IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අවුරුදු අසුහතේදී උපාධියක් ලබාගත් ලංකාවේ අත්තම්මා

 

 

සිය ජීවන ගමනේ අට වැනි දශකයද පහු කරමින් සිටින වරදාට ඉගෙනුම නම් කවදාවත්ම එපා වූයේ නැත. ජීවිතයේ භාගයකදීම රුදුරු යුද්ධයක අත්දැකීම්වලට මුහුණ දුන් ඇය කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට තරම් වාසනාවන්ත වූවාය.   


මෙම ජයග්‍රහණය හමුවේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් වීම ආඩම්බරකමක් ලෙසද වරදා සැලකුවාය.   
මෙලෙස සමත්කම් දැක්වූ වරදා ෂන්මුගනාදන් මේ වනවිට අසූහත් හැවිරිදි වියේ පසුවන්නීය. කැනඩාවේ යොර්ක් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබා ගත් වරදා ෂන්මුගනාදන් යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලැබූ අයෙකු වන්නීය.   


දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ඇය මෙම පශ්චාත් උපාධිය සම්පූර්ණ කොට ඇති අතර මෙම පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා ඇය ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම සිය අධ්‍යයනයට ඉදිරිපත් කළේ එහි අත්දැකීම් ඇයට උපරිමයෙන්ම පවතින නිසාය.   


ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව මෙරට ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව වාර්තා වේ. ඉන්අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන්නුවර වෙත ගොස් ඇති අතර එහිදී ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධි ලබා ගත්තාය.   


ඇය සිය දියණිය සමග 2004 වසරේදී කැනඩාවට පැමිණ ඇති අතර ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන් සඳහා කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයෙන් ගාස්තු අය කිරීමකින් තොරව මෙම පශ්චාත් උපාධි පාඨමාලාව පැවැත්වෙන බව දැන ගැනීමෙන් අනතුරුව ඇය එම අධ්‍යයන කටයුතු සඳහා යොමු වූ බව කියා සිටින්නීය. දේශපාලන විද්‍යාව සඳහා වන මෙම පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා වන අධ්‍යයන කටයුතු වරදා ආරම්භ කර ඇත්තේ 2019 වසරේදීය. ඉන් දෙවසරකට පසුව එනම් ඉකුත් නොවැම්බර් 02 වැනිදා ඇය උපාධිය හිමි කර ගත්තාය.   
අධ්‍යාපනයට ප්‍රවේශ වීම, සැමට එය වෙත ඇතුළත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම සහ යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට වරදා තුළ තිබූ නොසැලෙන අධිෂ්ඨානශීලීත්වය අගය කරන බව කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ සභාපති රොන්ඩා ලෙන්ටන් කියා සිටින්නීය.   
 ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් සඳහා ප්‍රබල ආදර්ශයක් ලෙස ක්‍රියා කිරීමට අන් අයට පෙලඹවීමක් ඇති කරනු ඇතැයිද යෝර්ක් විශ්ව විද්‍යාලයේ සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටින්නීය.   


මේ අතර සිය ඉදිරි ඉලක්කයන් වෙත යන ගමනේ දී මෙම උපාධිය ලබා ගැනීම අවසන් අවස්ථාව නොවන බවත්, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්ත්වය සහ සාමය සහ සමාදානය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කිරීම බවද ඇය තවත් අධිෂ්ඨානශීලීව කියා සිටින්නීය.   


ඔබත්, මමත් හැමදෙනාටම සැමවිටම ජීවිතයේ ඉලක්කයක් තියෙන්න ඕනේ. අපට හඹා යාමට අවශ්‍ය සිහිනය කුමක් ද යන්න හොඳින් සොයා බලා එහි අවසානය දක්වාම හඹා යා යුතුය. ඔබ උනන්දුවක් දක්වන අතරේම ඒවා අන් අයටද ප්‍රයෝජනවත් වන අයුරින් සිතන්න. ඉන් පසුව ඒ සිහිනය පසුපස යන්න. එය කොහොම හරි ලබා ගන්න, අවසානයේ කොහොම හරි එය ඉටු කර ගන්න යැයි වරදා ස්ථිරසාරව කියා සිටින්නීය.   
ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වූ වරදා මේ වන විට ගත කරන්නේ සිය ජීවිතයේ සැදෑ සමයයි. මුනුපුරන් හා මිනිපිරියන් හත් දෙනෙකුගේ මිත්තණියක් වන ඇය කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් වයස්ගතම පුද්ගලයා බවට පත්වූයේ ඉගෙනීම සඳහා වූ තම ආශාව දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් බවට පත් කර ගනිමිනි.   
87 වැනි වියේ පසුවන නමුත් ඇගේ ආත්මය වෙනදා මෙන් තරුණ හා ජවසම්පන්නය. ඇය තම මුනුපුරන් සමඟ ස්ක්‍රැබල් ක්‍රීඩා නොකරන විට හෝ නටමින් සහ ගායනා නොකරන විට, ඇය ඇගේ බොහෝ සිහින පසුපස හඹා යයි.   


“එය සිත්ගන්නාසුළුයි. ඉකුත් නොවැම්බර් පළමුවැනිදා මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය කාන්තාවක්. නොවැම්බර් දෙවැනිදා මම උපාධිය ලබා ගත්තාට පස්සේ සියල්ල වෙනස් වුණා,”‍ ෂන්මුගනාදන් මහත්මිය කියා සිටින්නීය. “මෙය කවදත් මගේ සිහිනයක් වූ අතර, දේශපාලනය හැදෑරීම සහ එයින් උසස් උපාධියක් ලබා ගැනීම, අවසානයේ එය සාක්ෂාත් කර ගැනීම ගැන මම සතුටු වෙමි,”‍ ඇය පැවසුවාය.   
ශ්‍රී ලංකාවේ, වේලනයි නම් කුඩා ගම්මානයේ උපත ලද ෂන්මුගනාදන් තම රටේ වසර 26ක යුද ගැටුම සම්බන්ධයෙන් පිළිතුරු සහ පැහැදිලි කිරීම් සොයමින් සිටියාය.   


ශ්‍රී ලංකාවේ යුද ගැටුම 2009 මැයි මාසයේදී අවසන් විය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම ගැටුමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අවතැන් විය. ඇයට ඒ අතීතයද අමතක කළ නොහැකිය.   


“මම සැමවිටම, මගේ හදවතේ සහ ආත්මයේ සාමය, යුක්තිය, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කොට පෝෂණය කර තිබෙනවා. මට අවශ්‍ය වූයේ මගේ රටේ කතාව සෑම පරම්පරාවකටම ශබ්ද නඟා පැහැදිලිව පැවසීමටයි - අපි සියල්ලෝම සාමය සඳහා ආශා කළ යුතුයි.”‍යැයි ෂන්මුගනාදන් පැවසුවාය.   
ඇය 2 වැනිදා අනෙකුත් සිසුන් 4,000 ක් සමඟ උපාධිය ලබා ගැනීමට පෙර කොරෝනා වයිරස් වසංගතය නිසා මොහොතකටවත් අධ්‍යාපන කටයුතු මග නොහරින බව කීවාය.   

 

 

 

තිළිණි ද සිල්වා



අදහස් (1)

අවුරුදු අසුහතේදී උපාධියක් ලබාගත් ලංකාවේ අත්තම්මා

Siri Wednesday, 17 November 2021 08:41 AM

සුභ පැතුම්!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site