IMG-LOGO

මුහුණු පෙ​ාතෙන් සජීවීව විකාශය කළ වතු බංගලාවේ මත් සාදය

 

 

මුහුණු පොත තරම් මෑත භාගයේ කතා බහට ලක් වූ වෙනත් මාධ්‍යයක් නොමැත.   


​ෙම් සමාජ මාධ්‍යය අයහපත් අන්දමින් පරිශීලනය කරන අපේ දරුවන් දිනෙන් දින අගාධයට වැටෙන බව රහසක් නොවේ.   


නොබෝදා තරුණයන් 57 දෙනෙකු හා තරුණියක් ඇතුළු සජීවී දර්ශන මුහුණු පොතට මුදා හරින්නන් පැවැත් වූ මුහුණු පොතේ මත් සාදය මේ විනාශය කොතරම් බලවත් දැයි කියා පාන්නකි.   


එම සාදය පැවැත්වුණේ හපුතලේ විහාරගල ප්‍රදේශයේදීය.   


​ෙමතෙක් කල් කඳුකරයේ මත් සාද හෝටල්වලදී පැවැත්වූ නමුත් පොලිස් ඇසට අසු නොවන්නට මෙම මත් සාදය සංවිධානය කර තිබුණේ පුද්ගලික වතු සමාගමකට අයත් වතු බංගලාවකදීය.   


එය සංචාරක නිවහනක් ලෙසත් සාද සඳහා මුදල් ගෙවා ලබා ගත හැකි එකක් ලෙසත් පවත්වාගෙන යන්නකි. කෙසේ නමුත් බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතාට මෙම සජීවී මත්සාදය මුහුණු පොතෙන්ම නෙත ගැටිණ.   


ඔහු වහාම බදුල්ල දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාමල් චතුරංග අධිකාරි ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට යැවූවේ බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමටය.   


හපුතලේ පොලිස​් ස්ථානාධිපති පොලිස​් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ මුලිකත්වයෙන් එම පොලිසියේ නිලධාරීන් පිරිසකගේ සහාය ද ඇතිව විමර්ශන සිදු කිරීම් සැලසුම් කළ නමුත් සාදය පැවැත්වෙන ස්ථානය සොයා ගැනීමට දැඩි ​ෙවහෙසක් දැරීමට සිදු විය.   


​ෙකසේ නමුත් පැය කීපයකට පසු ඒ උත්සාහය සාර්ථක විය.   


හපුතලේ බෙරගල මාර්ගයෙන් ගොස් විහාරගල වතු බංගලාව පොලිස් නිලධාරීන් විසින් වටලන අවස්ථාවේ තරුණයෝ හා තරුණියෝ මත්වී සිටියහ. ඇතැම් අය සිහි මුර්ජාවී වැතිරී සිටියහ.   


අවුරුදු 18ත් 25ත් අතර වයස් කාණ්ඩවලට අයත් තරුණයන් 57 දෙනා බදුල්ල, මීගමුව කොළඹ සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණය විය.   
26 හැවිරිදි තරුණිය පස්සර ප්‍රදේශයේ පදිංචි බව මුලදී පැවසුවත් ඇය කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ අතර ඇය ගණිකාවක් බව ද හෙළි විය.   


පෙරදා සන්ධ්‍යාවේ සිට මෙම මත් සාදය පැවැත්වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම තරුණ පිරිස සන්තකයේ තිබී අයිස් මිලි ග්‍රෑම්ස් 625 ක් ද, හසීස් මිලි ග්‍රෑම්ස් 585 ක්ද දිව යට තබා ගත්විට මත්වෙන මත් මුද්දර විශේෂයක් ද ගංජා මිලි ග්‍රෑම්ස් 7030 ක් ද මත් පෙති 17 ක් ද ගංජා සුරුට්ටු 23 ක් ද හසු වූ බව පොලිසිය සඳහන් කළේය.   
සැකකරුවන් හා සැකකාරිය අධිකරණ නියෝග මත තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාරයේය.   


දරුවන් මාපියන්ගෙන් ඈත්ව මානසික පීඩාවන්ට ගොදුරුවන තරමට ඔවුන් තම ජීවිත පවා විනාශ වෙන මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවන බව පැහැදිලිය.   


මෙහිදී භාවිත කළ ඇතැම් මත් පෙති ආනයනය කළ ඒවාය. ඒවා ගත් විට විවිධ සතුන් කීප දෙනෙකුගේ රංගනය කිරීමට සිත්වෙන බවත් ඒ සඳහා සංගීත රිද්මයන් ඇති බවත් ඔවුහු පැවසූහ.   


මෙම මත් ද්‍රව්‍ය භාවිතයෙන් වන හානි පිළිබඳව විමසූ විට ඔවුන් පැවසුවේ ඒ ගැන නොදන්නා බවය. ඇත්තෙන්ම මේවායේ අනිටු පල පිළිබඳ නිසි දැනුමක් තිබුණේ නම් විහින් විනාශ වීමට කිසිවෙකු කැමති නැති බව සැබෑය.   


එහෙනම් දරුවන් මේ උවදුරින් මුදවන්නේ කෙසේද? අපි පොලිසියෙන් ඇසුවෙමු.   


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා මෙසේ පැවසීය.   


දිවයින පුරා මේ උවදුර දිනෙන් දිනම වැඩි වෙනවා. මේ තරුණ තරුණියන් මුලදි අත් හදා බැලීමක් ලෙස සිදුකර පසුව ඇබ්බැහි වෙනවා.   
ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැන හඳුනා ගැනී​ෙමන් පසු ඒ තුළින්ම මෙම සාද සඳහා ආරාධනා ලැබීම සිදුව තිබෙනවා. මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවලදී මෙවැනි මත් සාද පසුගිය කාලයේ පැවැත්වුණා. ඒ බොහොමයක් පොලිසිය විසින් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.   


අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට යොමුකර පුනරුත්ථාපනයට යොමු කිරීම සිදු වෙනවා. හැබැයි ඒක විසඳුමක් නොවෙයි නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණයි.   
මත් උවදුරෙන් දරුවන් බේරා ගැනීම සඳහා පාසල් මට්ටමින් හා ගම්මාන මට්ටමින් පොලිසිය දේශන හා වැඩ මුළු පවත්වනවා.   


​ෙදමාපියන් හා වැඩිහිටියන් මේ දරුවන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලනවා නම් එය තරමක විසඳුමක් වේවි යැයිද හෙතෙම සඳහන් කළේය.   


​ෙම් බදුල්ල මහ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය කමල් වල්ගම මහතාගේ අදහසය.   


මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකුට ඇතැම් විට උපදේශනය පමණක් ප්‍රමාණවත් නැහැ. ඖෂධීය ප්‍රතිකාර වලට යොමු වන්න සිදු වෙනවා.   


පාසල අධ්‍යාපන ආයතනය, නිවාස හා සමාජය තුළ ඇති වන යම් යම් පීඩනයන් නිසා මත් ද්‍රව්‍ය හා මත් පැන්වලට යොමුවන අවස්ථා තිබෙනවා. ශක්තිමත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් දරුවන් තුළ කුඩා කාලයේ සිටම ඇති කළ යුතුයි. ඇබ්බැහි වුවන්​ෙග් එකම අරමුණ මත් ද්‍රව්‍ය ලබා ගැනීම නිසා සමාජ විරෝධී ක්‍රියාවන්වලට පවා ඔවුන් යොමු ​ෙවන අවස්ථා තිබෙනවා.   


වෛද්‍යවරයෙක් ඖෂධයක් නිම කරන්නේ ඒ ඒ රෝගයාගේ රෝග ලක්ෂණ අනුව වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ මාත්‍රා ගැනි​ෙමන් මත් වෙන අයද සිටින බව හෙළි වී තිබෙනවා .ඒක ලොකු ගැටලුවක්. ඔවුන්ගේ ජීවිතවලට වන මහා හානියක්.   


​ෙරා්ගීන් වුවත් වෛද්‍යවරු නිර්දේශ මත නියම කරන මාත්‍රාව පමණක් ගත යුතුයි.   


ඖෂධ ශාලා හිමියන්ගෙත් වගකීම හා යුතුකම වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් නොකිරීමයි. ලෝකයේ බොහෝ රට වල ඒ අනුව කටයුතු කරනවා. නමුත් අපේ රටේ ඇතැම් ඖෂධ ශාලාවලින් වෛද්‍ය නිර්දේශයන් නැතිව ඖෂධ නිකුත් කරන අවස්ථා හෙළි වී තිබෙනවා. මේ තත්ත්වය නැති කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ සඳහා නීති දැඩි කර ක්‍රියාත්මක කළ යුතුයි.   


සමහරු මෙසේ හිතුමතේ ඖෂධ ගැනීම ඇබ්බැහිවීමක් බවට වර්ධනය වීම නිසා ඒ තුළින් මරණය පවා සිදු විය හැකියි.   


ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේ වින්දනය අඩාළ වෙනවා. මානසික බිඳ වැටීම් හා මානසික රෝගවලට ඔවුන් ගොදුරුවීම සිදු වෙනවා.   


මත් වීම නිසා සමාජ විරෝධී දෙයට පවා යොමු වීම තුළින් තමාගේ ජීවිතය පවා අනතුරක් සිදුවිය හැකිය.   


මානසික ගැටලුවක් මතු වු වහාම මත් ද්‍රව්‍ය හා මත් පැන්වලට යොමු නොවී මානසික වෛද්‍යවරයෙකුගේ හෝ උපදේශන සේවාවක සහාය ලබාගෙන උපදේශන ලබා ගත හැකියි.   
ඒ අනුව විසඳුම් සොයා මානසික ගැටලුවලින් මිදිය හැකි බවද විශේෂඥ වෛද්‍ය කමල් වල්ගම මහතා අවධාරණය කළේය.   


අපේ ජනතාවත් අපේ රටත් මත්ද්‍රව්‍ය නිසා වැනසෙද්දී තවමත් අපේ රටට විශාල තොග වශයෙන් මත් ද්‍රව්‍ය පැමිණෙන බව නොරහසකි.   


රට කරවන අය මෙහි වගකීම භාර ගත යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටින මහ මොළකාරයන් හා ප්‍රධානීන් සොයා මෙහෙයුම් දියත් කළ යුතුය. මත්ද්‍රව්‍ය නමැති මහා වෘක්ෂය මුලින්ම උදුරා දැමීමේ හැකියාව හා වගකීම ඇත්තේ රජයටය. ජාතියේ අවාසනාවකට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන ප්‍රකෝටිපතියන් ඉන්නේ දේශපාලනඥයන්ගේ හා ආරක්ෂක අංශවල ඔඩොක්කුවලය. 

 

 


බදුල්ලේ පාලිත ආරියවංශ



අදහස් (0)

මුහුණු පෙ​ාතෙන් සජීවීව විකාශය කළ වතු බංගලාවේ මත් සාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 29 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site