IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඕනෑම දේකට ඔට්ටු සටන්කාරයා කරූ

සිංහල සිනමාවේ එකල සටන් නළුවෝ ඕනෑම දේකට ඔට්ටු වූහ. ඇතැම් සටන් ජවනිකා පමණක් නොව මාරක පිමිවලට ඔවුන් දායක වූයේ සිනමාවට ඇති භක්තිය නිසාමය.   


පසුගියදා අප අතරින් වියෝවූ රොබින් ප්‍රනාන්දු එවන් සටන් නළුවෙකි. ජිම්නාස්ටික් ක්‍රීඩාවට සටන් කලාවට අසීමිත ආශාවක් දැක් වූ ඔහු මුලින්ම ත්‍රාසජනක සටන් ජවනිකාවක් ඉදිරිපත් කළේ චණ්ඩියා චිත්‍රපටයේ දී ගාමිණී ෆොන්සේකා සමගය.   


එම සටනේ දී කොටහේනේ පිහිනුම් තටාකයට ඔහු ඇද වැටුණේ අඩි ගණනාවක් ඉහළ සිටය. එපමණක් නොවේ ගිනිගත්හේන ප්‍රදේශයේ පිහිටි පාලමක් මත සටන් ජවනිකාවකදී අවසානයේ ඔහු මහවැලි ගඟට පැන්නේය.   


එකල රොබින්ගේ චණ්ඩියා සටන දුටු විල්සන්කරුට ද එවන් නළුවකු වන්නට ඇත්නම් යයි සිත කීවේය. 

 
“කුඩා කාලයේ දී මම ආසාවෙන් බලපු චිත්‍රපටයක් චණ්ඩියා. ගාමිණීගේත් රොබින්ගේත් ඒ සටන මෑතක් වෙනතුරුම මගේ හිතේ රැඳී තිබුණා” කරු වරක් සම්මුඛ සාකච්ඡාවක දී පැවැසීය.   


කරු ආදරය කළ සටන් නළුවා වූ රොබින් සමගම තම ප්‍රථම චිත්‍රපටයේදී රඟපාන්නට ලැබීම ද දෛවයේ හාස්කමක් මෙනි.   


කරු සඳහන් කරන හැටියට පුණ්‍යා බුලත්සිංහලගේ ඉල්ලීම පරිදි ඔහු ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ සටන් ජවනිකාවකට එක් වූයේය. මාවනැල්ල පැත්තේ රබර් වත්තක රොබින් ප්‍රනාන්දු සමග පැවැති ඒ සටනේ දී කරු දැක් වූ සුවිශේෂ දක්ෂතා නිසා ඔහුට චිත්‍රපට රාශියකම සටන් නළුවකු හා දුෂ්ටයකු ලෙස එක්වන්නට වරම් ලැබිණි. ඒ චිත්‍රපට නම් වැල ලියා ගන්නට නොහැකි තරමේ දිගු වැඩිය. ගණනින් චිත්‍රපට 250 ක් පමණ වෙතැයි අනුමාන කෙරෙයි.   


ඔහු වරක් පවසා තිබුණේ ඔහුගේ ජීවිතයේ සුවිශේෂ බලාපොරොත්තුවක් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑමට ලැබීම භාග්‍යයක් බවයි. ‘පුරන් අප්පු’ චිත්‍රපටයෙන් ඒ බලාපොරොත්තුව මුල්වරට පල ගැන්විණ.   


“අනෙක මම සටන් අධ්‍යක්ෂ වශයෙන් වැඩ කළ චිත්‍රපට කීපයකම වැඩිහිටියෙක් හා ගුරුවරයෙක් ලෙස මම සලකන රොබින් ප්‍රනාන්දු මෙහෙයවීමට ලැබීමත් විශේෂයක්” ඔහු එදා කීවේය.   
දුෂ්ටයකු හා සටන් නළුවකු වූ කරුගේ නළු ජීවිතය වෙනස් කළේ පතිරාජ ඇල්.ඇස්. දයානන්දගේ ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ චිත්‍රපටයෙනි. ඔහු එහි නිරූපණය කළේ ප්‍රධාන චරිතයකි.   


“මේ රටේ සිනමාවේ ඒකාකාරි රටාවකට කොටුවුණු නළුවකුට එයින් පිට පනින්න අමාරුයි. ඒත් කිවුලෙ ගෙදර මොහොට්ටාල චරිතයෙන් මගේ ගමන් මග වෙනස් වුණා.”   


1942 ඔක්තෝබර් 28 වැනිදා උපන් කරුට මේ අවුරුද්දේ දී වයස අවුරුදු 80 ක් වෙයි.   
ඔහු බොහෝ විට කතා කළේ ගාමිණී ෆොන්සේකා සමග කළ සටන් ගැනය.   
“මිස්ට ෆොන්සේකා සටන්වල දී ඇත්තටම ගහනවා. අපි දැන ගන්න ඕනෑ ඒවායින් බේරෙන්න. එක පාරක් කන්ටේනර් යාඩ් එකක කරපු සටනක් අවසානයේ දී මම ඇත්තටම වැටෙනවා. මේ සටන් ඉවර වුණාම සති ගණන් බේත් හේත් ගන්න සිද්ධ වෙනවා.” ඔහු කීවේය.   


තමන් ගැන නොතකා සිනමාව වෙනුවෙන් මෙතරම් අවදානම් ගත් නළුවන්ට අප සැලකුවා මදි යැයි සිතෙයි.   
ඇත්තෙන්ම කරුගේ මුහුණ තිරයට කදිමට ගැළපෙන්නෙකි. එය ඔහුට වාසනාවට ලැබුණකි. ඔහු චරිතයකට පණ දෙන්නේ නිරායාසයෙනි. බොහෝ සිනමා නළුවන්ට වීරයන් වන්නට කරුලා ජීවිතය ඔට්ටු තබා කළ අවදානම් සටන් ඉවහල් වූයේය.   


අවිවාහකයකු වූ කරු ගෙවුවේ සැහැල්ලු සරල ජීවිතයකි. චණ්ඩි පෙනුමක් තිබුණ ද ඔහු වරෙක කුඩා දරුවකු මෙනි. එහෙත් අයුක්තිය ඉදිරියේ නාහෙට නාහන පුද්ගලයෙකි.   
මගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘ශිල්ප දෙනු මැන’ කළු සුදු චිත්‍රපටයේ කරු රඟපෑවේ සටන් කරුවකු දුෂ්ටයකු මෙන්ම දේශපාලනඥයකුගේ චරිතයකි.   


 මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් පොහොසත් වූ ඒ දේශපාලකයාගේ චරිතයට ඔහු ඇළුම් කළේය.   
වරක ගම්පහ ප්‍රදේශයේ දී කරුට තිබුණේ දේශපාලන රැස්වීමක් අමතන ජවනිකාවකි. එහි දෙබස් ඛණ්ඩ දිගු විය. ඔහු එක්වරම දෙබස් කියා ගන්නට ගිය ද ඇතැම් විට වැරැදී ගියේය.   
‘මේක කාට හරි කියලා ‘ඩබ්’ කරවගන්න.’ 

 
බොහෝ විට එකල ඇතැම් දුෂ්ට නළුවන්ට දෙබස් කැවුවේ නිහාල් ජයවර්ධන, සොමී රත්නායකය. කරු රඟපෑ චිත්‍රපටවල දෙබස් අඩුවී සටන් වැඩි නිසා දෙබස් පිළිබඳ ගැටලුවක් නොවීය. එහෙත් සිනමාව ආක්‍රමණය කරගෙන ටෙලිනාට්‍ය ජනප්‍රිය වීම නිසා ඒවායේ නැවත දෙබස පටිගත කිරීමක් නැතිවීම කරුට වාසියක් විය. ඒ නිසා ටෙලිනාට්‍යවලදී කරුටම දෙබස් කියන්නට සිදුවිය.   


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ ආරම්භ වූ රන්මිනිතැන්න සිනමා ගම්මානය විවෘත කිරීමට බොහෝ නළු නිළියෝ කලාකරුවෝ හම්බන්තොට බලා ගියහ. ඒ අතර කරු ද සිටියේය.   
සුපුරුදු පරිදිම කරු සිටියේ පැත්තකට වෙලාය.   


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය කතාවෙන් පසු දෙපස සිටි බොහෝ දෙනාට අත වනමින් ඉදිරියට ගියේය.   


කරු සිටියේ තරමක් දුරින් මා සමග කිසිවක් කතා කරමිනි. එහෙත් ජනාධිපති මහින්ද මහතා කරු ඈත සිටම හඳුනා ගත්තේය. ඔහු දෙස බලා ඔහු අත වැනුවේය. 

 
කරු එවැන්නක් සිදුවේ යයි නිකමටවත් සිතුවේ නැත. හදිසියේම වාගේ ජනාධිපතිවරයා දුටු කරු අත වැනුවේ මුව අග සිනාසෙමිනි. එහෙත් ඔහු දේශපාලකයන්ගෙන් උදව් ඉල්ලු බවක් මම නම් නොදනිමි.   
  චණ්ඩිකමත් අහිංසකකමත් ඇති කරු දැනට වසරකට පමණ පෙර පහර දීමේ චෝදනාවකට ලක්විය. ඊටත් පෙර රඟපෑ ගීත වීඩියෝවක් නිසා ආන්දෝලනයට ද ලක්විය. කරු බොහෝ දේ කරන්නේ බොහෝ දුර සිතා මතා නොවේ. ඒ ඔහුගේ හැටිය.   


මේ කරදර මැද මීට වසරකට පමණ පෙර ඔහු නාන කාමරයේ දී ඇද වැටුණේය. බොහෝ වේලාවක් යනතුරු එය කිසිවකුට දැන ගන්නට නොලැබුණි. අවසානයේ ඔහු එයින් ඇඳටම වැටුණේය.   


තිරයේත් සැබෑ ජීවිතයෙදිත් සටන්වලට බිය නොවූ ජව සම්පන්න කරු දැන් සිටින්නේ රෝගීවය. කරුට ඇවිද ගන්නට හැකි වුවද පෙර ජව සම්පන්න බව තවම නැත. වසරක සිට භෞත චිකිත්සක ක්‍රම මගින් ඔහු පුරුදු තත්ත්වයට එන්නට වෙර දරයි.   


රෝගී වූ ඔහු බලාගන්නා ඔහුගේ ඥාති පුත්‍රයකු කීවේ එදා ජනප්‍රිය කාලයේ බොහෝ දෙනා ඔහු සොයා ආවද දැන් දැන් ඒ ඒ සැලකිල්ල අඩුවී ඇති බවයි. කරු ලෙඩ වුව ද ඔහු තිරයේ මැවූ ජව සම්පන්න ප්‍රතිරූපය නම් තවමත් රසික සිත්වලින් බැහැර වී නැත.   

 

 

 

රොඩ්නි විදාන පතිරණ   

 



අදහස් (0)

ඕනෑම දේකට ඔට්ටු සටන්කාරයා කරූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 573 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 329 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site