මැතිවරණ කොමිසම ඇතුළේ සාකච්ඡා පිට සාකච්ඡා
(දයාසීලි ලියනගේ)
මැතිවරණ පනතට අනුව හා සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
මෙම අංශ දෙකම අතර ගැටුමක් නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම මේ වෙනවිටත් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා වට 4 ක් පවත්වා ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ඡන්දය පාවිච්චි කිරීමේදී ඇඟිලි සලකුණ කිරීම, මැතිවරණ රාජකාරි කටයුතු කරන රජයේ සේවකයන්ගේ ආරක්ෂාව, දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවට පක්ෂ නියෝජිතයන් කැඳවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ පනත හා සෞඛ්‍ය උපදෙස් අතර ගැටීමක් ඇති නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීම කොමිසමට සිදුවී ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය මුළුමනින්ම රටෙන් බැහැර වීමට තවත් කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති නිසා, ඒ තත්ත්වය යටතේම මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇතැයිද ඔහු කීය.
ඒ අනුව මැතිවරණ පනත හා සෞඛ්‍ය උපදෙස් අතර ගැටුමක් ඇති නොවන ආකාරයට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෞඛ්‍ය උපදෙස් හා ඡන්ද පනත අනුව ඡන්දෙ තියන හැටි අර්බුදයක්