IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ඝාතන උපක්‍රම

 

 

ඉරාන ඉස්ලාම් විප්ලවය විසින් බිහි කරන ලද ෂියා ඉස්ලාමීය විප්ලවකාරී රැල්ල 1979 වසර ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදයේ හැරවුම් ලක්ෂයක් වූ බවට විශ්වාස කෙරේ.   


2019ට පෙර අවුරුදු 18ක කාලය තුළ දී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ඝාතන ප්‍රහාර 31,221ක් සිදු කර ඇති බව ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲ විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයෙක් සඳහන් කර ඇත. 2015 දී කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාවෙන් 74% කට වඩා වගකිව යුත්තේ අයි.එස්.අයි.එස්. බෝකෝහරාම්, තලිබාන් හා අල්කයිඩා සංවිධානයන්ය.   


මෑත දශකයේ දී ගෝලීය වශයෙන් කරන ලද ඝාතන ප්‍රහාර ක්‍රම කීපයක් මගින් සිදුකර ඇත. දේපොළ ගිනිතැබීම්, වාහන වේගයෙන් ධාවනය කර සිවිල් වැසියන් එක් රැස්වන ස්ථානයකට කඩාවැදීම්, වෙඩි තැබ්‍ම්, බෝම්බ ප්‍රහාර හා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම්, තියුණු ආයුධවලින් කරන ප්‍රහාර, පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් වැනි ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදු කර ඇත. මැද පෙරදිග ප්‍රථමයෙන්ම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර අැත්තේ හිස්බුල්ලා සංවිධානය විසිනි. මෙම ප්‍රහාර සිවිල් වැසියන්, හමුදා භටයින් හා රජයේ නිලධාරීන්ට එරෙහිව එල්ල කර ඇත. සමහර ඉස්ලාමීය පූජකවරු මරාගෙන මැරෙන ප්‍රහාර හා ත්‍රස්තවාදය ඉස්ලාමීය දහමින් තහනම් කර ඇති බව පවසති.   


එහෙත් මෙම ප්‍රහාර අනුමත කරන සමහර මුස්ලිම් පූජකවරුන් සඳහන් කරනුයේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව භක්තිය උදෙසා කරන දිවි පිදීමක් බවය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කිරීම අයි.එස්.අයි.එස්. සංවිධානයේ ප්‍රධානතම ඝාතන උපක්‍රමය වී ඇත්තේ එමගින් විරුද්ධවාදීන් බොහෝ දෙනකු ඝාතනය කිරීමට හැකි වීම නිසාය.   
ගුවන් යානා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තවත් එක් ඝාතන උපක්‍රමයකි. 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කරන ලද මෙවැනි ප්‍රහාරයකින් පුද්ගලයින් 3000ක් පමණ ඝාතනය වූ බව වාර්තා විය. පුද්ගලයින් පැහැර ගෙන යාම හා ඔවුන් ඝාතනයට ලක් කිරීම ද ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් සිදු කර ඇත. මේ අන්දමින් පැහැර ගන්නා පුද්ගලයින් වෙඩි තැබීමෙන් හෝ හිස ගසා දැමීමෙන් ඝාතනය කරන අතර එම ඝාතන ක්‍රියාව වීඩියෝ මගින් ලොව පුරා ප්‍රචාරය කර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ද ඉස්ලාමීය ත්‍රස්තවාදීහු කටයුතු කරති.   


1980 වසරේදී ලෙබනන් යුද සමයේ හිස්බුල්ලා සංවිධානය විසින් අැමෙරිකානු පුරවැසියන් කිහිපදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා විය. අයි.එස්.අයි.එස්. බෝකෝහරාම්, හමාස් හා අල්කයිඩා සංවිධාන තම සංවිධානවල මුදල් තර කර ගැනීම සඳහා ද මෙම පැහැර ගැනීම් සිදු කර ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහසයි.   


ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් දේශපාලන අවශ්‍යතාවන් මත ද පුද්ගලයින් පැහැරගෙන ගොස් ඇත. 2014 සැප්තැම්බර් මාසයේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ අබු සයාෆ් විසින් ජර්මන් ජාතිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ජර්මන් රජය තම සංවිධානයට විරුද්ධව ගෙන යන යුද්ධයට සහාය දීම නවත්වන ලෙසත් පැහැර ගන්නා ලද පුද්ගලයින් නිදහස් කිරීමට කප්පම් මුදලක් ගෙවිය යුතු බවත් නොඑසේ නම් ඔවුන් ඝාතනය කරන බවටත් තර්ජනය කළේය.   


එම මාසයේදීම ඇල්ජීරියාවේදී ප්‍රංශ ජාතිකයකු පැහැරගෙන ගොස් ප්‍රංශ රජය තම සංවිධානයට විරුද්ධව ගෙන යන යුද්ධයට සහාය දීම නොනැවැත්වුවහොත් ඝාතනය කරන බව අයි.එස්.අයි.එස්. සංවිධානය තර්ජනය කළේය. ප්‍රංශය, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය කප්පම් මුදල් ගෙව්ව ද අැමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය කප්පම් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.   


කටාර්, කුවේට් හා ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදිත රටවලින් අයි.එස්.අයි.එස්. සංවිධානයට විශාල වශයෙන් ආධාර මුදල් ලැබුණ ද (මෙම මුදල් මානුෂීය ආධාර වශයෙන් ලබා දී ඇත.) පුද්ගලයින් පැහැර ගැනීම සංවිධානයේ අරමුදල් තර කර ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස යොදා ගත් බව වාර්තා වේ.   


2014 මාර්තුවල එල්මුන්ඩෝ පුවත්පතෙහි සේවය කළ ස්පාඤ්ඤ ජාතික මාධ්‍යවේදියකු වූ ජාවියර් එස්පිනෝසා (Javier Espinosa) හා ඡායාරූප ශිල්පී රිකාඩෝ ගාර්යා විලානෝවා (Ricardo Garcia Vilanava) පැහැරගෙන ස්පාඤ්ඤ රජයනේ කප්පම් මුදල් ලබා ගැනීමෙන් පසුව නිදහස් කර ඇත. පැහැර ගත් මාධ්‍යවේදියකු වූ ජේම්ස් ෆෝලේ (James Foley) නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් කප්පම් වශයෙන් ගෙවිය යුතු බවත් නැතහොත් ඝාතනය කරන බවටත් අයි.එස්.එයි.එස්. සංවිධානය දැනුම් දුන් බව අැමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට ප්‍රකාශ කළ බව වරෙක වාර්තා විය.   


2014 සැප්තැම්බර් මාසයේදී James Foley හා ස්ටිවන් සොට්ලොෆ් (Steven Sotloff) යන අයගේ හිස් ගසා දමන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ එවකට හිටි අගමැති ඩේවිඩ් කැමරන් G7 සාමාජික රවලින් ඉල්ලා සිටියේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන පැහැර ගැනීම් සඳහා මුදල් නොගෙවන ලෙසය.   


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවේදී විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියුක්තව සිටි විදේශීය සේවකයන් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා මෙලෙස පැහැර ගැනීම් සිදු කර ඇත. 2014 මැද භාගය වනවිට අයි.එස්.අයි.එස්. සංවිධානය සතු මූල්‍ය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වූ බව වාර්තා විය. අයි.එස්.අයි.එස්. සංවිධානය මෙලෙස අනිකුත් ත්‍රස්ත සංවිධානවලට වඩා බලවත් සංවිධානයක් බවට පත් විය.   


21 වන ශත වර්ෂය ආරම්භයේදී අයි.එස්.අයි.එස්. සංවිධානය ලොව පුරා වෙබ් අඩවි 100ක් පමණ නිර්මාණය කර ජිහාඩ් ක්‍රියාදායමට එක් වන ලෙස ලොව පුරා සිටින තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය. ද වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළ පරිදි ෆේස්බුක් හා යූ ටියුබ් වැනි වෙබ් අඩවි තුළින් ජිහාඩ් සාමාජිකයන් බඳවා ගැනීම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත. සියලුම ආගම් අතරින් උසස්තම ආගම ෂරියා නීතිය පිළිපදින ඉස්ලාම් ධර්මය බව ඉස්ලාමීය ආධිපත්‍යය විසින් කරනු ලබන ප්‍රකාශ ඉස්ලාමීය ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම සඳහා අනුබල දීමක් බව සමහර මධ්‍යස්ථ මතධාරීහු විශ්වාස කරති. වරෙක අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ සඟරාවක් වන ඩාබික් සඟරාවේ පළ කර තිබුණේ අල්ලා ගන්නා ලද යසිඩි ගෝත්‍රික කාන්තාවක් ලිංගික වහලියක් ලෙස තබා ගැනීම හෝ අනියම් බිරියක් ලෙස තබා ගැනීම ෂරියා නීතියට එකඟ බවයි. (ISIS සංවිධානය යසිඩි Yazidi ගෝත්‍රිකයන් සැලකුවේ මිත්‍යාදෘෂ්ටිකයන් ලෙසය.) මිත්‍යාදෘෂ්ටික කාන්තාවන් අනියම් බිරියන් ලෙස තබා ගැනීමට ෂරියා නීතියෙන් අවසර ඇති බව ද තවදුරටත් එම සඟරාවෙන් ප්‍රකාශ කොට ඇත.   


අයි.එස්.අයි.එස්. සංවිධානය බොහෝ ඝාතන වෙඩි තැබීම් මගින් ද සිදු කර ඇත. 2014 මැයි මස බෙල්ජියමේ දී කරන වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනකු ද එම වසරේ ඔක්තෝබර්වල කැනඩාවේදී එක් පුද්ගලයකු ද 2015 පෙබරවාරි මස ඩෙන්මාර්කයේ දී දෙදෙනකු ද ඝාතනය කර ඇත. 2015 නොවැම්බර් මස පැරිසියේදී කරන ලද වෙඩි තැබීම් හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ප්‍රංශ ජාතිකයන් 130 දෙනකු ඝාතනය වී 368 දෙනකුට තුවාල සිදු වූ බව වාර්තා විය.   


ඉරාකය, ලිබියාව, සිරියාව වැනි මැද පෙරදිග මුස්ලිම් රටවල මෙන්ම ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, බංග්ලාදේශය හා පාකිස්ථානය වැනි රටවල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, කාර් බෝම්බ ප්‍රහාර හා වෙඩි තැබීම්වලින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන් හා යුද භටයින් දහස් ගණනක් ඝාතනය කර ඇත.  


කඩු පිහි වැනි තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් ඝාතනය කිරීම ද අයි.එස්.අයි.එස්. අන්තවාදීන් ගන්නා තවත් ඝාතන උපක්‍රමයකි. 2013 සැප්තැම්බර් මස ඕස්ට්‍රේලියාවේදී ද 2014 දෙසැම්බර්වල ප්‍රංශයේදී ද 2016 ජනවාරි මස ඊජිප්තුවේදී ද 2016 අප්‍රේල් මාසයේ බංග්ලාදේශයේදී ද 2016 ජුලි මස ජර්මනියේදී හා ප්‍රංශයේ නෝමන්ඩි කතෝලික දේවස්ථානය තුළදී ද අගෝස්තු මස බෙල්ජියමේදී ද නොවැම්බර් මස ඇමෙරිකාවේ ඔහියෝ විශ්වවිද්‍යාලයේදී ද 2017 ජුනි මස ඕස්ට්‍රේලියාවේදී ද සැප්තැම්බර් මාසයේ කැනඩාවේ එඩ්මන්ටන්හිදී ද ඔක්තෝබර් මස ප්‍රංශයේදී ද 2018 මැසි 12 වන දින නැවත ප්‍රංශයේදී ද මැයි 29 බෙල්ජියමේදී ද නොවැම්බර් 9 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී ද පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කර 44 දෙනකු ඝාතනය කිරීමට තැත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථාන තුළ කඩු වැනි වුමහත් ආයුධ තබාගෙන ඇත්තේ කැලෑ එළි පෙහෙළි කිරීමට නොවන බව මේ අනුව සිතිය හැක.   


පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා වාහන වේගයෙන් පදවා සිවිල් වැසියන් රැස්ව සිටින වෙළෙඳ සංකීර්ණ අසලට හෝ පදික වේදිකාවට කඩා වැදීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ගන්තා තවත් ඝාතන උපක්‍රමයකි. 

 

 

 


2016 ජුලි මාසයේ ප්‍රංශයේ දී ට්‍රක් රථයක් ජනාකීර්ණ වීදියකට කඩා වැදීමෙන් පුද්ගලයින් 86 දෙනකු ඝාතනය වී 434 දෙනකුට බරපතළ තුවාල සිදු වූ බව වාර්තා විය. එම වසරේදීම බර්ලින්හිදී ද 2017 මාර්තු මස බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර්හිදී ද අප්‍රේල් මාසයේ ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී ද ජුනි මාසයේ නැවත ලන්ඩන්හිදී ද අගෝස්තු මාසයේ ස්පාඤ්ඤයේදී ද ඔක්තෝබර් මස ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ර්ක්හි ද 2018 මාර්තු මස ප්‍රංශයේදී ද ජුලි මාසයේ ටජිකිස්ථානයේදී ද ජනාකීර්ණ ස්ථානවලට වාහන කඩා වැදීමෙන් සිවිල් වැසියන් බොහෝදෙනකු ඝාතනය කළ බැව් වාර්තා වේ.   


2016 අගෝස්තු මස තුර්කියේදී මරාගෙන මැරෙන ළමා ත්‍රස්තවාදියකු විසින් විවාහ මංගල උත්සවයකදී කරන ලද ප්‍රහාරයකින් 57 දෙනකු ජීවිතක්ෂයට පත්ව 69 දෙනකුට බරපතළ තුවාල සිදු වූ බව වාර්තා විය. 2018 අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානයේ පක්තියා පළාතේ (Paktia Province) ගාර්ඩිස් (Gradez) නගරයේ සීට් මුස්ලිම් දේවස්ථානයකට කඩා වැදුණු බුර්කා ඇඳුමින් සැරසුණ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් දෙදෙනකු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 48 දෙනකු ඝාතනයට ලක්ව 70 දෙනකුට තුවාල සිදු විය.   


ඉහත සඳහන් කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් හමුදාමය ක්‍රියාදාමයකට යොමු නොවී ඔවුන්ගේ ඝාතන උපක්‍රම ක්‍රියාවට නැංවීමේ උත්සාහයක නියැළී සිටින බවයි. මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසය වන තෙක් පමණක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාර 107ක් සිදු කර ඇති බව වාර්තා වේ. රටවල් 27ක් තුළ කරන ලද මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 768 දෙනකු ඝාතනය වී 513 දෙනකු තුවාල ලබා ඇති බව නවතම වාර්තාවල සඳහන් වේ.   


මෙම ප්‍රහාරවලින් 16ක්ම සිදු කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරවලිනි. මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඝාතන ක්‍රියාවන්හි අඩුවක් වී නොමැති බවය. එසේම එකම ප්‍රහාරක ක්‍රමය නැවත නැවත කර ඇති බව ද පැහැදිලි වේ. 1993 පෙබරවාරි 26 වැනි දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර 2001 සැප්තැම්බර් 11 වැනි දින නැවත ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මෙය සනාථ වේ.   
අයි.එස්.අයි.එස්. අන්තවාදීන්ගේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර සම්පූර්ණයෙන් අවසන් වී ඇතැයි සිතීම අපහසුය. සමහර මුස්ලිම් දේශපාලකයින්ගේ ප්‍රකාශ ත්‍රස්තවාදය සඳහා අනුබල දීමක් ලෙස හැඳින්විය හැක. අනාගතයේදී ඇති විය හැකි යැයි සිතිය හැකි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා කළ යුත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඝාතන උපක්‍රම හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් විසර්ජනය කර එම ප්‍රහාර වළක්වාගත හැකි ක්‍රියාමාර්ගයක් ගැනීම තුළින් පමණය. 

 

 

 

පී.ඩබ්ලිව්. ගුණතිලක   
(අන්තර්ජාලය ඇසුරෙනි)   



අදහස් (0)

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ඝාතන උපක්‍රම

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

ඉරට හාදු දුන් නාසා ’නෑයා ’
2025 ජනවාරි මස 06 54 0

අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව


නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 68 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 364 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 243 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 130 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව
2024 දෙසැම්බර් මස 31 42 0

‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 158 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 537 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 283 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site