IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහ ඡන්දය තවත් කල්යයි?කුඩා රැස්වීම් තියන්නත් සෞඛ්‍ය අංශ විරුද්ධයි

(අජන්ත කුමාර අගලකඩ)  

කල්දමනු ලැබූ මහ මැතිවරණය ලබන ජූනි මස 20 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරනු ලැබූව ද, පවතින තත්ත්වය අනුව එදින ද මැතිවරණය පැවැත්වීමට හැකිවේද යන්න ගැටලුවක් බව වාර්තා වේ.  


දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කිරීමෙන් පසුව, සතියකින් පමණ රට සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි යන උපකල්පනය මත මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට දින නියම කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් සතියේ පැවැති රූපවාහිනි සංවාදයකදී ද ප්‍රකාශ කළේය.  

අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කර, අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දින 35ත් 49ත් අතර තුර දිනකදී ඡන්දය පැවැත්විය යුතු බවත්, ඒ අනුව දින 49 උපරිම දින ගණන සැලකිල්ලට ගෙන ලබන ජූනි මස 20 දිනය මැතිවරණය සඳහා තීරණය කළ බවත්, කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී කීවේය.  


මේ අතර ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා කුඩා රැස්වීම් හෝ පැවැත්වීමට හැකි තත්ත්වයක් තවමත් නැති බව සෞඛ්‍ය අංශ ද මැතිවරණ කොමිෂන් සභාවට පසු ගිය සතියේ දැනුම් දී තිබිණි.  


මේ තත්ත්වය තුළ කොරෝනා වසංගතය ලබන මස මුල සතිය වෙනවිට හෝ පාලනය නොවුණහොත් මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්විය නොහැකිවෙනු ඇතැයි දැනගන්නට ඇත.  
එසේ වූවහොත්, මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය සඳහා වෙනත් දිනයක් නියම කරන්නට සිදුවෙනු ඇත. 

 
අපේක්ෂා නොකළ අන්දමේ විශේෂ තත්ත්වයක් ඇති වූවහොත්, මැතිවරණය කල් දැමීම සඳහා රීති හැඳීමේ බලය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 129 වැනි වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා එම රූපවාහිනි සංවාදයේදී සඳහන් කළේය.  


1981 අංක 126 වැනි පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 129 වගන්තියේ එය මෙසේ සඳහන් වේ.  


‘මේ පනතේ කවර හෝ විධිවිධානයක් ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමෙහිලා යම්, දුෂ්කරතාවයක් උද්ගත වූවහොත් යම් විශේෂ හෝ අනපේක්ෂිත කාරණයක් සඳහා විධිවිධාන සැලැස්වීමේ නැතහොත් යම් ප්‍රශ්නයක් හෝ කාරණයක් තීරණය කිරීම පිණිස හෝ සැකසුම් කිරීම පිණිස මේ පනතින් විධිවිධාන සලසා නොමැත්තේ ද නැතහොත් ඵලදායි ලෙස විධිවිධාන සලසා නොමැත්තේ ද ඒ ප්‍රශ්නය හෝ කාරණය තීරණය කිරීම පිණිස හෝ සාකච්ඡා කිරීම පිණිස විධිවිධාන සැලැස්වීමේ අදහස ඇතිව අවශ්‍ය යැයි සලකන සියලු විධාන ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නිමයක් මගින් කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකිය.’ යනුවෙන් එම වගන්තියේ සඳහන් වේ.  

 



අදහස් (0)

මහ ඡන්දය තවත් කල්යයි?කුඩා රැස්වීම් තියන්නත් සෞඛ්‍ය අංශ විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site