IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රීලනිප සහාය ජනමත විචාරණ නැති සංශෝධනවලට පමණයි

(අජන්ත කුමාර අගලකඩ)  
ජනමත විචාරණයකට නොගොස් සම්මත කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇත.   


මේ අතර බලය බෙදාහැරීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පමණක් සිදුවිය යුතු බවත් 13න් එහා ගිය බලය බෙදාහැරීමකට ශ්‍රීලනිපය එකඟ නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දී ඇතැයි වාර්තාවේ.  


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර ඉකුත් සඳුදා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම කර ඇත.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුසිතා වි​ෙජ්මාන්න මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගිවී ඇත.  


පක්ෂවලට එකඟවිය හැකි හා ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු යැයිද අනෙකුත් කාරණා පසුව සාකච්ඡා කළ හැකි යැයිද ශ්‍රීලනිප නියෝජිතයින් එහිදී ප්‍රකාශකර තිබේ.   මේ අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සංඛ්‍යාව අටදහස් ගණනක් වන බැවින් එය දැනට සිටින හාරදහස් ගණනකට අඩු කරන්නැයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී ඇත.  


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පෙරේදා (23) රාත්‍රියේ පැවැත්විය.  


එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනෙකුත් කුඩා පක්ෂ සමඟද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත. 

 



අදහස් (0)

ශ්‍රීලනිප සහාය ජනමත විචාරණ නැති සංශෝධනවලට පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site