(නිශාන්ත කුමාර බණ්ඩාර)
යුද්ධයෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස ඉදිකිරීමට ලබන සතිය තුළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.
දැනට මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ඊ.පී.ඩී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.
නිවාස 25000ක් ඉදිකෙරෙන අතර මුල් අදියරේදී නිවාස 15000 ක් සාදා නිම කිරීමට නියමිතය. ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන පත්‍රිකාව අනුමත වුවහොත් කඩිනමින් මුල්ගල් තබා නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන බව දේවානන්ද මහතා පැවසීය.
යුද්ධයෙන් විනාශ වී ඇති නිවාස ව්‍යාපෘතිය නැවත සකස් කෙරෙන නිවාස වැඩපිළිවෙල යටතේ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ පවුල්, අතුරුදන් වූවන්ගේ පවුල්. පුනරුත්ථාපනය කර සමාජ ගත කළ පවුල්, අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා මෙම නිවාස ලබා දීමට සැළසුම් කර තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
යුද්ධයෙන් විනාශ වූ උතුරේ නිවාස කඩිනමින් ඉදිකරන වැඩ පිළිවෙළක්