IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් සමාගමට රුපියල් කෝටි 1541 ක් පාඩූයි

(අජන්ත කුමාර අගලකඩ)  

කොරෝනා වයිරසය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයෙ සිට ජූනි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 82ක් (රුපියල් කෝටි 1541 ක්) පමණ වනු ඇතැයි එම සමාගම ඇස්තමේන්තු කර ඇත.   

පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ පාඩුවක් සිදුව ඇති අතර, ​අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ ඩොලර් මිලියන 62ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.  


ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් 20ක ගමනාන්ත 36ක් දක්වා ගුවන් ගමන් සිදුකරන අතර, කොරෝනා වයිරසය හේතුවෙන් ඉන් රටවල් බොහොමයකට ගුවන් ගමන් සීමා කර ඇත.  


ඉකුත් වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආදායමක් අහිමි වූ බව එම සමාගම රජයට දැනුම් දී ඇත.  


මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම බැංකුවලින් ලබාගත් ණය සහ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති මුදල් ඉකුත් ජනවාරි 31 වැනිදා වනවිට ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 876ක් බව සමාගම රජයට දන්වා ඇත.  
මේ තත්ත්වය තුළ සමාගම පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇති බැවින් අතුරු පියවරක් ලෙස ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබාදෙන ලෙසද සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.  

 



අදහස් (0)

ශ්‍රී ලංකන් සමාගමට රුපියල් කෝටි 1541 ක් පාඩූයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site