(දයාසීලි ලියනගේ)
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ දින 40ක පාඩුව රුපියල් කෝටි 2000ක් බව ගණන් බලා ඇත.
මෙම තත්ත්වය ඇතිවීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම දිනකට කෝටි 50ක් වී තිබූ අතර, පසුගිය මාර්තු 18 වැනිදා සිට මේ දක්වා වැඩ කරන දින 40ක් වසා තැබීම නිසා මෙම පාඩුව සිදුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මත්පැන් නිෂ්පාදනය, අලෙවිය හා බදු අය කිරීම මගින් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ආදායම ලබා තිබුණි. මුදල් අමාත්‍යාංශය මගින් සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 150ක මුදලක් ඉපයීමේ ඉලක්කයක් ලබාදී තිබූ අතර, පවතින තත්ත්වය යටතේ එම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd