(සමන්තිකා මාධවි)
සතියකට වැඩි කාල සීමාවක් පුරා ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ විස්සක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව හිරවී තිබෙන බව ලංකා තැපැල් සේවා සංගමය සඳහන් කරයි.
ගුවන් මගින් එවන ලද ලිපි ලක්ෂ එකොළහකට ආසන්න සංඛ්‍යාවක් හා රට තුළ හුවමාරු වන ලිපි ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් ඒ අතර වේ.
ගුවන් මගින් එවන ලද තැපැල් මලු ලබා ගැනීමට දුෂ්කර ප්‍රදේශවල සිට කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණෙන මහජනයා හිස් අතින්ම ආපසු හැරී යන බවත් ගුවන් තැපැල් මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළ තුළ රඳවා තිබෙන බවත් සංගමය සඳහන් කරයි.
වර්ජනය හේතුවෙන් කටුනායක සිට මධ්‍යම තැපැල් හුවමාරුව දක්වා තැපැල් මලු ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස ගුවන් තැපැල් මලු ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ගොඩගැසී ඇත. වර්ජනය හේතුවෙන් රජයට මේ වන විට රුපියල් කෝටි පහළොවක පමණ පාඩුවක් විඳීමට සිදුවී ඇති බවට දෙපාර්තමේන්තුව ද පිළිගන්නා බව එම සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා ඉරිදා ලංකාදීපය සමග ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලිපි ලක්ෂ 20ක් ගොඩගැහිලා