකැලේ ප්‍රද්ශයේ සිදු වූවා යැයි, සිතන්නේ නැහැ.
තවද, දිගන, පල්ලේකැලේ ප්‍රදේශයේ පොළොව යට හුණුගල් පිහිටා තිබෙනවා. මෙම හුණුගල් වැනි පාෂාණ පහසුවෙන් දිය වී, ගොස් කඩා වැටීමෙන් හෝ බෝම්බ හෝ ගල් බෝර දැමීම වැනි පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන සිදු කරන පිපිරුමක් නිසා, සිදු වූ භූ කම්පනයක් යැයි සිතන්නෙත් නැහැ.’’
අප රටේ භූ කම්පන මධ්‍යස්ථාන හතරක් පිහිටා තිබෙන අතර, ඉන් එකකට පමණක් තරංග ලැබුණොත් කොයි පැත්තෙන් පිපිරුම සිදු වුණා දැයි දැන ගන්න අපහසුයි. නමුත් මහනුවර සිදු වූ භූ කම්පනය පළමුව පල්ලේකැලේට සහ දෙවනුව මහකනදරාව (අනුරාධපුරය) යන මධ්‍යස්ථාන දෙකේම සටහන් වෙලා තිබෙනවා. තවද පී සහ එස් යන තරංග දෙකම අන්තර්ගතව පවතින බැවින් පල්ලේකැලේ සිද්ධියට හේතු වී තිබෙන්නේ භූ චලනය නිසා ඇති වූ තත්ත්වයක් බව හඳුනා ගත හැකියි.’’
කෙසේ වෙතත්, භූමි කම්පා ගැන පර්ෙය්ෂණ සිදු කරන නවසීලන්ත විශ්වවිද්‍යාලයේ ආචාර්ය පසන් හේරත් මහතා පවසන්නේ පල්ලේකැලේට කිලෝ මීටර් තුන හතරක් ඇතුළත මෙම භූ කම්පනය සිදු වී ඇති බැවින්, දැනට ලැබී ඇති සාක්ෂි අනුව මෙය සිදු වීමට හේතු වී ඇත්තේ ස්වභාවික භූ කම්පන තත්ත්වයක් බවයි. ඒ අනුව කිසියම් ප්‍රදේශයක කුමන හේතුවක් නිසා හෝ ඇති වෙන භූ කම්පන තත්ත්වයක් නිසා නිවෙස්වල බිත්ති පුපුරා යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
උපදෙස් - මහනුවර, හන්තාන, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ භූ විද්‍යාඥ මහාචාර්ය දීපාල් සුබසිංහ මහතා
ස්තුතිය - නවසීලන්තයේ, වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පසන් හේරත් සහ ඕස්ට්‍රේලියාවේ ,මෙල්බන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජානුක අත්තනායක යන මහත්වරුන්ට
සිසිර කුමාර බණ්ඩාර
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මහනුවර පොළොව සෙලවුණේ භූ කම්පනයකින්ද?