(දයාසීලි ලියනගේ)
විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදෙන මහපොළ අරමුදලෙන් රුපියල් මිලියන 440ක මුදලක් බැඳුම්කර ගනුදෙනුවට යොදාගෙන ඇති බව වාර්තා වේ.
වර්ෂ 2015දී මෙම මුදල් යොදා ගෙන තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
හිටපු උසස් අධ්‍යාපන ඇමැති අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පයක් මත පිහිටුවන ලද මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන්ට මාසිකව රුපියල් 5000ක මුදලක් ලබා දෙයි.
මෙම අරමුදලේ පොලියෙන් විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර මුදල් පිරිනමනු ලබයි.
මෙම අරමුදලෙන් රුපියල් මිලියන 440ක මුදලක් බැඳුම්කර ගනුදෙනුවට ලබාගෙන ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
විශ්‍වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුදල් යොදාගත් කාල සීමාව තුළදීම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මුදල් ද යොදා ගෙන තිබෙන බව අනාවරණය වී ඇතැයි ද තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙනුත් මිලියන 440ක් බැඳුම්කරයට ඇදලා