(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් සංශෝධනය සිදු කර මේ වන විට සති තුනක පමණ කාලයක් ගතවී ඇතත්, අමාත්‍යාංශවලට පැවරෙන විෂයයන් ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරීමෙන් එම අමාත්‍යාංශවල ගැටලු රැසක් පැන නැගී ඇතැයි වාර්තා වේ.
කැබිනට් ඇමැතිවරුන් 9 දෙනකුගේ විෂයපථ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් මැයි මස 22 වැනිදා වෙනස් කරනු ලැබිණි. එහිදී එතෙක් පැවැති පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනස් කර, ජනමාධ්‍ය විෂය මුදල් අමාත්‍යාංශයටත්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ විෂය ඉඩම් අමාත්‍යාංශයටත්, පවරා තිබිණි. මේ තත්ත්වය මත නව අමාත්‍යාංශවල විෂය පථ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී ඇති බව ද දැනගන්නට තිබේ. ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව සිටි අතර, අගමැතිවරයාගේ පැමිණීමෙන් පසුව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සාකච්ඡා කර ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යාංශ විෂයපථ ඇතුළත් ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විෂයයන් පැවරූ ගැසට්ටුව නැතිව අමාත්‍යංශ රැසක් අඩපණයි