වර්තමානයේ ජාත්‍යන්තර භූදේශපාලනය හා ආර්ථික රටාව සංකීර්ණ හා ගැඹුරු වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. නව අවස්ථා හා අභියෝග ඊට එක්වෙයි. ජනාධිපති ෂිං ජිං පින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික සම්මේලනය අමතා කියා සිටියේ විවිධ රටවල වෙසෙන සමස්ත මානව වර්ගයාට තම පොදු ඉරණම් පද්ධතිය තීරණය කිරීම සඳහා සාමූහිකව එකට එක්විය යුතු බවය. අප දිගු කල් පවතින සාමකාමී, සමස්ත ආරක්ෂාවක් සහිත පොදු සමෘද්ධිමත්, පවිත‍්‍ර හා සුන්දර ලොවක් විවෘත හා ඉවසිලිමත්ව ගොඩනගා ගතයුතු බවය. ඊට සමගාමීව අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත යුතු බවය.   


මෙහිදී සීතල යුද්ධය පිළිබඳ සිතිවිලි හා එකිනෙකට බලපෑම් කිරීමේ දේශපාලනය ඉවත් කළ යුතුය. ගැටුම් වෙනුවට සංවාදයත් හවුල් වීම වෙනුවට සහයවීමත් යන අන්තර්ජාතික සම්බන්ධතාවයේ නව මාවත ඔස්සේ ගමන් කළ යුතුය.   


මේ අතර ඉන්දියන් සාගර කලාපය තුළ එක් අතකින් යහපත් වර්ධනයක් පවතින අතර තව අතකින් අස්ථාවර හා අවිනිශ්චිත සාධක රැසකට මුහුණ පා ඇත. චීනය හැමවිටම ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සාමය හා ස්ථාවරභාවය රැකගැනීමට වෙහෙසෙයි. එසේම පොදු සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහාත්, ජාතීන් අතර සහජීවනය හා සහයෝගය රැකගනිමින් සාමූහික ජයග‍්‍රහණ ලබාගැනීම සඳහාත් ඉන්දියන් සාගර කලාපය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහාත් ප‍්‍රයත්න දරයි. ඉන්දියන් සාගර කලාපයේ සෞභාග්‍යමත් අනාගතය එක්ව ගොඩනැගීම කළ හැකිවන්නේ ඉවසීම හා සහයෝගය මගින් පමණක් බව චීන පාර්ශවය දරන මතයයි.   


• වසර දහස් ගණනක් පැරණි සේද මාවත


 චීනය ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් සමඟ පවත්වන වෙළඳ‌ාම ඇතුළු සම්බන්ධතා වසර 1000කට වැඩි අතීතයකට දිව යයි. චීන ශිෂ්ඨාචාරය රුවල් නැව් මඟින් කෙරෙන මුහුදු ගමන් මඟින් බාහිර ලෝකයට පිවිසි අතර පසුව අනුක‍්‍රමයෙන් “මුහුදු සේද මාවත” නමින් ප‍්‍රසිද්ධියට පත් වූ වෙළෙඳ ගනුදෙනු මාර්ගයක් වර්ධනය විය. පැරණි මුහුදු සේද මාවත ආසියාව, අප‍්‍රිකාව හා යුරෝපය යන මහද්වීප තුනම යාකරන ප‍්‍රධාන ගමන් මඟයි. එක් එක් අවදිවල චීන රාජ දූතයෝ, භික්‍ෂූන් වහන්සේලා, වෙළෙන්ඳෝ හා වෙනත් අයද තම ජීවිත පරදුවට තබා මුහුදු යාත‍්‍රා මගින් ධර්ම ගවේශන හා වෙළඳ‌ාම් සඳහා දුර රටවල්වලට ගියහ.   


මේ ගමන් නිසා චීන දේශීය නිෂ්පාදන හා නවීන නිෂ්පාදන තාක්ෂණ හා උපකරණ අඛණ්ඩව ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල්වල ව්‍යාප්ත විය. ඒ සමඟම කොන්ෆියුසියස් ධර්මය, සද‌ාචාර හා රාජ්‍ය පාලන පද්ධති, ඇඳුම් පැළඳුම්, රෝපණ තාක්ෂණවේදය, ගෘහ නිර්මාණ ආදී චීන සංස්කෘතික අංග ඉන්දියන් සාගර වෙරළ අවට රටවල පැතිරුණේය. එමඟින් කලාපීය ආර්ථිකය සංවර්ධනය වූ අතර සමාජ යහපැවැත්ම දියුණු තත්ත්වයකට පත් වූයේය. අනෙක් අතට බුදුසමය, විදේශීය නිෂ්පාදන භාණ්ඩ හා ශිල්ප ක‍්‍රමද සේද මාවත ඔස්සේ ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවලින් චීනයට ඇතුළු විය.   
එක් එක් රටවල ආර්ථික හා වාණිජ ගනුදෙනු ද පාරම්පරික උරුමය වූ ධර්ම ශාස්ත‍්‍ර ද හුවමාරු වීම නොනැවතී අඛණ්ඩව පැවතියේය. ඒ සබඳතා සම්බන්ධ වඩාත් ප‍්‍රකට පුවත නම් චීන මින් රජ පෙළපත් යුගයේ “චන්හ” නමැති නාවිකයාගේ සමුද්‍ර චාරිකාවය. මේ චාරිකා හත්වතාවක්ම සිදුවිය. මෙය සිදුවූයේ මෙයින් අවුරුදු 600කට පමණ පෙර රුවල් නැව් 200කින් හා නාවිකයන් 27000ක් පමණ වූ පිරිසක් කැටුව බටහිර ශාන්තිකර සාගරය හා ඉන්දියන් සාගරය ඔස්සේ යාත‍්‍රා කළ ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, කෙන්යාව ඇතුළු රටවල් 30කට වැඩි ප‍්‍රමාණයක සංචාරය කළේය. එසේම පස්වතාවක්ම චීන රාජ දූතයා ලෙස ශ්‍රී ලංකාවේ නැවතී සිටියේය.   


මේ යාත‍්‍රා ගමන් නිසා අග්නිදිග ආසියා, දකුණු ආසියා, මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල් රාශියක් සමඟ චීනයේ සම්බන්ධතා වැඩි දියුණු විය. චන්හ නාවිකයා මෙහෙයවූ නැව් කණ්ඩායම කීප වතාවක් මුහුදු කොල්ලකරුවන් සමඟ සටන් වැද එඩිතරව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කොට නැව් කණ්ඩායමේ ගමන්මඟ නිදහස් හා ආරක්ෂාව දැඩිව රැකගත්හ.   


• ගැඹුරු අන්‍යෝන්‍ය විශ්වාස හා සහයෝගය


ගෝලීයකරණ පසුබිම යටතේ ඉන්දියන් සාගරය ආශ‍්‍රිත කලාපය එක්තරා අන්දමින් කෙමෙන් ලෝකයේ සමෘද්ධිමත් මධ්‍යස්ථානවලින් එකක් බවට පත්ව ඇත. මේ අතරින් දකුණු ආසියාව විසි එක්වැනි සියවසේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ප‍්‍රදේශය ලෙස සැලකෙයි. භාග්‍යයකට මෙන් අල්ෆ‍්‍රඩ් තය මහන් 1890 දී ඉදිරිපත් කළ “ඉන්දියන් සාගරය ග‍්‍රහණයට ගතහොත් මුළු ආසියාවම පාලනය වේ” යන අනාවැකිය ඉෂ්ට නොවනු ඇත. කිසිවකුට තනිව ඉන්දියන් සාගරය පාලනය කළ නොහැකි අතර පොදු සංවර්ධනය හා පොදු භුක්තිය අඛණ්ඩව පවත්වා ගැනීම ප‍්‍රධාන නැඹුරුව වනු ඇත.   


 2014 වසරේ සිට ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය පකිස්ථානය ඇතුළු රටවල ඓතිහාසික නිල සංචාරයක යෙදුණු චීන ජනාධිපති “ෂිං ජිං පිං” මැතිතුමා සුහද අසල්වැසි සබඳතා පිළිබඳ නව යුගයක් උද‌ා කළේය. චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර තිරසාර සංවර්ධනය, ආර්ථික හා වාණිජ සහයෝගය, ශාස්ත‍්‍රීය හුවමාරුව, දිළිඳුකම තුරන් කිරීම හා ආපද‌ා සහනාධාර යනාදී ක්ෂේත‍්‍රයන්හි පමණක් නොව මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව ප‍්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන්ද ප‍්‍රායෝගික සහයෝගිතා දිනෙන් දිනට වැඩි දියුණු වී ඇත. චීනය හා දකුණු ආසියාතික රටවල් අතර වාණිජ කටයුතුවල පරිමාව සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති අතර 2016 වර්ෂයේදී එය ඇමෙරිකන් ඩොලර් බිලියන 110.7 ක් දක්වා වැඩි විය. මුළු ලෝක වාණිජ පරිමාවෙන් 3.2 ක් චීනය සතුය. ඉකුත් අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාතික රටවල් සඳහා ශිෂ්‍යත්ව 10,000ක් පිරිනමමින් තරුණ තරුණියන්ට පුහුණුවට අවස්ථා සපයා ඇත. ඒ අතර 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ශිෂ්‍යත්ව හා පුහුණු අවස්ථා ගණන 1300ක් පමණ වන අතර 2016 දී 1500ක් ලබා දුන්නේය. 2017 වර්ෂය තුළ එය 2000 ඉක්මවා වර්ධනය කිරීම අපේක්ෂිතය. පිට පිට වර්ෂ 3ක්ම චීන විදේශ පුහුණු ආධාර හා සම්පත් වැඩියෙන්ම ලැබූ රට බවට පත් වූයේ ශ්‍රී ලංකාවය.   


 ලෝකයේ විශාල වානිජ රටක් වන චීනයේ විදේශ භාණ්ඩ වෙළෙඳ‌ාමෙන් සියයට 40 කට ආසන්න ප‍්‍රමාණයක් ඉන්දියන් සාගරය ඔස්සේ මුහුදු ප‍්‍රවාහන මාර්ගයෙන් සිදුවේ. හැම වර්ගයේම දැවැන්ත වෙළෙඳ නැව් 5000කට අධික ප‍්‍රමාණයක් චීන වරායවලට පිවිසීම හෝ පිටවීම සිදු වෙයි. ඉන්දියන් සාගරය ඔස්සේ දකුණු ආසියාව, මැද පෙරදිග, අප‍්‍රිකාව හා යුරෝපය අතර ගමනාගමනය සිදු වෙයි. මේ අනුව ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කිරීමේ නිදහස හා ආරක්ෂාව රැකගැනීම චීනයේ අයිතියක් මෙන්ම වගකීමක්ද වේ.   


 චීනය ඉන්දියන් සාගර කලාපය තුළ සංවර්ධනය සහ සාමය ස්ථාවර කෙරෙන වැදගත් බලවේගයකි. ඒඩ්න් බොක්ක ආශ‍්‍රිතව සිදුවන මුහුදු මංකොල්ලකෑම්වලට එරෙහිව චීනය ක‍්‍රියාශීලීව සහභාගී වී ඇත. 2016 වසර වනවිට ආරක්ෂක කණ්ඩායමේ 25ක්, නැව් 78ක්, හෙලිකොප්ටර් 54ක් ආරක්ෂක නාවිකයන් 21000ක් මගීන් හා යාත‍්‍රා රැකවරණ කටයුතු ඉටුකිරීමට ඊට හැකි විය. සුරක්ෂිතව රැකවරණය ලබා දුන් දෙස්විදෙස් නැව් 6300ක් පමණක් වූ අතර ආපද‌ාවලට අසුවූ දෙස්විදෙස් නැව් 60ක් පමණ සාර්ථකව මුද‌ාගැනීමට සහ ආරක්ෂාව ලබාදීමට සමත්ව ඇත. මේ ක‍්‍රියාද‌ාමය මඟින් චීනයේ වගකීම් ඉටු කිරීම මනාව පිළිබිඹු කෙරිණි.   


චීනය කලාපීය රටවල් සමඟ හැමවිටම දුකසැප එකසේ බෙද‌‌ාගැනීමේ නිරතව සිටී. තවද චීනය (ආසියාතික කලාපයේ මුහුදු කොල්ලකරුවන්ට හා සන්නද්ධව බෝට්ටු පැහැර ගැනීමට එරෙහි සහායෝගිතා ගිවිසුමෙනි. ක‍්‍රියාශීලි සාමාජිකයෙකි. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් ලෙස ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, පකිස්ථානය, ඩෙන්මාර්ක්, නෝර්වේ, එංගලන්තය, ඇමෙරිකාව ආදී ආසියා ශාන්තිකර කලාපීය රටවල් ක‍්‍රියාකරයි. මෙහි කාරක සභිකවරයකු වශයෙන් ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කිරීමේ නිදහස සඳහා සංධානයේ රටවල් සමඟ සහයෝගයෙන් මුහුදු කොල්ලකරුවන්ට ප‍්‍රහාර කළ බව මවිසින් යෝජනා කරන ලදී. ඉන්දියන් සාගර කලාපයේ වැදගත් සාමාජිකයකු වශයෙන් චීනය සෙසු රටවලට වඩා සාමය ආරක්ෂාව සමඟිය සහ සහයෝගය තහවුරු වුණු සංවර්ධනය හා සමෘද්ධියෙන් පිරිපුන් විශාල පවුලක් එම කලාපය තුළ දකින්නට බලාපොරොත්තු වේ. මේ බව තම ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට චීනය සමත් ව ඇත. කලාපීය සාමය ස්ථාවරභාවය හා සමෘද්ධිය වර්ධනය කිරීම සඳහා තවදුරටත් ධනාත්මක ද‌ායකත්වය ලබාදී මෙහිද ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමෙහිද චීනය නියලී සිටී.


2004 වර්ෂයේ ඉන්දියන් සාගරය සුනාමි සිදුවීමෙන් පසු ප‍්‍රථමයෙන් ඉන්දියන් සාගරය ආශ‍්‍රිත ආපද‌ා වූ රටවල්වලට මානව හිතවාදී සහනාධාර සපයාදීමට මුල් වූ චීන රජය යුවාන් මිලියන 522ක් ආධාර මුදල් සපයා දීමෙන් නොනැවතී ආපද‌ා සිදුවූ රටවලට උපකාර වශයෙන් සෞඛ්‍යාරක්‍ෂිත කණ්ඩායම්, වෘත්තීය කණ්ඩායම් හා පශ්චාත් ප‍්‍රතිසංස්කරණ කණ්ඩායම් යැවීමටද ක‍්‍රියාකළේය. එසේම විවිධ ​ෙක්‍ෂ්ත‍්‍ර ඔස්සේ ආපද‌ා ප‍්‍රදේශවල අවතැන් මිනිසුන් සඳහා තවත් යුවාන් මිලියන 290ක මුදල් ආධාර දෙනු ලැබීය. මෑත වසර දෙක තුළ චීනය හැම අවුරුද්දේම ශ්‍රී ලංකාවේ නියං හා ගංවතුර විපත් සඳහා විශාල ආධාර ලබා දුන් අතර පශ්චාත් ප‍්‍රතිසංස්කරණ කණ්ඩායම් සහභාගී කරවීය. ආධාර මුදල වශයෙන් යෙදූ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 940ක් විය.   


 ඇමෙරිකාවේ වැඩබලන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් වේල්ස් මැතිනිය මෑතදී එක්සත් ජනපද කොංග‍්‍රසයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහනශීලි ණය පිළිබඳව ප‍්‍රකාශයක් කළාය. මේ මඟින් ලංකාවට ‘තිරසාර ණය බරක්’ පැටවූ බවට ඇය සිදු කළ ප‍්‍රකාශයෙන් ඇය කියා සිටී. ඇමෙරිකාව ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා දෙන රටක් බවට විවෘතව කළ ප‍්‍රකාශයටද මගේ අවධානයට යොමු වී ඇත. එය මුළුමනින්ම පදනම් විරහිත ප‍්‍රකාශයක් බව කිව යුතුයි. ඇත්ත වශයෙන්ම චීනය ශ්‍රී ලංකාවට සපයා දුන් ණය වැඩි කොටසක්ම සහනශීලි කොන්දේසිවලට යටත්ය. ස්ථාවර පොළිය සියයට 2ක් වූ අතර මූල්‍යමය වශයෙන් පොළී හිලව් පිහිටාධාර රාශියක් චීන රජය මගින් ශ්‍රී ලංකාවට සැපයේ. වාරිමාර්ග, විදුලි බලාගාර, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන් තොටුපල ආදී ස්ථානවල යටිතල පහසුකම් චීන අනුග‍්‍රහශීලි ව්‍යාපෘතිවලට ඇතුළත් වේ.   


මේ මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට වැදගත් මෙහෙයක් ඉටු වූ බව කිව යුතුය. විශාල ලෙස සංවර්ධනයවෙමින් පවතින රටක් වශයෙන් චීනය, අන්‍යෝන්‍ය සහයෝගිතා උපක‍්‍රම මාර්ගයෙන් සිය උපරිම උත්සාහයෙන් දියුණු වන රටවලට උපකාර කරයි. තානාපති සම්බන්ධතා ඇති වූ තැන් සිට චීනය ශ්‍රී ලංකාවට සැපයූ සමස්ත සහනාධාරවල වටිනාකම යුවාන් බිලියන 10 ක් (රුපියල් බිලියන 220 ක්) වූ අතර 2014 සිට 2017 දක්වා වූ කාලය තුළ එය යුවාන් බිලියන 1.5 ක් (රුපියල් බිලියන 33) ක් පමණ විය. එමෙන්ම 2018 සිට 2020 දක්වා වූ කාලය තුළ යුවාන් බිලියන 2 ක් (රුපියල් බිලියන 47 ක්) පමණ සහනාධාර ලබා දීම අපේක්ෂිතය.   


චීනයෙන් සැපයුණු ආධාර ව්‍යාපෘති වශයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, නෙළුම් පොකුණ ජාතික රංග ශාලාව සහ වකුගඩු රෝහල, පිළිකා රෝග අරමුදල ආදිය දැක්විය හැකිය. මේ මගින් ශ්‍රී ලංකා සමාජයට හා මහජනතාවට සිදු වූ සේවය ප‍්‍රකටය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිගනිමින් ද අභ්‍යන්තර කටයුතුවලට ගරු කරමින් ද කිසිඳු කොන්දේසියකින් තොරව මෙකී සහනාධාර ලබා දුන් අතර චීනයේ එකම ඉල්ලීම වූයේ එම ආධාරය හැකි තරම් ජන ජීවිතයට හා මහජනයාට සෙතක් වන අයුරින් යෙදවිය යුතු බවයි.   


එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ තීරණය අනුව දියුණු වූ රටවල් සිය ආද‌ායමින් සියයට 0.7 ක් දියුණු වෙමින් පවතින රටවලට නොමිලේ ආධාර වශයෙන් ලබා දිය යුතුය. ඇත්ත වශයෙන්ම ඕලන්ද, ඩෙන්මාර්ක්, නෝර්වේ වැනි යුරෝපීය රටවල් කිහිපයක් හැරුණු විට බොහෝ රටවල් ඒ යුතුකම ඉටු කිරීමට ඉදිරිපත් වී නැත. චීන ජනතාව අසාධාරණ අයුරින් පොහොසත්වීමට බෙහෙවින් විරුද්ධ වන අතර සහනාධාර සැපයීම සහ සහජීවනය චීන සංස්කෘතයේ අංගයකි. පොළඹවන සුළු නිශ්ඵල කතාවෙන් නොව චීනය ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවලට නොකඩවා හැකිතරම් උදව් උපකාර සිදුකරන බව සිය ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.   


ඉන්දියන් සාගර කලාපයේ වැදගත් සාමාජිකයෙකු වශයෙන් චීනය සෙසු රටවලට වඩා සාමය, ආරක්ෂාව සමගිය හා සහයෝගය තහවුරු වුණු සංවර්ධනයෙන් හා සමෘද්ධියෙන් පිරිපුන් විශාල පවුලක් එම කලාපය තුළ දකින්නට බලාපොරොත්තු වෙයි. මේ බව තම ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට චීනය සමත්ව ඇත. කලාපීය සාමය, ස්ථාවරභාවය හා සමෘද්ධිය වර්ධනය කිරීම සඳහා තවදුරටත් ධනාත්මක ද‌ායකත්වය ලබාදීමෙහිද ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් අතර සම්බන්ධය වැඩිදියුණු කිරීමෙහි ද චීනය නියැලී සිටී.   


ක‍්‍රියාශීලි සංවාදය හා සහයෝගය මඟින් ඒ ඒ රටවල හා සිය කලාපයේ ආරක්ෂාව තර කළ යුතුය. චීන ආප්තෝපදේශයක පැවසෙන ආකාරයට ‘ශක්තිය පවතින්නේ අතේම නොව සමගය මතයි’ අපි එහි නියැලී සිටිමු. උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි කොට අන්‍යෝන්‍ය සැකසංකා අවම කොට සමවිෂමතා තුරන් කොට සාමූහික සහජීවනයේ නියැලිය යුතුය. සංවර්ධනය හා ආරක්ෂාව එකසේ අවධාරණය කරමින් කලාපය තුළ ආර්ථික සහයෝගය සහ ආරක්ෂාව නිසි ලෙස පවත්වා ගැනීමත් අන්‍යෝන්‍ය ක‍්‍රියා මගින් එක්ව ඉදිරියට ගෙනයෑමටත් එමගින් පෙළඹවීමක් සිදුකරයි.   


 චීනය මෙම ආරක්ෂණ සංකල්පයෙහි බලවත් සේ නියැළී සිටී. ආසියා ශාන්තිකර සාගර කලාපයෙහි, දකුණු මුහුදේ සාමය හා ස්ථාවරභාවය රැකගැනීමේලා නිරතුරුව නියැලී සිටින අතර ඍජුව අද‌ාළ රටවල් සමඟ සිදුකෙරෙන සුහද සාකච්ඡා මගින් නිරාකරණය කරගැනීමටත් දේශසීමා හිමිකම පිළිබඳව ආරවුල් විසඳ‌ා ගැනීමටත් ඉදිරිපත් වී සිටී. ඇතැම් බාහිර රටවල් ආත්මාර්ථකාමී ස්ථාවරයක සිටිමින් යුද්ධමය පැවැත්ම වැඩි කර පෙන්වමින්, ගැටුම් සඳහා උසිගන්වමින් දකුණු මුහුද අවුල් තත්ත්වයකට පත්කිරීමට වෑයම් කරයි. දකුණු මුහුදේ වෙරළබඩ රටවල්වලට මෙය කරදරකාරීවන්නකි. මේ ඇතැම් රටවල අභ්‍යන්තර ගැටුම් පවතින අතර ඇතැම් රටවල් උගුලට වැටී අතරමං වන බව සමහරු කියති. ඉන්දියන් සාගරය ඇතැම්විට ඊළඟ දකුණු මුහුද වීමට ඉඩ ඇති හෙයින් අප සෝදිසියෙන් සිටිය යුතුය.   
 බාහිර බලවේග විසින් අපේ රටවල අභ්‍යන්තර ගැටුම් අවුලූවා ඉන්දියන් සාගරයේ යුද ගැටුම් වැඩි කොට කලාපීය සාමය අවුල් කිරීමට ක‍්‍රියාකරන ආකාරය කෙරෙහි අප සැලකිලිමත් විය යුතුය. ඒ ගැන ඉතා සුපරික්ෂාකාරීව විපරමින් සිටිය යුතුය.