IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙම්වතුන් මරා සල්ලි ඉපැයූ “මකුළු ගැහැණිය”

ලැට්රොඩෙක්ටස් ගණයට අයත් එක්තරා මකුළු විශේෂයක් වෙයි. මොවුන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘විඩෝ ස්පයිඩර්ස්’ නොහොත් ‘වැන්දඹු මකුළුවන්’ ලෙසිනි. මෙම මකුළුවන්ගේ එක්තරා සුවිශේෂී ලක්ෂණයක් තිබේ. ඒ සංසර්ගයෙන් පසු ගැහැනුු මකුළුවා විසින් පිරිමි මකුළුවා සම්පූර්ණයෙන්ම කා දැමීමයි.   


මෙම ගැහැනුු මකුළුවාට සමාන කාන්තාවක පිළිබඳව පසුගියදා ජපානයෙන් වාර්තා විය. ඇය චිසාකෝ කකේහි නමැති 70 හැවිරිදි කාන්තාවකි. ‘බ්ලැක් විඩෝ’ නමින් හැඳින්වෙන එම කාන්තාවට තම සැමියා හා තවත් පෙම්වතුන් දෙදෙනකු මරා දැමීම සහ තවත් පුද්ගලයකු මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් ජපානයේ කියොතෝ දිස්ත්‍රික් අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ.   


ඇය නිවැරදිකාරියක බවට කෙරුණු විත්තියේ නීතිඥවරයාගේ තර්ක ප‍්‍රතික්ෂේප කළ අධිකරණය ඇය මෙම මරණවලට වැරදිකාරිය බවට තීන්දු කර ඇත. ගතවූ විසි වසර තුළ මෙම කාන්තාව ඇසුරු කළ පුද්ගලයන් සය දෙනෙක් මරණයට පත්ව තිබේ. ඔවුන්ගෙන් තිදෙනෙකු හා ඇය විවාහ වී සිටියේ එකම කාලයක බැව් පැවසේ. මෙම පුද්ගලයන් සය දෙනා වයස 70ත් 80ත් අතර පසු වූවෝ වූහ. ඒ සියලු මරණ ඇය සිදු කළ බවට සාක්ෂි නොමැත.   


චිසාකෝ තම පෙම්වතුන් ඝාතනය කරන ලද්දේ ඔවුන්ගේ ආහාරවලට සයනයිඩ් නමැති විෂ මුසු කිරීමෙනි. ඔවුන්ගේ මරණින් පසු පවුම් මිලියන ගණනක් වටිනා ඔවුන් සතු දේපොළ සහ රක්ෂණ වන්දි තමන් සතු කරගෙන තිබුණාය. වසර 10ක් තුළ ඇය ලබාගෙන ඇති රක්ෂණ වන්දි ප‍්‍රමාණය යෙන් බිලියනයක් නොහොත් පවුම් මිලියන 8.8කි.   


චිසාකෝ බොහෝ පිරිමින් සමඟ සබඳතා පවත්වා ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස්ගත හෝ රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු පුද්ගලයෝ වූහ. පෙම්වතුන් මුණගස්වන ආයතනවල සහයෙන් ඇය පෙම්වතුන් හඳුනා ගෙන තිබේ. ඉතා ධනවත් හා දරුවන් නොමැති පිරිමින් කෙරෙහි ඇය වැඩි අවධානයක් යොමු කර තිබු බැව් නඩු විභාගයේ දී අනාවරණ විය.   


2014 චිසාකෝ අත්අඩංගුවට ගැනුණේ 2013 සිදු වූ ඇගේ හැත්තෑ පස් හැවිරිදි පෙම්වතාගේ මරණය සම්බන්ධයෙනි. මෙම නඩු විභාගය 2014 දී ඇරඹුණු අතර ආරම්භයේදී මිනීමැරුම් සම්බන්ධයෙන් ඇය කිසිවක් ප‍්‍රකාශ නොකළාය. එහෙත් අවසන් පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් කළ ප‍්‍රශ්න කිරීම්වල දී ඇය කෝපයෙන් මෙලෙස ප‍්‍රකාශ කළාය. ‘‘ඔහු මට එක යෙන් එකක්වත් නොදී වෙනත් ගැහැනුන්ට යෙන් මිලියන ගණනින් වියදම් කළා. මට සැලකුවේ ඉතා පහත් අයුරින්. ඒ නිසා මම ඔහු මැරුවා’’ යනුවෙන් කියා සිටියාය. ‘‘මා හෙට දිනයේ එල්ලා මරා දැමුවද මා සිනාමුසු මුහුණින් මරණයට මුහුණ දෙනවා’’ යැයි තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසු ඇය අධිකරණයට පවසා තිබේ. 

 
75 හැවිරිදි ඉසාඕ, 71 හැවිරිදි මසනොරි හොන්ඩා, 75 හැවිරිදි මිනොරු හියොකි යන තිදෙනා චිසාකෝ විසින් මරණයට පත් කරන ලද අතර 79 හැවිරිදි ටොෂියාකි සුහිරෝ මරා දැමීමට තැත්කොට තිබුණාය. ඇයගේ ක්‍රියා කලාපය ‘ඉතා සුක්ෂ්ම හා නින්දිත වුවක් යැයි’ අධිකරණය ප‍්‍රකාශ කර තිබේ.   


චිසාකෝ ඩිමෙන්ෂියා නමැති මානසික රෝගයෙන් පීඩා විඳින කාන්තාවක බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ. ඇය ඇසුරු කළ පුද්ගලයන් අතුරින් මරණයට පත් අය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන ලද්දේ මන්දැයි යනුවෙන් කතාබහක් මේ වන විට ඇති වී තිබේ. ඇතැම් මරණ සම්බන්ධයෙන් කිසිදු මරණ පරීක්ෂණයක් හෝ පවත්වා නොමැත. යම් හෙයකින් ඇය ඇසුරු කිරීමෙන් පසු මරණයට පත් සියලූ පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වූයේ නම් සයනයිඩ් විෂ ශරීර ගත වීමෙන් කොපමණ පිරිසක් මරණයට පත් වූයේදැයි යන්න හඳුනා ගත හැකිවනු ඇති බවට මතයක් ගොඩ නැගී තිබේ.   


ඇතැම් ජපන් වැසියන් චිසාකෝ හඳුන්වනු ලබන්නේ ‘පොයිසන් ලේඩි’ යන නමිනි. මියගිය පුද්ගලයන්ගේ සිරුරුවලින් සොයා ගන්නා ලද සයනයිඩ් නමැති විෂ වර්ගය පසුව ඇය විසින් ඉවත දමන ලද මල් බඳුනක හා කසළ බඳුනක සඟවා තිබී සොයා ගැනීමට හැකි විය. සයනයිඩ් දිය කිරීම සඳහා භාවිත කළ මෙවලම්, ඖෂධ හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතපත ද ඇය වාසය කළ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයා ගැනිණි.   


අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඇගේ නීතීඥ කණ්ඩායම මේ දිනවල කටයුතු කරමින් සිටිති.

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

පෙම්වතුන් මරා සල්ලි ඉපැයූ “මකුළු ගැහැණිය”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site