(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් එක්ව ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීම ලබන 31 වැනිදා සිදු කෙරේ.
ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ලබන 31 වැනිදා උදේ 10.00ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත්, ඉන් පසුව එන මහමැතිවරණයට සියලු පක්ෂ එක්ව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ‘පුටුව’ ලකුණින් තරග කිරීමටත්, මෙම නව සන්ධානය පිහිටුවන බව අලහප්පෙරුම මහතා කීවේය.
දේශපාලන පක්ෂ 15ක් මෙම නව සන්ධානයට එක්වන බව කී අලහප්පෙරුම මහතා ඉන් පක්ෂ 9ක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානය ඇතුළු දේශපාලන පක්ෂ 15ක් මෙම සන්ධාන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බවද හෙතෙම කීවේය.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මීට පෙර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තවත් අවබෝධතා ගිවිසුමක් ඊයේ (19) අත්සන් කිරීමට නියමිතව තිබිණි.
අලුතින් පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් පත්කර ගැනෙනු ඇති බව ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී ලංකා පොදුජන සන්ධානය 31 වැනිදා පිහිටුවයි