IMG-LOGO

මේ වසරේ ශ්‍රී ලංකන් අලාභය ඩොලර් කෝටි 16යි

සමාගමේ යානා විසිහතරම  කල්බදු පදනමින් ගත් ඒවා  

(අජන්ත කුමාර අගලකඩ)   

 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම වසරේ අලාභය ඇමෙරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 155.55 ) වනු ඇතැයි ගණන් බලා ඇත.   

 ලොවපුරා බලපා ඇති කොවිඩ් අර්බුදය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදය තව තවත් උග්‍ර අතට පත්කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.   


 සමාගමේ වාර්ෂික වාර්තාව අනුව, අලාභය අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය සමාගමක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත්ව ඇතැයි එම අමාත්‍යාංශය වාර්තාවක් මගින් දැනුම් දී ඇත. 

 
 ඉකුත් 2017 වසරේ ඇමෙරිකානු ඩොලර් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වූ අලාභය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි නවයක් දක්වා වර්ධනය වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.   
 ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශ්ව සඳහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි සීයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.   


 සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 24ක් වන අතර, එම යානා සියල්ලම කල්බදු පදනමෙන් ලබාගෙන ඇති ඒවා බව ද සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.  

 

 



අදහස් (0)

මේ වසරේ ශ්‍රී ලංකන් අලාභය ඩොලර් කෝටි 16යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site