IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මේ දිනවල පැතිරෙන උගුරේ අමාරුව

 

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු වන්නා සේ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇතැම්විට උණ නොවැළඳුන රෝගියෙකු නොමැති තරමට වර්තමානයේ වෛරස් ආසාදන තත්ත්වයක් පැතිර යමින් තිබේ. 


උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය, උගුරේ ආසාදන, වමනය, මස් පිඬු වේදනාව, ඇඟපත වේදනාව ආදි රෝග ලක්ෂණ ඇති කරමින් ආරම්භ වන මෙම වෛරස් රෝගය ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගි තත්ත්වයක් බව වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දේ.


සෑම වසරකම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී සහ මැයි, ජුනි, ජුලි මාසවලදී ව්‍යාප්තිය සිදුවන මෙම වෛරසය, කිසිසේත්ම මාරාන්තික රෝගයක් වන්නේ නැත. නමුත් වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙන්නේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට සැළකිළිමත් වීම සහ ආරක්ෂාවීම ඉතා වැදගත් බවය. 


අවදානම් පිරිස
විශේෂයෙන්ම ගැබිනි මව්වරු, වයස අවුරුදු 65ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන් වෛරසය ශරීරගත වීමෙන් අවදානම් තත්ත්වයන්ට පත්විය හැකි බව හඳුනාගෙන තිබේ. මීට අමතරව දියවැඩියාව, හෘදයාබාද, පිළිකා, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත්, වකුගඩු, අක්මා බද්ධ කිරීම් වැනි බරපතළ සංකූලතාවයන්ට මුහුණදුන් පුද්ගලයන්ටත් වෛරසය ආසාදනය වීමෙන් බරපතළ සංකූලතාවයන්ට මුහුණදීමට සිදුවේ.


එවැනි අවදානම් සහිත කණ්ඩායම්වලට මෙම වෛරසයෙන් ගැටලු පැන නගිනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින දුර්වලතා නිසාය.


ගැබිනි මව්වරුන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පරෙස්සම් වීම අතිශයින්ම වැදගත්ය. මොවුන්ට රෝග ලක්ෂණ ඇති වූ පළමු දිනයේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනෑකමින් කළ යුත්තකි.


වෛරසයේ ස්වභාවය
ඉන්ෆ්ලුවෙන්සා යනු වෛරසයකි. එහි ්ගඊගක්‍ග නමින් වෛරස් කාණ්ඩ කිහිපයක් ඇති අතර ්්‍ය1භ1 වෛරසය තරමක් අවදානම් වෛරසයක් වේ. අනෙකුත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් ඇතිවෙන උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව දින දෙක තුනකින් සුව වන නමුත් ්්‍ය1භ1 වෛරසය නිසා ඇතිවෙන උණ තත්ත්වය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව සංකූලතා ඇති කරමින් දින ගණනක් පැවැතීම රෝගයේ ස්වභාවයය. 


ඉන්ෆ්ලුවෙන්සා ්්‍ය1භ1 වෛරසය වායුගෝලයේ සාමාන්‍ය පරිසරය තුළ පැය දෙකේ සිට පැය හතක් දක්වා කාලයක් පවතින අතර එම නිසාම වෛරසය ආසාදනය වීමේ හැකියාවද පවතිනුයේ ඉහළ මට්ටමකය.


මෙම වෛරසය ශ්වසන මාර්ගයෙන් සිරුරට ඇතුළු වූ විට පෙන්නුම් කරන්නේ සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර රිදීම, කිවිසුම් යාම වැනි ලක්ෂණය.


සාමාන්‍යයෙන් එවැනි රෝග ලක්ෂණ දින දෙක තුනකින් අඩුවී යන නමුත් ඉන්ෆ්ලුවෙන්සා ්්‍ය1භ1 වෛරසය ආසාදනය වී ඇති විටෙක දින දෙක තුනකදී රෝග ලක්ෂණ වැඩිවේ. කැස්ස ඇතිවී දිගින් දිගටම කැස්ස පවතින නිසා රෝගය බරපතළ වන බවක්ද පෙන්වයි.


කුරුලු උණද ඉන්ෆ්ලුවෙන්සා පවුලේ රෝගි තත්ත්වයක් වන අතර ඉහතින් සඳහන් කළ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා මගින් මෙන් අවදානම් තත්ත්වයක් ඇති නොවේ.


රෝගය ඇතිවීමට බලපාන හේතු
මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල නිතර ගැවසීම 
රෝග වෛරසය ආසාදිත රෝගියෙකු කසින විට, කිවිසුම් යන විට, පරිසරයට එකතු වන කෙළ බිඳිති මගිනි.
රෝගය ආසාදිත වූවන් ඇස්, මුහුණ හා කට අතින් ස්පර්ශ කිරීමෙන්
රෝග වෛරසය ශරීරගත වූවන් විවේක නොලබා ජනයා ගැවසෙන ස්ථානයන්ට යෑම.


ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මතුවූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු නොවී සුළු සුළු ප්‍රතිකර්ම යෙදීමද රෝග උත්සන්නවීමට බලපානා කරුණු අතර වේ. 


වෛරසය ඇතුළු වෙන්නේ කෙසේද?
කාලයෙන් කාලයට විවිධ වෛරස් වර්ග ශරීරයට ඇතුළු වන අතර එලෙසින් වෛරස් ඇතුලත් වන ක්‍රම විවිධය. වාතය මගින්, කෙළ බිඳිති මගින්, ජලය හා ආහාර මගින් මෙන්ම ලිංගිකත්වයෙනුත් වෛරස් ශරීරයට ඇතුළත් වේ. එහෙත් ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණට මූලිකම හේතුවක් වන්නේ වාතය මගින් වෛරස් පැතිර යාමය. කෙසේ නමුත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයේදී වෛරසය පැතිරීම බහුලව දක්නට ලැබෙන්නේ කැස්සෙන්, කිවිසුම්යාමෙන් වාතයට මුදා හැරෙනා කෙළ බිඳිති, සොටු දියර මගිනි. 


රෝගය වළක්වා ගැනීමට 
නිවසේ පුද්ගලයකුට හෝ තමන්ට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය වැළඳුණහොත් නිවසේ කාමරයට වී හුදකලාව විවේක ගැනීම වඩා සුදුසුය. විවේක ගන්නා අතරතුර නිසි ප්‍රතිකාරවලටද යොමුවිය යුතුය. රෝගී වූ පුද්ගලයා හුදෙකලාව විවේකීව සිටීමෙන් රෝගය සුවවීමට පහසු වෙනවා සේම රෝගය දුන් අයට පැතිරීමද වළක්වා ගත හැකිය.


රෝගය ඇතිවූ විට හුස්ම ගැනීමේ වේගය වැඩි වන්නේ නම් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ නම් වහාම රෝහල්ගත වීම හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා ඉක්මණින් කළ යුතුය.


ගර්භනී මාතාවන් සහ කුඩා දරුවන් අත්‍යවශ්‍යම කාරණයකට හැරුණු කොට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයන්ට හෝ පොදු වාහනවල නොයා සිටීම රෝගය වැළඳීම වළක්වා ගත හැකි පහසු ක්‍රමයකි. 


රෝග ලක්ෂණ සුළුකොට තැකීමෙන් (කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව) නියුමෝනියා තත්ත්වයන්ට පත්විය හැකි බැවින්, රෝග ලක්ෂණ පහළ වූ වහාම සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමට උත්සාහ දැරිය යුතුය.


වෛරසය ආසාදිත වූවන් නිතරම දෙඅත් පිරිසුදුව තබා ගත යුතු අතර භාවිතා කරනා ලේන්සු ආදිය නිතරම පිරිසුදුව තබා ගැනීමට වගබලාගත යුතුය.


ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ආරක්ෂිතව බැහැර කිරීමද වැදගත්ය.

සටහන
අසුන්තා එදිරිසූරිය



අදහස් (4)

මේ දිනවල පැතිරෙන උගුරේ අමාරුව

සුරේස් Friday, 15 February 2019 02:40 AM

කටහඩ ගොරොසු වෙනවාද?

:       0       5

sharm warn Wednesday, 22 January 2020 07:51 AM

හෝමියෝපති ප්‍රතිකාර වලින් සාර්ථක සුවයක් ලබා ගන්නට හැකිය. එසේම කල් අල්ලන කැස්සෙන් මිදෙන්න මී පැණි මේස හැන්දක් දෙහි ඉස්ම සමග දිව ගාමින් බොන්න. තල් සුකිරි , සාමාන්‍ය සුකිරි භාවිතයත් නොකඩවා උණු වතුර පානයත් ඉක්මන් සුව ලැබීමට උදව් වෙයි . අත්දැකීමෙන් කියමි.

:       0       8

E.l.S.Athugala Monday, 04 May 2020 07:41 AM

මටත් මේක තියෙනවා අදට දවස් දෙකයි. කතා කරද්දි, කෑම ගන්නකොට, හරිම වේදනයි. උණ නැහැ ඒත්. හරියට තුවාලයක් වෙලා වගේ.

:       1       2

පුබුදු Tuesday, 29 November 2022 02:23 PM

අපේ ගෙදර හැමෝටම වෛරස් උන හැදිලා එපා වෙන ලෙඩක් මේක

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4735 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 110 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 115 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 170 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 908 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 310 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 317 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site