(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර 2016 දී ඇති කර ගන්නා ලද ණය ගිවිසුමට අනුව මේ වසර මුල් කාර්තුවේදී ලබාදිය යුතු අවසාන ණය කොටස ලබා නොදුන්නොත් අය-වැය සැකසීම බරපතළ ගැටලුවක් වනු ඇතැයි වාර්තාවේ.
වාරික හයකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹී සිටින අතර එම ගිවිසුම ලබන අප්‍රේල් මාසයෙන් අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
මෙම අවසාන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙතෙක් දැනුම් දීමක් කර නැතැයි ද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම ණය මුදල නොලැබුණහොත් පොහොර සහනාධාරය, වැටුප් වැඩි කිරීම, සමෘද්ධි ආධාර වැඩි කිරීම ආදී වශයෙන් සහන දෙන බවට රජය කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යයක් වනු ඇතැයි ද ඔහු කීය.
අවසාන වාරිකය වශයෙන් ඇෙමරිකානු ඩොලර් මිලියන 169ක් ලැබීමට නියමිතව ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මූල්‍ය අරමුදලේ වාරිකය නාවොත් අයවැයට ගැටලුවක්