IMG-LOGO

මන්ත්‍රී පුටුවට ආ තේ දළු නෙළන්නිය

තේ දළු නෙළන අවස්ථාවක් , මන්ත්‍රීවරියක ලෙස අසුන්ගෙන සිටින අයුරු

 

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති මංගල සභා වාරයේදී ඉඹුල්පෙ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ මුල්වරට විවිධ ජාතීන් නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් පස් දෙනෙකු දකින්නට ලැබිණි. එකී මන්ත්‍රීවරියන් අතර තවත් විශේෂත්වයක් වූවේ වෘත්තියෙන් තේ දළු නෙළන්නියක වූ ඉඹුල්පේ මාරතැන්න සිසිල්ටන් වතුයායේ සේවය කරන මුණියන්ඩි මල්ලිකාදේවි මන්ත්‍රීවරියයි. තේ දළු නෙළන කම්කරු කාන්තාවන් කීප දෙනෙකුම මෙවර මුල්වරට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතා නියෝජිතයන් ලෙස තේරීපත්ව තිබෙන බව වාර්තා වී තිබෙන නිසා ඒ සියලුම කාන්තාවන් නියෝජනය කරමින් මල්ලිකාදේවි මන්ත්‍රීවරිය ‘ඉරිද‌ා ලංකාදීප’ වෙනුවෙන් සම්බන්ධ කරගත්තෙමු.  


සිසිල්ටන් වතු යායේම පදිංචි ඇය තිදරු මවකි. වැඩිමහල් දරුවා එම වතුයායේම සේවය කරන අතර දෙවැනියා පොලිස් නිලධාරියකු ලෙස වව්නියාව ප්‍රදේශයේ සේවය කරයි. එකම දියණිය උසස් පෙළ සමත්ව රැකියාවක් අපේක්ෂාවෙන් කාලය ගත කරන්නීය. ස්වාමිපුරුෂයාද සිසිල්ටන් වතුයායේම මුරකරුවෙකු ලෙස සේවය කරයි.  


“1991 වසරේ ඉඳලම වත්තේ දළු කඩන එක තමයි මගේ රැකියාව වුණේ. මගේ උපන් ගම බළන්ගොඩ හිටුවල. පින්නවල දෙමළ විදුහලින් 10 පංතියට යනකම් ඉගෙන ගත්තා. එදා ඉඳල වත්තේ වැඩ කිරීම තමයි මගේ රැකියාව. මගේ වයස දැන් අවුරුදු 42ක් වෙනවා. වතුකරයේ ජනතාව විදින පීඩනය මගේ අත්දැකීමෙන්ම මම දන්නවා. ඒත් ඒ සියලුම දෙනා වෙනුවෙන් මට ජනතා නියෝජිතයකු විදිහට එන්න ලැබෙයි කියල මම කවද‌ාවත්ම හිතුවේ නෑ. මම ඒ කාලේ ඉඳලම ලංකා කම්කරු පක්ෂයේ ක්‍රියාකාරිනියක ලෙස වැඩ කළා. මට පුළුවන් හැම වෙලාවකම වතුකරයේ වැඩකරන දෙමළ සිංහල සියලුම ජනතාව වෙනුවෙන්ම හැකි සෑම සහයෝගයක්ම දුන්නා. මේ සැරේ තිබුණ මැතිවරණයේදී ආරුමුගම් තොණ්ඩමන් මහත්තයා මට කීවා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන්න කියල. බළන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක භානු මුණිප්‍රිය මහත්තයත් මට ලොකු ශක්තියක් වුණා. ඉඹුල්පේ මැද්දෙගම බහු ආසනයෙන් මම තරග කළා. මේ ආසනයේ දෙමළ ජනතාව විශාල පිරිසක් ඉන්නවා. මගේ පවුලේ අය වගේම විශේෂයෙන් සිංහල අයත් මගේ ඡන්දයට උදව් කළා. ඒ සැමෝම පාට පක්ෂ ජාති බැලුවේ නෑ. ඒ නිසා තමයි මට ඡන්ද 277 ක් අරගෙන ජයගන්න පුළුවන් වුණේ” ඇය පැවැසුවාය.  


ජනතාව ලබාදුන් ජනවරමත් සමඟ ඇය කටයුතු කිරීමට බලාපොරොත්තුවන ආකාරය පිළිබඳව ඇය මෙසේ කීවාය.  


“මට ජනතාව දුන්න මේ අවස්ථාව අභියෝගයක් වුණේ නෑ. මම දන්නවා කම්කරු ජනතාවට තිබෙන ගැටලු. මගේ අත්දැකීමෙන්ම මම ඒ ගැන එද‌ා ඉඳලම කතා කරල තියනවා. මම අපේ වතුයායේ ව​ෙග්ම රත්නපුර දිස්ත්‍රික්කයේම වතු තලවි කෙනෙකු විදිහටත් ස්වෙච්ඡා සේවය කරල තියනවා. ඒ සියලුම අත්දැකීම පළාත් පාලන නියෝජිතවරියක් විදිහට ජනතාවට සේවය කරන්න ශක්තියක් වෙයි.  


අපේ වතු ආශ්‍රිතව ඉන්න සිංහල දෙමළ ජනතාවන් සියලුම දෙනාට විසඳ‌ා දෙන්න ඕනැ ගැටලු රාශියක්ම තියෙනවා. මේ ලැයිම් කාමරවල ජීවත් වන බහුතර ජනතාවට වතුර, මාර්ග, ටොයිලට් පහසුකම් නෑ. ඉහළ අධ්‍යාපනය ලබපු දරුවන් රාශියක්ම රැකියාවන් නැතුව ගෙවල්වල වගේම ලංකාවේ විවිධ තැන්වලට ගිහින් කුලී වැඩ කරනවා. ඒ අයගේ අධ්‍යාපනයට හරියන රැකියාවන් ගැන මම අවධානය යොමු කරනවා.  


වත්​ෙත් උපන් දරුවාට වතු රැකියාවම උරුම වෙන්නම ඕනැ නෑ. මොන දේ වුණත් මම මගේ තේ දළු නෙළන රැකියාව අත අරින්නේ නෑ. මට පුළුවන් තරම් කල් එද‌ා වගේම ජනතාවත් එක්ක ඉඳල මේ රැකියාවත් මම කරනවා” ඇය පැවැසුවාය.  

 

ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ

 

 

 

 

(පිංතූර හා සටහන වැලිගෙපල - චාමින්ද දිසානායක, බළන්ගොඩ විශේෂ - සරත් වීරවංශ සහ රාස්සගල - සම්පත් පියනන්දන)  

 

 



අදහස් (0)

මන්ත්‍රී පුටුවට ආ තේ දළු නෙළන්නිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site