IMG-LOGO

නැති බැරි පුරවැසියන් නැත්තටම නැති කළ සියරා ලියොන් රාජ්‍යය

වළපල්ලට ගිය රටවල්

 

ගරාවැටුණ බොහෝ රටවල සිදුවන්නේ දේශපාලකයින් හොරා කන එකය. රට වැසියන් පාට, පක්ෂවලට බෙදී කුළල් කා ගන්නා එකය, ගහ මරා ගන්නා එකය. හෙණ පිට හෙණ වදින්නේ මේ රටවලටය. අසමත් වූ රාජ්‍යයන් පුරා මා සිදු කරන සංචාරයේදී දුටුවේ හතර වරිගයම ගොඩ දා ගැනීම සඳහා හතර අතට හතරවරං ගහන දේශපාලුවන්ය. කඳුළු සාගරයක් මැද ඉපදී දුක, දොම්නස කරපින්නාගෙන අභියෝග ජය ගත නොහැකිව අයාලේ ගොස් දිවියෙන් සමුගන්නා මිනිසුන්ය. එම රටවල ඇත්තේ සුලලිත සෝබන ජල දහරා ගලා බැස යන ගංගා නොවේ. ජනතාවගේ වේදනාව නමැති ජලය ගලා බැස යන කඳුළු ගංගාය.   


අදත් මෙම තීරුවෙන් හඳුන්වා දෙනු ලබන්නේ පාලකයින් විසින් අගාදයට ඇද දැමූ අප්‍රිකා මහද්වීපයේ තවත් අඳුරු ජන රජයකි. මේ කියන රටේ ද ඉන්නේ ගජබින්නාලාංකාරය සහ මුදල් පොට්ටනි ගැසීම ප්‍රගුණ කළ දේශපාලකයින්ය. බටහිර අප්‍රිකාවේ පිහිටි මෙය සියරා ලියොන් (Sierra Leone) රාජ්‍ය්‍යයි. ​ෙම් රටේ ද සිටින්නේ නැති බැරි අය ඇති හැකි අය කරනවා යැයි කියමින් බලය ලබා ගෙන නැති බැරි පුරවැසියන්නැත්තටම නැති කරන දේශපාලකයින්ය.   


දියමන්ති හොරු


මෙම රට පිහිටා තිබෙන්නේ ගිනියා සහ ලයිබේරියා යන රටවලට යාබදව අත්ලාන්තික් සාගර කලාපයේය. මෙය 1808 සිට 1961 දක්වා බ්‍රිතාන්‍ය අධාරාජ්‍යයට නතුවී තිබූ රටකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1961 දීය. ජන රජයක් බවට පත් වුණේ 1971 දීය. 1991දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදී. මෙහි විශාලත්වය ව.කි.මී. 71740 ක් හෙවත් ව.සැ. 27700 කි. ජනගහණය 7075641 කි. මෙය දියමන්ති හොරුන්ගේ දේශයකි. මෙහි සිටින්නේ දියමන්තිවලට මිනී මරා ගන්නා දේශපාලකයින්ය. 

 
රජයේ ප්‍රධානියා ජනපතිය. මෙහි අගමැතිවරයෙකු නැත. සිටින්නේ උප ජනාධිපතිවරයෙකි. වත්මන් ජනපති ජුලියස් මාඩාය. (Julius Maada Bio) මුදල් ඒකකය ලියෝන්ය. ඇමෙරිකා ඩොලරය හමුවෙහි අසීමිත අයුරින් ලියෝනය බාල්දු වී රට ආර්ථික අහේනියකට පත්වී ඇති සමයකි මේ. මුළු ජන ගහණයෙන් සියයට 80 ක්ම අන්ත දුගී අසරණ අඩියට පත්වී සිටින දිළින්දන්ය. සියලු පහසුකම් ඇත්තේ ෆ්‍රී ටවුන් (Free Town) අගනුවර හා තදාසන්න ප්‍රදේශ කීපයකට පමණකි. දිස්ත්‍රික්ක 16 න් 12 ක් ම පහසුකම් නැති ප්‍රදේශයන්ය.   


ජනපති ඉදි කළ මාලිගය


රට කෑලි කෑලිවලට බෙදා ගැනීම සඳහා විවිධ ජන වාර්ගිකයින් අතර නිතර නිතරම ගැටුම් පැවැති රටකි. 1991 සිට 2002 දක්වා පැවති සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 50,000 කට අධිකය. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. යුද්ධය අවසන් වී වසර 12 ක් පමණ ගත වී ඇතත් මේ රටේ ද ආරක්ෂක කටයුතු සඳහා අතිවිශාල ධනස්කන්දයක් වැය කිරීම රටට ඔරොත්තු නොදේ.   


​ෙසෟඛ්‍ය පහසුකම් නැතිව දිනකට ළදරුවන් 90 ක් පමණ මියයන, තරුණ තරුණියන්ගෙන් සියයට 70 ක් පමණ රැකියා විරහිතව සිටින මේ රටේ සියලු වරප්‍රසාද හිමි වී තිබෙන්නේ ජනපතිට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනාට, හමුදා ප්‍රධානීන්ට හා ඉහළ නිලධාරීන්ට පමණකි. රට එක තැනම ලොප් වී ඇත්තේ මේ නිසාය. සියලු පහසුකම් ඇති ජනපති මන්දිරයක් තිබියදී ඩොලර් මිලියන 5 ක වියදමින් අලුත් මාළිගාවක් තම වාසය සඳහා මහජන මුදල් යොදවා ඉදිකර ගැනීම පිළිබඳව වත්මන් ජනපතිවරයාට මහජන විරෝධය එල්ල විය.   


එම විරෝධතා මර්දනය කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග පිළිකුල්සහගතය. විරෝධතා මෙහෙය වූවන් පැහැර ගෙන ගොස් අතුරුදන් කරනු ලැබ ඇත. වළපල්ලට ගිය බොහෝ රටවල සිදුවන්නේ මෙවැනි අප කීර්තිමත් සිද්ධීන්ය.   


රටේ සම්පත් ගසා කන දේශපාළුවෝ   


මෙහි ඇත්තේ දියමන්ති, රත්රන්, ටයිටේනියම්, යකඩ ආදී ඛණිජ ද්‍රව්‍ය වලින් සමන්විත පොළොවකි. ලොව කැරට් 969.8 ක් (ග්‍රෑම් 194) ක් වූ ලොව විශාලතම දියමන්තිය සොයාගෙන ඇත්තේ මෙම රටෙනි. මෙතරම් වටිනා ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක් ලොව දිළිඳුම රටක් බවට පත් වුණේ කෙසේද? ඒ බලලෝභී පාලකයින්ගේ වරදිනි. අනුවණකම නිසාය. මෙහි ද පාලකයින් ස්වකීය පවුල් බලය තර කර ගැනීමට කටයුතු කිරීම නිසාය. බලයට පත් වූ හැම පාලකයෙකුම රටේ සම්පත් මංකොල්ල කෑම හේතු කොට ගෙන රට කාබාසිනියා විය.   


පාලකයින්ට සැප ජනතාවට දුක   


මෙහි ජාතික ධනයෙන් වැඩි කොටසක් උපයාගනු ලබන්නේ යථෝක්ත ඛණිජ සම්පත් විදේශ රටවලට අලෙවි කිරීමෙනි. කන්ගර් හිල් ප්‍රදේශවල ඇති රත්රන් ආකර ද ටොන් කොලි පළාතේ ඇති දියමන්ති නිධි ද කෝනෝ සහ කෙනේමා ප්‍ර​ෙද්ශවල ඇති යකඩ නිෂ්පාදනාගාර ද අද හිස්ය. පතල් කැණීම සඳහා දේශීය හා විදේශීය සමාගම්වලට බලපත්‍ර ලබාදීමේදී දේශපාලකයින් සිදුකළ වංචා නිසා ඒවායින් ලැබෙන ආදායම බිංදුවට බැස තිබේ. ජාතික ධනයෙන් සියයට 59 කට වැඩි ආදායමක් ලැබූ කර්මාන්ත නැත්තටම නැති කළේ ජනතාවගේ කරපිටින් බලය ලබා ගත් දේශපාලකයින්ය. ඔවුන්ගේ හොරකම් නිසාය. මෙහි පාලකයින්ට සැපය. ජනතාවට දුකය.   


මේ රටේ පොළොවෙන් මතු වන දියමන්ති හා රත්රන් දැක ඇත්තේ මේ රටේ ජනතාවගෙන් කීයෙන් කී දෙනාද? ඒවා දැක ගැනීමටවත් වාසනාවක් නොලැබ මෙහි සාගින්නෙන් මියයන පුරවැසියන්ගේ සංඛ්‍යාව අනන්ත අප්‍රමාණය. හය ලක්ෂයකට වැඩි පිරිසක් දිවි ගෙවන්නේ ලෝක ආහාර සංවිධාන සපයන සලාක වලිනි. මෙය කොතරම් ඛේදජනකද?   


හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට   


යුද හමුදාවට අවි ආයුධ සහ ගුවන් හමුදාවට ගුවන් යානා මිලට ගැනි​ෙම්දී හිටපු ආරක්ෂක ඇමැති ඇල්ෆ්‍රඩ් සහ ආරක්ෂක ලේකම් සනා මාරා (sana Marah) සිදු කළ ඩොලර් මිලියන 55 ක වංචා සම්බන්ධ​ෙයන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මීට දින කීපයකට පෙරය. එනම් 2018 දෙසැ. 29 දාය. ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ විදේශ මාධ්‍යයන් එම අවි ගනුදෙනු පිළිබඳව දිගින් දිගටම හෙළි කිරීම නිසාය. මෙය සියරා ලි​ෙයාන් හි පාලකයින් සිදු කළ වංචා වලින් සොච්චමක් පමණකි. රට විනාශ වී ඇත්තේ මෙවැනි හොර මැර වංචා නිසාය. මුළු ජනගහණයෙන් සියයට 80 කට වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් 1 කටත් වඩා අඩුවී ඇති මෙවැනි රටක් කවදා ගොඩඒවිද?   


චීනයෙන් ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාගෙන රටේ උතුරු ප්‍රදේශයේ තවත් ගුවන් තොටුපොළක් ඉදි කිරීමට ක්‍රියා කිරීම සියරා ලි​ෙයාන් රජය ගත් අනුවණ ක්‍රියාවක් බව දැන් හෙළි වී තිබේ. පාලකයින් සහ පාලකයින්ගේ පවුල්වල ඥාතීන්ගේ ඕනෑ ඒපාකම් මත රටේ සම්පත් කුණු ​කොල්ලයට විකිණීම තුළින් මේ රට ද ප්‍රපාතයට ඇදවැටී තිබේ. ලෝකයේ තුන් වැනි විශාලතම ස්වභාවික වරාය පිහිටා ඇති රට වූ සියරා ලි​ෙයාන් දේශය මකර කටට ඇදවැටුණේ එහි මෙතෙක් බලයට පත් වූ පාලකයින් රටේ සම්පත් නිසි අයුරින් රැක ගැනීමට අසමත් වූ නිසාය. නිසි කළමනාකරණයක් නොතිබූ නිසාය.   


කාලාන්තරයක් මුළුල්ලේ දියමන්ති හොරුන් විසින් සියරා ලි​ෙයාන්හි පාලන බලය ඩැහැගත්හ. එහි ජනතාවට සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන පහසුකම් ලබා දීමට ඔවුන් ක්‍රියා නොකළහ. මිහිපිට අපායක් වන්නේ මෙවැනි රටවල්ය.  

 

 

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට ලියයි

 



අදහස් (1)

නැති බැරි පුරවැසියන් නැත්තටම නැති කළ සියරා ලියොන් රාජ්‍යය

Nirmal Prabhath Sunday, 26 March 2023 10:18 PM

මිහිපිට ඇත්තම අපාය කියන්නේ මේ වගේ රටවල්, මේ රටවල් ඉස්සර කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද, Zimbabwe, congo, uaganda, zambiya,hayiti වගේ ගොඩක් රටවල්. නීති, ලෝක සංවිධාන මොනා තිබුනත් වැඩක් නෑ. මිනිස්සු මේ තත්ත්වයට පත් කරපු එවුන්ව අත්අඩංගුවට ගන්න බැනේ. උන්ට බේරෙන්න විදි තියෙනවා. සමහරු දැන් ඇත්තෙත් නෑ. සමහර වෙලාවට ලොකු ලොකු රටවලුත් මේවට වගකියන්න ඕන. රටේ සම්පත් හොරාකන්න උන්ගේ ප්ලෑන් සමහර ඒවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site