
(දයාසීලි ලියනගේ)
රෝහල්වල ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු බිලියන 9 ක මුදලක් ලබා නොදීම නිසා රෝහල් අධ්‍යක්ෂවරු බලවත් අසීරුවකට පත්වී සිටින බව වාර්තා වේ.
මහනුවර මහ රෝහලේ පමණක් හදිසි ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් මිලියන 725 ක් ගෙවීමට ඇති බව රෝහල් අධ්‍යක්ෂවරුන් හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.
සෑම රෝහලකම පාහේ පසුගිය වසරේ හදිසි ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් අයවිය යුතු මුදල් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත.
මේ අතර සිංහල අවුරුද්දට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයන්ට ලබා දෙන අතිකාල දීමනා ලබාදී නැති බවද වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.